Friday, May 3, 2024

හරීන් ප්‍රනාන්දුගේ සංචාරක මණ්ඩල කළමනාකාරිනියක් විනිසුරු ටී.සරවනරාජාට එල්ල වූ මරණ තර්ජන ගැන විස වමාරයි; තර්ජනය ද කරයි

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දුගේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කිනිෂ්ඨ කළමනාකාරවරියක් ලෙස හදුන්වා ගන්නා  චම්පා වෛද්‍යතිලක  විසින් අද දින සිය සමාජ මාධ්‍යයේ සටහනක් මගින් මරණ තර්ජන හමුවේ රට අතහැර ගිය මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජාට එල්ල වූ එම තර්ජන ගර්ජන පිළිබඳව විස වමාරා තිබේ.

අන්තවාදී දේශපාලනඥයකු වන සරත් වීරසේකරගේ වචන උපුටා දක්වමින් ” මේක සිංහල බෞද්ධ රටක්.” යැයි උදම් අනන ” ඔය රගන හැම කෙනාටම මේවා පාඩම්‍ ය.” යැයි තර්ජනයක් ද කරයි.

රනිල් රාජපක්ෂ පාලනය යටතේ භයානක ලෙස වර්ධනය වෙමින් පවතින සිංහල බෞද්ධ අන්තවාදයේ ප්‍රකාශණයක් වන මෙම ප්‍රකාශය විනිසුරුවරයාට රට අතහැර යාමට සිදුවීම හුවා දක්වන්නේ ජයග්‍රහණයක් ලෙසය.

ෙම් පිළිබඳ අදහස් දක්වන ඇමති හරින් ප්‍රනාන්දු කියන්නේ තමා ඇය බඳවා ගත්තේ නැති බවත් එබැවින් ඇය තමාගේ කාර්ය මන්ඩලය ලෙස හැදින්වීම වරදක් බවත්ය. එනමුත් චම්පා වෙද්‍යතිලකගේ ප්‍රකාශය ගැන ඔහු කිසිවක් නොකියයි.

ඇයගේ ප්‍රකාශය සම්පුර්නයෙන්:

ඔහු පලා ගොස් තිබේ. අර්බුදකාරි පක්ෂග්‍රාහී තීන්දු පෙනි පෙනි ලබා දුන් පසු ඔහුට මරණ බිය දැනී ඇත. තම හර්ද සාක්සිය ඔහු අමතා කියා ඇත්තේ ජාතියක නිර්දෝෂිභාවයට ජාතියක උරුමයේ අයිතියට පහර ගසා නීතියෙන් බොරුවට පාර කපා දීමේ ආදිනවය වෙනුවෙන් වන්දි ගෙවන්නට නුඹ සූදානම් විය යුතු බවයි.

විස!

“මේතාක් කුරුන්දියේ බෞද්ධ අයිතියට ගරහා බෞද්ධයා කම්පාවට පත් කෙරූ මුලතිව් මහේස්ත්‍රාත්වරයා තම ඉල්ලා අස්වීම ලබා දි ඇතැයි වාර්තා වේ. ඔහු සදහන් කර ඇත්තේ කුරුන්දිය නිසා තමන් රට හැර යන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සහ භික්ෂූන් වහන්සේලාගෙන් ඔහුට මරණීය තර්ජන ඇති බව ඔහු පවසා තිබේ. ඉතිං ඔහු සරණගතයෙක් විලසින් රටින් පිටවී තිබේ. මෙතෙක් ඔහු රැගූ නාටකය ඔහු සරණාගතයෙක් වීමෙන් අවසන් වී තිබේ. ඔහුව ඇරලවීමට සාලිය පීරිස්ගේ නීතිඥ සංගමය ඇඩූ කදුලින් ගුවන් තොටුපලට ගොස් ඇතැයි ද පැවසේ.

කෙසේ වෙතත් ඔහු අපට කියා දෙන්නෙ බොරුවට ආයුෂ නැති බවය. මේක සිංහල බෞද්ධ රටක්. ඔහු අපට කියා දෙන අනෙක් පාඩම එයයි. ඔය රගන හැම කෙනාටම මේවා පාඩම්‍ ය. උගත් පාඩම් ය.
සුබ ගමන් ලොක්කා..!!!!

චම්පා වෛද්‍යතිලක

Champ Waidyathilaka

 

Archive

Latest news

Related news