Saturday, April 27, 2024

රාජපක්ෂ ගජමිතුරු අලගිරාජාගේ සමාගම් මුදල් විශුද්ධිකරණයට වරදකරු වේ; යුරෝ මි. 10ක් දඩ සහ සිර දඩුුවම්

ඡායාරූපය: අලගිරාජා රනිල් රාජපක්ෂගේද ගැලවුම්කරුවෙකි.

මෙරට සියලුම රාජපක්ෂවරුන්ගේ ගජමිතුරකු වන සුබාෂ්වරන් අලිගිරාජාට අයත් ප්‍රංශ ලයිකා මොබයිල් සමාගම දූෂණ වංචා වැලක් සම්බන්ධයෙන් වරදකරු බවට ප්‍රංශ අධිකරණය තීරණය කර තිබේ.

 2015න් පසු අලගිරාජා රාජපක්ෂ පවුලේ නාස්තිකාර ව්‍යාපෘතිවල සහාය දීමට සූදානම් ගැලවුම්කරුවකු  ලෙස පෙනී සිටි අතර දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ද ගජ මිතුරකු බවට පත්ව තිබේ.

ස්වර්ණවාහිනී රූපවාහිනියේ සහ ගුවන්විදුලි ජාලයේ හිමිකරු බවට පත් අලගිරාජාට රනිල් රාජපක්ෂ ආණ්ඩුව අයි නාලිකාව තුට්ටු දෙකට බදු දුන්නේ මෑතදීය.

අලගිරාජාගේ ලයිකා මොබයිල් සමාගම බ්‍රිතාන්‍යයෙහි  පාලක කොන්සවෙටිව් පක්ෂයට මුදල් ආධාර ලබා දී ඇති අතර බරපතල දූෂණ සහ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ.

ඔහු අද  ලංකා දේශපාලනයේ ප්‍රධාන සූදු ක්‍රීඩකයෙකි.

 ඔක්තෝබර් 26, බ්‍රහස්පතින්දා පැරිසියේදී ලයිකාමොබයිල්  හි ප්‍රංශ සමාගම් මුදල් විශුද්ධිකරණය සහ එකතු කළ අගය මත බදු (වැට්) වංචාව සම්බන්ධයෙන් යුරෝ මිලියන 10 ක දඩයක් නියම කරන ලද අතර, සමූහයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට සිර දඬුවමක් සහ දැඩි දඩයක් නියම විය.

“සංකීර්ණ” පද්ධතියක් හරහා මුදල් විශුද්ධිකරණය සහ වැට් බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රංශ ලයිකාමොබයිල් සමාගම වරදකරුවන් වූ අතර, අධිකරණයට අනුව, ව්‍යාජ සමාගම් මාලාවක් හරහා මුදල් විශුද්ධිකරණය සිදු කර තිබේ.

උසාවිය තීන්දු කළේ 2014 සහ 2016 අතර යුරෝ මිලියන 17 ක් සම්බන්ධ වූ “සංකීර්ණ සහ විස්තීර්ණ මුදල් විශුද්ධිකරණය කිරීමේ යෝජනා ක්‍රමයකට දැන දැනම කාඩ්පත් සහ දුරකථන ටොප්-අප් සමාගම සහභාගී වී ඇති” බවයි.

ලාංකික දෙමළ සංක්‍රමණිකයින් පිරි පැරිසියේ La Chapelle දිස්ත්‍රික්කයේ ව්‍යාජ සමාගම් මාලාවක් එය පවත්වා ගෙන ගොස් තිබේ.

හිටපු ලොක්කාට මාස දහඅටක සිර දඬුවම්

සමූහයේ හිටපු බ්‍රිතාන්‍ය ප්‍රධානියා, ක්‍රිස්ටෝපර් ටූලි, වැට් බදු වංචාවට හවුල් වීම සම්බන්ධයෙන්, මාස දහඅටක් – නම්‍යශීලී සිරදඬුවමක් – සහ යුරෝ 250,000 ක දඩයක් ඇතුළුව වසර තුනක සිර දඬුවමකට, වසර පහකට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ තහනමක් සමඟ වහාම අදාළ වන පරිදි දඬුවම් නියම විය.  සමාගම් දෙක කළමනාකරනය කළ  අධ්‍යක්ෂ, Alain Jochimek, නඩුවේ කොටස් දෙකෙහිම, මාස දහඅටක කාලයක් ඉලෙක්ට්‍රොනික බ්‍රේස්ලට් එකක් සමගින් (පිටත ගමන් කළ හොත් බලධාරීන්ට දැන ගත හැකි අත්පළදනාවක්) , යුරෝ 120,000ක දඩයක් ඇතුළුව වසර තුනක සිර දඬුවම් නියම කරන ලදී.

මෙම “විශුද්ධ කිරීමේ පරිපථයේ” “සබැඳි” ලෙස සිටි තවත් පුද්ගලයන් අට දෙනෙකුට අවසානයේ අනුමත කරන ලද අතර, අත්හිටවූ සිර දඬුවමේ සිට මාස දහඅට දක්වා ඉලෙක්ට්‍රොනික බ්‍රේස්ලට් එකක්  යටතේ දඬුවම් නියම කරන ලද අතර, යුරෝ 5,000 ත් 20,000 ත් අතර දඩ මුදලක් ද නියම විය.

( ප්‍රංශ මාධ්‍ය ඇසුරෙනි)

Archive

Latest news

Related news