Thursday, May 9, 2024

ශක්තික සත්කුමාර පැවරූ මූලික අයිතිවාසිකම් නඩුව විමසීම හෙට

ශක්තික සත්කුමාර විසින් මුහුණු පොතෙහි පළ කළ අර්ධ කෙටි කතාවන් ලාංකේය භික්ෂුවට සහ බුදු දහමට අපහාසයක් වන බව කියමින් 2019 අප්‍රේල් 01 වන දින පොල්ගහවෙල ‌පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම අත්අඩංගුවට ගැනීමත් දින 130 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට   කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (26)දින නැවත වාරයක් විභාගයට ගැනීමට නියමිතය.
පොල්ගහවෙල ‌පොලීසියේ ස්ථානාධිපතිවරයා, හිටපු පොලිස්පති සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස ගෙන පවරන ලද මෙම නඩුව සඳහා මා වෙනුවෙන් හෙට දිනයේ දී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුලු නීතීඥ කණ්ඩායම ඉදිරිපත්වීමට නියමිතය.
මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අපි ගෙනයන අරගලයට මධ්‍යස්ථ මතධාරී සියලුදෙනගේම සහයෝගය ඉදිරියට ද ශක්තික ඉදිරියටත් අපේක්ෂා කරයි.

Archive

Latest news

Related news