Thursday, May 2, 2024

“අයිතීන් මැඩළීමට විධායකයට බලය දෙන, මර්දනකාරී නව ත්‍රස්ත පනත සංසෝධනය කරන්න” – එ.ජා. මහ කොමසාරිස් කාර්‍යාලය

රවීනා ශාම්දාසනි (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ප්‍රකාශක)

19.01.24.

කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරමු. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්‍රවේශයේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතු නමුත්, මෙම යෝජිත නීතිය ඒ වෙනුවට අතීතයේ සිට උල්ලංඝණ රටා පවත්වාගෙන යාමේ අවදානමක් ඇත.

යෝජිත නීතිය පුලුල්ව කෙරුණු විවේචන වලින් පසුව ඉවත් කරන ලද පෙර කෙටුම්පත් වලට සැලකිය යුතු ලෙස සමාන වේ. එය “ත්‍රස්තවාදයේ” ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරයි; විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමා කරයි; සහ අනෙකුත් ගැටළු සහගත විධිවිධාන අතර රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කරයි.

පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, එවැනි බලතල අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් නොමැතිව, අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට අධික බලතල ලබා දෙනු ඇත. එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීමට ආරක්ෂක අංශවලට ඇති  නීති අඩාල කරනු ඇත. එය   නඩු විභාගයට පෙර  දීර්ඝ කාලයක් අත්අඩංඟුවේ තබා ගැනීමට අවසර දෙනු ඇත.

පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස සංශෝධනය කර එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස සැකසීමට  සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අර්ථවත් ලෙස  සකච්ජා කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

(නිල පරිවර්ථනයක් නොවේ. ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි)

Archive

Latest news

Related news