Saturday, April 27, 2024

නිදහස ලද ඊශ්‍රායල ප්‍රණ ඇපකාරියක සිය දියණිය වෙනුවෙන් හමාස් සොල්දාදුවන්ට ලියූ ලිපිය!

ඡායාරූපය: මව ඩැනියල්, දියණිය එමිලියා සහ ලියුම.

හමාස් සංවිධානය විසින් පසුගිය ඔක්තෝබර 07 දින පැහැර ගන්නා ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකාරියක නිදහස ලැබීමට පෙර හමාස්  සංවිධානය වෙත ලියූ  සංවේදී ලිපියක සිංහල පරිවර්තනය පහත පළවේ! 

“පසුගිය සතිවල මා සමඟ පැමිණි ජෙනරාල්වරුන්ට ලියමි. අපි හෙට වෙන්ව යන බව පෙනේ. නමුත් මගේ දියණිය එමිලියා කෙරෙහි ඔබ දැක්වූ අසාමාන්‍ය මනුෂ්‍යත්වයට මම ඔබට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

“ඔබ ඇයට මාපියන් මෙන් වූ අතර, ඇයට ඉල්ලා සිටි සැම විටම ඔබේ කාමරවලට ඇයට ආරාධනා කළේය. ඔබ සියල්ලන්ම ඇගේ මිතුරන්, යහළුවන් පමණක් නොව, සැබවින්ම ආදරණීය සහ යහපත් අය ලෙස හැඟෙන බව ඇය පිළිගනී.

ඔබ අපව රැකබලා ගන්නන් ලෙස ගත කළ පැය ගණනට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි.

ඇය සමඟ ඉවසීමෙන් සහ රසකැවිලි, පලතුරු ඉතා දුලබ වි තිබියදීත්   විට පවා ඇයට ලබා දීම ගැන ඔබට ස්තූතියි.

ළමයින්  අත්අඩංඟුවේ නොසිටිය යුතුය.

නමුත් ඔබට සහ මෙමඟදී අපට හමු වූ වෙනත් කරුණාවන්ත මිනිසුන්ට ස්තූතියි, මගේ දුවට, ඇය ගාසාවේ රැජිනක් මෙන් දැනුණා …

පොදුවේ ගත් කල, ඇයට තමා ලෝකයේ කේන්ද්‍රය වැනි හැඟීමක් ඇති වුණා. අපගේ මෙම දිගු ගමනේදී, තරාතිරමේ සිට නායකත්වය දක්වා, ඇයට මුදු මොළොක් බවින්, සෙනෙහසකින්, ආදරයෙන් සැලකුවේ නැති කිසිවකු ඇයට හමු වී නැත.

ඇය මෙතැනින් පිටව යන්නේ ජීවිත කාලය පුරාවටම පවතින්නට තිබූ මානසික කම්පනයකින් තොරවය.  ඒ වෙනුවෙන් මම සදාකාලිකව කෘතවේදී සිරකාරියක වනු ඇත. ගාසා තීරයේදී ඔබ මුහුණ දුන් දුෂ්කර තත්ත්වයන් සහ ඔබට සිදු වූ දරුණු පාඩු නොතකා මෙහි දී ලබා දුන් ඔබේ කාරුණික හැසිරීම මට අමතක නොවේ.

මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ අපිට ඇත්තටම හොඳ යාළුවෝ වෙන්න පුළුවන් නම් කියාය.

ඔබ සැමට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි… ඔබටත් ඔබේ පවුලේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය සහ ආදරය පතමි

බොහෝම ස්තූතියි.

ඩැනියල් සහ එමිලියා

පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය විසිනි.

Jackson Hinkle  @jacksonhinklle ගේ එක්ස් සටහනක් අසුරිනි.

( මෙම ලිපිය පළ කිරීම  හමාස් සංවිධානය විසින් නිරායුධ ජනයා පැහැර ගැනීමත් රඳවා තබා ගැනීමත් ශ්‍රී ලංකා බ්‍රිෆ් අනුමත කිරීමක් නොවන බව සළකන්න. කවර යුද පාර්ශවයක් විසින් හෝ නිරායුධ ජනයා ඝාතනය කිරීමත් යුද්ධයේ කවර හෝ ඉලක්කයක් බවට පත් කිරීමත්  මානව හිමිකම් කෙළෙසීමකි. එසේ නමුත් බටහිර අධිපති මාධ්‍ය සහ ඊශ්‍රාලය විසින් පින්තාරු කරන පලස්තීනුවන්ට එරෙහිව ගෙන යන විසකුරු ප්‍රහාරය හමුවේ මෙවැනි මානවවාදී නිදර්ශන පළ කිරීම වැදගත් යැයි කල්පනා කරමු – ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news