Sunday, April 28, 2024

ආර්ථික අපරාධ: සේනා දළඹු මර්දනයට ගෙනා ලක්ෂ 65 ක් ඩ්‍රෝන පද්දතිය කොට උඩ!

සේනා දළඹුවා අධ්‍යයනය කිරීම සඳහා රුපියල් මිලියන 6.3 කට අධික මුදලක් වැය කර ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC) විසින් මිලදී ගත් ඩ්‍රෝන් කැමරා පද්ධතිය ඩෙස්ක්ටොප් පරිගණකයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් භාවිතයට නොගෙන පවතින බව Ceylon Today පුවත්පත  වාර්තා කරයි.

අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීම සහ කැමරා පද්ධතියේ අපේක්ෂිත ක්‍රියාකාරීත්වය සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය ඩෙස්ක්ටොප් පරිගණකය ලබා ගැනීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා මුලින් වෙන් කරන ලද රුපියල් 6,395,847 ක පාඩුවක් රජයට සිදුවී ඇත.

රට තුළ සේනා දළඹුවා පිළිබඳ පර්යේෂණ කඩිනම් කිරීම සඳහා ඩ්‍රෝන කැමරා පද්ධතිය 2019 දෙසැම්බර් 20 දින ලබා ගන්නා ලදී. කෙසේ වෙතත්, වසර තුනකට වැඩි කාලයක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන FMRC ආයතනයට අවශ්‍ය ඩෙස්ක්ටොප් පරිගණකය මිලදී ගැනීමට නොහැකිව කැමරා පද්ධතිය අක්‍රීය කර ඇත.

2021 මහ කන්නයේ දී සේනා දළඹු උවදුර හේතුවෙන් දිස්ත්‍රික්ක 25 ක ගොවීන් 31,613 දෙනෙකුට වගා හානි සිදුවී ඇති අතර එමඟින් වගා බිම් අක්කර 42,934 කට හානි සිදුවී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර තිබේ. විපතට පත් ගොවීන්ට දැනටමත් ලබා දී ඇත.

17 වැනි සියවසේ ජෝර්ජියාවෙන් හමු වූ කළ සේන දළඹුවා පසුව 18 වැනි සියවසේදී තවත් රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ බව විශේෂඥයෝ පවසති.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ 2018 අගෝස්තු 18 න් පසු ශ්‍රී ලංකාවේ සේන දළඹු උවදුර වාර්තා වූ අතර එම වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් වන විට බඩ ඉරිඟු වගාවන්ගෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයකට ඒ හේතුවෙන් විවිධ මට්ටමේ හානි සිදුවී ඇති බවයි.

( Ceylon Today පුවතක් ඇසුරිණි)

Archive

Latest news

Related news