Sunday, April 28, 2024

මුදු මාල උගස් කළ ඔබ, මේ වාසනාවන්තයන් දස දෙනා අතර නැත්තේ ඇයි?

මහජන බැංකුව ඔවුන්ගේ රුපියල් මිලියන 54,000 (බිලියන 54) ණය බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ කෝප් කමිටුව හමුවේ මේ බව හෙළි කළේය.
ඔබ මුදු, මාල, කරාබු උකස් කර ගත් ණය හෝ ඔබ ගත් කුඩා ව්‍යාපාර ණය, නිවාස ණය හෝ වෙනත් එවැනි ණය කපා හැර තිබේද?
ණය කපා හැරීමට වාසනාවන්ත වූ දස දෙනෙකුගේ නම් සහ කපා දැමූ ණය මුදල් ප්‍රමාණය මෙන්න
01. යශෝධා සමූහය – රුපියල් මිලියන 24000 කි.
02. දයා ගමගේ. එජාප භාණ්ඩාගාරික – රුපියල් මිලියන 2647 කි.
03. අර්ජුන් ඇලෝසියස් – රනිල්ගේ මිත්‍රයෙකි. – රුපියල් මිලියන 3242 කි.
04. Grand Mountain හෝටලය – මාතලේ මහජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. – රුපියල් මිලියන 3685 කි.
05. CML.MTD.  කණ්ඩායම් ව්‍යාපාර – රුපියල් මිලියන 5028 කි.
06. Huravi International සමාගම. – රුපියල් මිලියන 2521 කි.
07. නවලෝක සමාගම – රුපියල් මිලියන 1442 කි.
08. මිහින් ලංකා සමාගම රාජපක්ෂලා හැදූ – රුපියල් මිලියන 2566 කි.
09. සතොස.(රජයේ  ) – රුපියල් මිලියන 5443 කි
10. ශ්‍රී උපකරණ මූල්‍ය. – රුපියල් මිලියන 3173 කි

මේ සියලු සමාගම් දේශපාලනඥයන් සමඟ සෘජු හෝ වක්‍ර සබඳතා පවත්වයි. බොහෝමයක් ණය ලබාදී ඇත්තේ නිසි ඇප නොමැතිවය. ඔබට?

– දර්ශන තන්ත්‍රිගේ

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය

 

 

 

Archive

Latest news

Related news