Saturday, April 27, 2024

ඡායාරූප කතාව: මාධ්‍යවේදීන්ට එරෙහි ඊශ්‍රායල-ගාසා යුද්ධය

රූපය: නොවැම්බර් 19දා අවමංගල්‍ය උත්සවයකදී, පලස්තීනුවන් නොවැම්බර් 18දා මධ්‍යම ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන හසූනේ සලීම් සහ සාරි මන්සූර් ගැන ශෝක වෙති. (ඡායාරූපය: රොයිටර්/ස්ට්‍රිංගර්)

(මෙම ලිපිය නිවියෝර්ක් නගරයේ පිහිටි ජනාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව CPJ  විසින් ඉංග්‍රිසි බසින් පල කරන ලද්දකි.  ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් කරන ලද සිංහල පරිවර්ථනය සමග මුල් ලිපියේ සඳහන් සැබැදි වලට පිවිසීම සඳහා එම සබැදි අඩංඟු පද ඉංගිසි බසින් ඇතුලත් කර ඇත.)

ඊශ්‍රායල-ගාසා යුද්ධය, ගැටුම වාර්තා කරන මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් වැසියන්ට විනාශකාරී වී තිබේ. ගැටුම් කිහිපයක් වසර ගණනාවක් පුරා මාධ්‍යවේදීන් සිය ගණනකගේ (journalists’ lives) ජීවිත බිලිගෙන ඇතත්, 1992 සිට එකතු කර ඇති CPJ දත්ත ( CPJ data) අනුව මෙතරම් කෙටි කාලයක් තුළ වෙනත් කිසිදු යුද්ධයක් මෙතරම් මාධ්‍යවේදීන්ගේ ජීවිත බිලිගෙන නැත. සටන් ආවරණය කිරීම සඳහා අන්ත, හද කම්පා කරවන, සහ සමහර විට මාරාන්තික තත්වයන් යටතේ වැඩ කරන මාධ්‍යවේදීන්ගේ පින්තූර මෙහි දැක් වේ. ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලයට එරෙහිව හමාස් සිය පෙර නොවූ විරූ ප්‍රහාරයක්  (attack) දියත් කළ අතර ඊශ්‍රායලය සටන්කාමී පලස්තීන කණ්ඩායමට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් (declared war) සමඟ අවහිර කරන ලද ගාසා තීරයට ගුවන් ප්‍රහාර සහ භූමි ප්‍රහාර (air strikes and ground raids ) දියත් කළේය.

Archive

Latest news

Related news