Sunday, April 28, 2024

රනිල් රාජපක්ෂ- අයිඑම්එෆ් ඊපිඑෆ් කප්පාදුවට ජනගහනයෙන් සියයට 77ක් විරුද්ධ බව ජනමත සමීක්ෂනයක් පෙන්වයි!

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) විශ්‍රාම ඉතුරුම් මත ප්‍රතිලාභ අඩු කිරීමට රජය ගත් තීරණය අසාධාරණ සහ  අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 77%ක් ප්‍රකාශ කර ඇති බව Syndicated Surveys නම් මත විමසුමට අනුව, Verité Research දක්වයි.

ප්‍රතිචාරකයිනට ලබා දෙන ලද ප්‍රකාශ මේවාය: “ණය අර්බුදයෙන් ගොඩ ඒමට උදව් කිරීම සඳහා, රජය EPF හි විශ්‍රාම ඉතුරුම් මත ප්‍රතිලාභ අඩු කළේය.”

ඉන්පසු ඔවුන් වෙත ප්‍රකාශ දෙකක් ඉදිරිපත්කරන ලදී. එනම්  ප්‍රතිලාභ අඩු කිරීම අත්‍යවශයය. සාධාරණය යනුය.

විමසම ලද්දේ එම එක් එක් ප්‍රකාශය  සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහසය.

සමීක්‍ෂණය සාධාරණ ක්‍රමයකට සිදු කළ බවත් වෙරිටේ රිසරච් පවසයි.

ප්‍රතිචාරකයින්ගෙන් 10% ක් පමණක් ප්‍රකාශ දෙකටම එකඟ වී එය අවශ්‍ය සහ සාධාරණ ආකාරයකින් කළ බවට ප්‍රකාශ කලේය.

ප්‍රතිචාරකයින්ගෙන් 13% කට මෙම ප්‍රශ්නය ගැන අදහසක් තිබූයේ හෝ  දැන සිටියේ නැත.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 44% ක් ප්‍රකාශ දෙකටම එකඟ නොවූ අතර 33% ක් ඔවුන් කියවන ප්‍රකාශ දෙකෙන් එකකට එකඟ නොවීය.

ඉන් අදහස් වන්නේ ප්‍රතිචාරකයින්ගෙන් සියයට 77ක් සේවක අර්ථ සාධක අරමුදලට ලබා දෙන ප්‍රතිලාභ අඩු කිරීමට විරුද්ධ බවයි. ඊට පක්ෂ සියයට 10ක් පමණි.

මෙම සමීකු්ෂනය පෙන්වන්නේ මෙරට ජනතාවගෙන් සියයට 77ක් රනිල් රාජපක්ෂ සහ මුල්‍ය අරමුදලේ එකී පිළිවෙතට විරුද්ධ බවයි.

ඉන්

ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් මාසයේදී අද්විතීය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් (DDR) සම්පූර්ණ කළ අතර, දේශීය මුදල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විධිමත් අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අර්ථසාධක අරමුදල් පමණක් ඉලක්ක කර ඇත.

එම ප්‍රතිලාභ කපා හැරීමෙන් බැංකු සහ මූල්‍ය අංශ මෙන්ම පුද්ගලික ණය දෙන්නන් සහ බොහෝ රාජ්‍ය අංශයේ සේවකයින් බැහැර කරන ලදී.

මෙමගින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ලා නව ගෝලීය පූර්වාදර්ශයක් තබා ඇත්තේ විශ්‍රාම අරමුදල්වලට  වඩා අහිතකර ලෙස බවත් වෙරිටේ රිසර්ච් ප්‍රකාශ කරයි.

මෙම සමීක්ෂණය පදනම් වී ඇත්තේ ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,029 දෙනෙකුගෙන් දිවයින පුරා ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මතය.

Archive

Latest news

Related news