Sunday, May 5, 2024

පාලාත් පාලන නාම යෝජනා ආහෝසි කිරීමේ රනිල් රාජපක්ෂ කූටෝපාය කොට උඩ

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මූලික අයිතිවාසිකම් නඩු හමුවෙහි  පාලාත් පාන නාම යෝජනා ආහෝසි කිරීමේ රනිල් රාජපක්ෂ කූටෝපාය කොට උඩ ගොස් තිබේ.
එම නඩු කටයුතු අවසන් වනතුරු ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා පත්‍ර අහෝසි කිරීමේ නීති සකස් නොකිරිමට ආණ්ඩුවට සිදුව තිබේ.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම ලක් යෑම නිසා අපේක්ෂකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වන බවට පවසමින් නාම යෝජනා පත්‍ර අහෝසි කිරීමට පසුගිය දා රැස් වූ රාජ්‍ය පරිපාලන හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදී තීරණය කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩු විභාග අවසන් වන තුරු එවැනි පියවරක් ගැනීම, අධීකරණ වාරණයකට ලක්විය හැකි බව නීති අංශ පෙන්වා දීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
මැතිවරණය නොපැවැත්වීමට අදාළව ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශව ගණනාවක් ගොනු කළ නඩු ලබන මස මුල් සතියේදී යළි විභාගයට ගැනීමට නියමිතය.

( ඇසුර – ලංකා ට්රුත්)

Archive

Latest news

Related news