Sunday, April 28, 2024

චින අසූචි පොහොර වංචාව: ලංකාවට වූ පාඩුව රු. බිලයන 1.3ක්!

ගෝඨාභය පාලනය යටතේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා චීන සමාගමකට රුපියල් බිලියන 1.3 ක දැවැන්ත මුදලක් ගෙවා ඇත්තේ එම පොහොර යෝග්‍යභාවය පිළිබඳ තීරණාත්මක පරීක්‍ෂණවලින් අසමත් ව තිබියදී සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා නොගෙන  බව 2022 වාර්ශික විගණන වාර්තාව පෙන්වා දෙයි.

මෙම දුෂිත ගනුදෙනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය විමතියට පත් කර ඇති අතර, වගවීම සහ නිසි  ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න මතු කරයි.

විගණකාධිපතිවරයාගේ 2022 වාර්ෂික  වාර්තාවට අනුව, 2021/2022 මහ කන්නයේ හෙක්ටයාර 500,000ක් පුරා භාවිතයට අදහස් කරන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ආනයනය කර ඇත්තේ ශාක ආරක්ෂණ පනත අංක 35 ප්‍රකාරව අනිවාර්ය ශාක සනීපාරක්‍ෂක සහතිකය සහ ආනයන බලපත්‍රය ලබා ගැනීමකින් තොරවය.

 මෙම අධීක්‍ෂණය නියාමන ක්‍රියා පටිපාටි උල්ලංඝනය කිරීමක් පමණක් නොව කන්නය සඳහා කෘෂිකාර්මික නිෂ්පාදනය ද අනතුරට ලක් කර ඇත. ආනයනික කෘෂිකාර්මික යෙදවුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීමේ තීරණාත්මක පියවරක් වන ජාතික ශාක නිරෝධායන නියැදි පරීක්ෂණ, අදාළ චීන කාබනික පොහොර සඳහා අසාර්ථක වූ බව ද වාර්තාව දක්වයි.

මෙම දෝශ නොතකා පොහොර ආනයනය කිරීම නිසා රුපියල් මිලියන 1,383 ක දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු වූ අතර ගොවි ප්‍රජාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණි. ස්ථාපිත ප්‍රොටෝකෝල පිළිපැදීමෙන් තොරව ආනයනය අනුමත කළ නිලධාරීන්ගේ කාර්යභාරය  දැන් විමර්ශනයට ලක්ව ඇති නමුත් කිසිවකුට දඩුුවම් කර නැත. 

Archive

Latest news

Related news