Friday, May 10, 2024

මාර්ගගත ක්‍රමවල සුරකෂිතභාවය පනත: වගන්ති 31ක් ව්‍යවස්තාවට විරුද්ධයි! සංසෝධන සහිත පනත සාමන්‍ය බහුතරයකින් සම්මත කළ හැකියි!! – ශ්‍රේෂ්ඨාධිරණය

අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53, 56 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 2 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

එසේ වුවත් එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

ඉහත නියෝගයට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හා එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කරමින් වැඩිම පෙත්සම් තොගයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබුවේ මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිවය. පෙත්සම් 50කට ආසන්න ප්‍රමාණයක් ගොනු වී තිබී ඇත.

ලංකා ට්රුත් වෙතිනි.

Archive

Latest news

Related news