Friday, May 3, 2024

රනිල්ගේ “ඩොයිෂ වෙල” – පාස්කු බේගල් පතුරු යයි! කතෝලික සභාව සහ කාදිනල් ජ්‍යාත්නත්ර විමර්ශනය ගැන එකම මතයක

තමා කටයුතු කරන්නේ කාදිනල් රංජිත් මැල්කම් සමඟ නොව කතෝලික සභාව සමඟ බවටත් කතෝලික සභාවට කතා නොකරන්නේනම් තමාගෙන් එවැනි ප්‍රශ්න නොඅසන ලෙසටත් රනිල් රාජපක්ෂ “ඩෙයිෂ වෙල” රූපවාහිනියට කී කතාවට කතෝලික සභාව පිළිතුරු දී තිබේ.
මෙම සති අන්තයේ දාතමින් නිකුත් වී ඇති ඥනාර්ථ ප්‍රදීපය පුවත්පත කතුවැකියක් මගින් ද පෙන්වා දී ඇත්තේ කතෝලික සභාව ගැන කරන ලද  ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අමූලික බොරුවක් බවයි.
එම පුවත් පතෙහි මුල් පිටුවෙහි ලිපිය පහත පළ වේ:

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හට සාධාරණත්වය ඉටුකරලීම සඳහා ස්වාධීන සහ විනිවිද බවින් යුතු අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවත්, දේශීය මට්ටමින් සිදුවන එවැනි විමර්ශනයක්, ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක අධීක්‍ෂණය හා නිරීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බවත් අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මෙන් ම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ ද ස්ථාවරය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණෝ ‘ඥානාර්ථ ප්‍රදීපයට’ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර ජර්මනියේ ‘ඩොයිෂ් වෙල’ රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වූ සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා පාස්කු ඉරිදා ප්‍රහාරය අරබයා කරන ලද ඇතැම් ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ ස්ථාවරය කුමක්දැ යි ‘ඥානාර්ථ ප්‍රදීපය’ කළ විමසුමක දී ය.
” ඕනෑම අවස්ථාවක දී මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ද කතෝලික රදගුරු සමුළුව තම ස්ථාවරය සහිත ප්‍රකාශ නිකුත් කරන්නේ සියලු රදගුරු හිමිවරුන්ගේ අනුමැතිය සහිතව සාමුහික ස්ථාවරයක් ලෙස බවට මෙහිදී අවධාරණය කළ යුතුයි.”
“පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා කිසියම් අවස්ථාවක ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හමුවී සාකච්ඡා කළේ දැ යි ‘ඥානාර්ථ ප්‍රදීපය’ කළ විමසීමට පිළිතුරු දෙමින් අති උතුම් හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ “පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමන් කිසිවිටෙක කතෝලික රදගුරු සමුළුව හමු නොවූ බව” යි.
රදගුරු හිමිපාණන් තවදුරටත් මෙසේ පැවසීය. “මීට වසරකට පමණ පෙර ජනාධිපතිතුමා පෞද්ගලිකව මා හමුවුණා. අප මූලිකව සාකච්ඡා කළේ ඒ අවස්ථාවේ දී රටේ තිබූ ප්‍රධාන ප්‍රශ්න පිළිබඳවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සම්පූර්ණ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපට ලබා දෙන ලෙස ඒ අවස්ථාවේ දී අප කළ ඉල්ලීම අනුව එම සම්පූර්ණ වාර්තාව ඇතුළත් සංයුක්ත තැටි 6 ක් අපට ලබා දුන්නා. එම වාර්තාව අපගේ නීතිඥ මහත්වරු මේ වනවිට අධ්‍යයනය කරමින් සිටිනවා.”

එම කලාපයේම කතුවැකිය මෙසේය:

Archive

Latest news

Related news