Sunday, April 28, 2024

පොලිස් ඇමැතිගේ නම පැන්ඩෝරා පත්‍රිකාවල: ටිරන් අලස්ට බදු නොගවන වර්ජින් දූපත්හි අක්වෙරළ සමාගම් දෙකක්!

සේ. පියවර්ධන විසිනි.

බදු නොගෙවන කලු සල්ලිකරුවන්ගේ තෝතැන්නක් වන  වර්ජින් දුපත්හි, අක්වෙරළ සමාගම් දෙකක හිමිකරු ලෙස පැන්ඩෝරා පත්‍රිකා මගින් ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස් දක්වා තිබේ.

රටක පොලිසිය බාර ඇමැතිවරයා කලු සල්ලි තෝතැන්නක සමාගම් දෙකක හිමිකරු වී සිටීම මෙරට කිසිදු දේශපාලන පක්ෂයකට  තවමත් ප්‍රශ්ණයක් වී නැත.

ටිරන් අලස්ගේ නම සඳහන් වන්නේ  රහිසිගතව පවත්වා ගෙන යනු ලබන   සමාගම්වල මුල්‍ය රහස් ප්‍රථම වරට හෙළිදරව් වී දෙවසරකට පසුව නිකුත් වූ පැන්ඩෝරා පත්‍රිකා නවතම නිකුතුවෙහිය. එම සමාගෙම් දෙකෙහි සමාගම් දෙකක ප්‍රතිලාභ හිමිකරු මෙරට පොලිස් ඇමතිය.

වෙනත් රටක ඇමැතිවරයකු සම්බන්ධයෙන් මෙවැනි හෙළිදරව්වක් සිදු වී නම් දැනටමත් එම ඇමතියා සිය තනතුරෙන් ඉවත් වී සිටිනු ඇත. එනමුත් කප්පම් ගැනීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරු වූ පුද්ගලයකු ද ඇමැතිකම් දරන ශ්‍රී ලංකාවේ එවැනි දේ සිදු වන්නේ නැත.

පැන්ඩෝරා පත්‍රිකා සහ ටිරන් අලස්

ටිරන් අලස් මූලාශු නොදන්නා අති විශාල මුදලක් යුද සමයෙහි එල්ටීටීඊ සංවිධානයට ගෙන ගොස් බාර දුන් බව ප්‍රසිද්ධීයේ පිළිගත් අයෙකි.

ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස් 2017  ජූලි මාසයේ සිට බ්‍රිතාන්‍ය වර්ජින් දුපත්හි Banham Ventures Limited සහ Brompton Properties හි හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලැයිස්තුගත කර ඇති බව මෙම නවතම පැන්ඩෝරා පත්‍රිකා පෙන්වයි.

 තමා “යුරෝපීය දූපතක” අක්වෙරළ ආයෝජන ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් අගෝස්තු 15දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

අලස්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේ ප්‍රගතිය ක්ෂණිකව දැන ගැනීමට නොහැකි විය. නවතම පැන්ඩෝරා පත්‍රිකා ගැන පොලිස් පරීක්ෂකයන් අවධානය යොමු කර තිබේද යන්න  දැන ගැනීමට නැත.

ශ්‍රී ලංකාව විදේශයන්හි ප්‍රාග්ධනය මාරු කිරීම සීමා කර ඇති රටකි. නිසි අවසරයකින් තොරව සහ නිසි අවශ්‍යතාවයකින් තොරව ශ්‍රී ලංකිකයිනට අක්වෙරළ සමාගම්හි  ආයෝජනය කිරීම තහනම්ය.

2021 ඔක්තෝම්බර් මාසයේදී පළමු පැන්ඩෝරා පත්‍රිකා කාන්දුවේදී හිටපු රාජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ නම් සඳහන් වූ විට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළේය.

නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්

රාජපක්ෂට අවශ්‍ය වූයේ ඔහුගේ ලේලිය වන නිරූපමා සහ ඇගේ සැමියා සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විමර්ශන අවසන් කිරීමට අවශ්‍ය වූ නමුත් එම පරීක්ෂන වාර්තා ද මෙරට අන් බොහෝ පරීක්ෂන වාර්තා මෙන් කිසිවිටෙක ප්‍රසිද්ධියට පත් නොවීය.

සමහර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා අක්වෙරළ සමාගම් ක්‍රියාත්මක කරන බව දන්නා නමුත් විනිමය පාලනයේ පූර්ව අනුමැතිය ඇතිව බලධාරීන්. මහ බැංකු පූර්ව අනුමැතියකින් තොරව විදේශයන්හි ආයෝජනය කිරීමට නිවසේ බදු පදිංචියක් ප්‍රකාශ කරන ශ්‍රී ලාංකිකයන්ට නිදහසක් නැත.

රනිල් රාජපක්ෂගේ පොලිස් ඇමති තවමත් මෙම අක්වෙරළ සමාගම් දෙක ගැන කට ඇර කතා කර නැත. විපක්ෂයද එසේය. කුඩු කෑ අයද එසේය.

සමහර විට මෙම පැන්ඩෝරා පත්‍රිකා ගැන විමර්ශනයක් කිරීමට රනිල් රාජපක්ෂ සිය අන්තේවාසිකයින් කණ්ඩායමක් පත්කිරීමට ද ඉඩ තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (ICIJ) විසින් බීබීසී, වොෂින්ටන් පෝස්ට්, ගාඩියන්, ඩබ්ලිව්ඩීආර්/එන්ඩීආර් (ජර්මනිය) සහ වෙනත් අය සමඟ එක්ව විමර්ශනය කරන ලදී.

පැනමාව, ඩුබායි, මොනාකෝ, ස්විට්සර්ලන්තය, කේමන් දූපත් සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වැනි බදු තෝතැන්නවල අක්වෙරළ ව්‍යුහයන් සහ භාරයන් නිර්මාණය කිරීම සඳහා ධනවත් ගනුදෙනුකරුවන් විසින් කුලියට ගත් සමාගම්වල ලිපිගොනු මිලියන 11.9 ක් කාන්දු වූ ලේඛනවලට  ඇතුළත් විය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, ධනවත් සහ බලවත් පුද්ගලයන්ගේ මූල්‍ය රහස් හෙළිදරව් කළ ලොව විශාලතම අක්වෙරළ දත්ත කාන්දුව එයයි.

(ජනමාධ්‍ය වාර්තා ද ඇසුරිණි)

පැන්ඩෝරා පත්‍රිකා සඳහා සබැඳි:

https://offshoreleaks.icij.org/nodes/240552449

https://offshoreleaks.icij.org/nodes/240550426

Archive

Latest news

Related news