Thursday, May 2, 2024

දේශබන්දුගේ පොලිසිය සිවිල් ඇදුමින් පැමිණ රියදුරකුට වෙඩි තබා මරයි!

ඡායාරූපය: වෙඩිතබා රියදුරකු මරා දැමූ සිවිල් ඇදුමින් ආ පොලිස් නිලධාරියා
සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයෙකු මහමග ගමන් කරමින් තිබූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් නවත්වන ලෙස සංඥා කිරීම නොතකා ධාවනය කළේ යැයි වෙඩි තබා රියදුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හට ගෙන තිබේ.

මෙම ඝාතනයත් සමඟ කුපිත වූ ගම්වාසීන් පොලිසියට ප්‍රහාර එල්ල කිරීම හමුවේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය කැඳවා තත්වය පාලනය කළද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉදිරිපත් කරන ප්‍රබන්ධ පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ඔහු සඳහන් කරන ආකාරයට අණ නොතකා ධාවනය කිරීම යන්න සිවිල් ඇඳුමෙන් සැරදී සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වලංගු වන්නේ කෙසේදැයි ප්‍රශ්න කෙරෙමින් පවතී. එසේම එම වාහනය හඹා ගියේ නම් වාහනයේ රෝදවලට වෙඩි නොතබා රියදුරු ඉල්ලක කර වෙඩි තැබුවේ මන්දැයි තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් මතුව ඇත. එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ඉබේ ක්‍රියාත්මක වූයේ නම් රියදුරු ඉලක්ක වන්නේ කෙසේදැයි තවත් ප්‍රශ්නයක් මූලික වශයෙන් මතුවී තිබේ.

පොලිසිය හිතමාතාම ප්‍රබන්ධ ආකාරයෙන් මෙම අපරාධය යට ගැසීම සඳහා ගෙන යන ප්‍රයත්නය සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට විවිධ ක්ෂේත්‍රවලින් යොමු වී ඇත. නීතිය අතට ගෙන හිතුමතයේ ක්‍රියාත්මක වන පොලිසියට ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලබාදීම පිළිබඳවද මේ වනවිට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

ලංකා ට්රුත් අඩවියෙනි.

වෙඩි තැබීමට අදාල වීඩියෝව

මේ සම්බන්දයෙන් බීබීසීසංහල සේවය පල කරනලද වාර්තාව පහත දැක්වේ

පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් සමාජයේ ජීවත් වන සිවිල් ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳ දිනෙන් දින වැඩිවශයෙන් වාර්තා වෙමින් ඇති පසුබිමක ඉතා ඛේදජනක සිද්ධියක් ඊයේ ( ජනවාරි 18 වැනිදා) රාත්‍රියේ නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා විය.

නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු (ජනවාරි මස 18 වැනිදා) ජීවිතක්ෂයට පත්විය.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත තිබුණු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්වුයේ නාරම්මල ප්‍රදේශයේම පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය බීබීසී සිංහල සේවයට තහවුරු කරන ලදී.

නාරම්මල දී සිදුවුයේ කුමක්ද ?

ජනවාරි මස 18වැනිදා, නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු නාරම්මල ප්‍රදේශයේ මාර්ගයක රැඳී සිටියදී එහි ගමන් කරමින් තිබු ලොරි රථයක් නවත්වන ලෙස රියදුරුට සංඥා කර ඇතැයි පොලිසිය පවසයි.

ඉන් අනතුරුව අදාළ ලොරි රථය නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ පිහිටි එළවලු වෙළෙඳසැලක් ආසන්නයේදී නවතා පරික්ෂා කිරීමට උත්සහ කිරීමේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ අතේ තිබු ගිනි අවිය හදිසියේ ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පවසයි.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ සිටි 41 ක් හැවිරිදි පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය සඳහන් කළේය.

මෙම සිදුවීමෙන් මියගොස් ඇති පුද්ගලයා වෘත්තිමය වශයෙන් වඩු වැඩ සහ සුළු ව්‍යාපාර සිදුකරන අයෙකු බවත් ඔහු කටුපොත ප්‍රදේශයේ සිට තම නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බවත් කරුණු අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ සිටි 41 ක් හැවිරිදි පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ සිටි 41 ක් හැවිරිදි පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය සඳහන් කළේය.
 

‘හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ’

මෙම සිදුවීමෙන් පසු එම වෙළෙඳසැල අසල සිටි පුද්ගලයෙකු තමන්ගේ ජංගම දුරකථනයෙන් එහිවූ සිදුවීම වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණි.

එහිදී අදාළ ලොරි රථය පසුපස හඹා ආ බව කියන උප පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ අත රැඳී තිබු ගිනි අවිය එම වීඩියෝවේ දැක්වෙයි.

එහිදී එම උප පොලිස් පරීක්ෂක නිලධාරියා විසින් එම ස්ථානයේ සිටි පිරිසගෙන් වෙඩි වැදුනු පුද්ගලයා මියයන්නට ඇත්දැයි විමසන ආකාරය සහ සිදුවීමට හේතු කියා සිටින අයුරු අදාළ වීඩියෝවේ පටිගත වී ඇත.

"හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ" යනුවෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එහි සිටි පුද්ගලයින් පිරිසකට ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
“හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ” යනුවෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එහි සිටි පුද්ගලයින් පිරිසකට ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

“හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ” යනුවෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එහි සිටි පුද්ගලයින් පිරිසකට ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වුවද වෙඩි තැබීමෙන් පසු අදාළ උප පොලිස් පරීක්ෂකවරයා සිය යතුරුපැදිය ගෙන එම ස්ථානයෙන් පිටව යාමට උත්සහ කළ අවස්ථාවදී එහි සිටි ජනතාව විරෝධය පළකරමින් ඔහුව එම ස්ථානයේ රඳවා ගන්නා අයුරු ෆේස්බුක් ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වේ.

‘එයා කොහොමද එහෙම වෙඩි තියන්නේ ?’

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී සිදුවූ මෙම සිද්ධියේදී උප පොලිස් පරීක්ෂකවරයාට ගිනි අවිය භාවිත කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

“මෙතැනදී ලොරි රථයේ සිටි පුද්ගලයාගෙන් පොලිස් නිලධාරීයාට එරෙහිව කිසිම අභියෝගයක් හරි කිසිම ප්‍රතිරෝදයක් එල්ල වෙලත් නැහැ.”

“පොලිස් නිලධාරියාට ගිනි අවියක් භාවිත කරන්න තරම් කිසිම දෙයක් වෙලා නැහැ.”

“එයා කොහොමද වෙඩි තියන්නේ ? ඒ නිසයි අපි එයාව ඇරස්ට් කළේ.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

බීබීසී සිංහල

Archive

Latest news

Related news