Sunday, April 28, 2024

2021 සිට සොල්දාදුවන් 30,000ක් හමුදා අතහැර පැන ගිහින්!

2021 වසරේ සිට ත්‍රිවිධ හමුදාව 30,000ක් පමණ හැර ගොස් ඇති බව ඉයේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙහි දී (COPF)  අනාවරණය වී තිබේ.

හමුදාවට ආහාර සපයන්නන්ට හිඟ ගෙවීම් පියවීම සඳහා යොදා ගැනීමට නියමිත රුපියල් බිලියන 16.5 ක පරිපූරක ඇස්තමේන්තුව සාකච්ඡා වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

COPF රැස්වීමට සහභාගී වූ ආරක්ෂක හමුදා නිලධාරීන් දන්වා සිටියේ එක් ආරක්ෂක අංශ සාමාජිකයෙකුට දිනකට කැලරි 3400 ක්  ලැබෙන ආහාර අවශ්‍ය බවයි.

ආරක්‍ෂක අංශවලට අවශ්‍ය පෝෂණය සැපයීම සඳහා ආහාර මිලදී ගැනීම අපහසු බව ඔවුන් COPF වෙත දන්වා තිබුණි.

COPF ප්‍රධානී හර්ෂ ද සිල්වා මහතා එම අරමුදල් ඵලදායි ලෙස භාවිතා කරන බවට සහතික විය යුතු බව අවධාරණය කළ බවද වාර්තා වේ.

Archive

Latest news

Related news