තව මාස හයකින් පැවැත්වෙන ඉන්දියානු මහා මැතිවරණයෙහි දී එරට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම තේමාව කර ගෙන ඉන්දියානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දියාවේ දේශපාලන පක්ෂ එක් වී තිබේ.
මේ අතර මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙක වන ජාජබ සහ සජබ දැනටමත් තමන්ගේ ජනාධිපති අපේෂකයින් කව්දැයි ගම්භීර ලෙස ප්‍රකාශ කරන්නට පටන් ගෙන සිටිති.
ඉන්දියාවෙහි පිහිටුවාගත් දේශපාලන සන්ධානයේ නම ලෙස ඉංග්‍රිසි බසින් තෝරා ගෙන ඇත්තේ ඉන්දියා I.N.D.I.A යනුවෙන් කියැවෙන Indian National Developmental Inclusive Alliance යන්නය.
මෙම නමට දැනටමත් මෝඩිවාදීහු බිය වී ඊට එරෙහිව අධිකරණයට පවා ගොස් තිබේ.
පසුගිය මාර්තු මාසයේ දී පිහිටුවන ලද මෙම සන්ධානය මේ වන විට ප්‍රාන්තබද රැස්වීම් සංවිධානය කරමින් සිටී.
මෙම සන්ධානයේ මූලික අරමුණ වන්නේ 2024 ඉන්දීය මහ මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජය බලයෙන් පහ කිරීමයි.
මුස්ලිම් විරෝධී හින්දු ජාතිකවාදය මත පදනම්ව ඉන්දියාවේ ධනකුවේර ජාවාරම්කාරයන් ගේ සහය ලබන අගමැති මෝඩිගේ දේශපාලන සන්ධානය පරාජය කිරීම එතරම් ලෙහෙසි නොවන නමුත් “ඉන්දියා” සන්ධානය ප්‍රබල අභියෝගයක් ඉදිරිපත් කරනු ඇතැයි විචාරකයෝ පවසති.
ඉන්දියාවෙහි පවතින ආසන මැතිවරණ ක්‍රමය නිසා පුළුල් සන්ධානයක් මගින් නිතරඟ ගිවිසුම් ඇති කර ගැනීම මෙම විපක්ෂ සන්ධානයේ ප්‍රායෝගික සැලැස්මයි.
මෙම සන්ධානයට බෙංගාලය, බිහාර් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල ප්‍රධාන පක්ෂ එක්ව සිටිති
ඉන්දියාවෙහි හතරවන වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන බටහිර බෙංගාලයේ සමස්ත ඉන්දීය ත්‍රිනාමූල් කොංග්‍රසය එහි වැදගත්ම කොටස්කරුවෙකි. එහි නායිකාව වන්නේ ජනපිය දේශපාලන නායිකාවක වන මමතා බැනර්ජිය.
බිහාර් යන රටේ තුන්වන වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තයේ ජනතා දාල් (එක්සත්) පක්ෂය භාරතීය ජනතා පක්ෂයේ පැත්තේ සිටි අතර දැන් පාලක සභාගය අතහැර දමා විපක්ෂ සන්ධානයට එක්ව සිටී. එයද වැදගත් කොටස්කරුවෙකි. බිහාර්හි තවත් විශාල පක්ෂයක් ද එයට එක් වී සිටී.
වඩාත්ම ජනාකීර්ණ සහ මැතිවරණ වශයෙන් වඩාත්ම වැදගත් ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි ප්‍රධන පක්ෂයක් වන සමාජවාදි පක්ෂය ද විපක්ෂ සන්ධානයේ කොටස්කරුවෙකි.
තමිල්නඩුවෙහි බලයේ සිටින ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයද ඊට එක් වී ඇති අතර එම පක්ෂයේ සභාපතිනිය වන කනමෝසි කරුණානිධි එහි ප්‍රබල භූමිකාවත් දරයි.
මෙම සන්ධානයට ඉන්දියාවෙහි වාම ධාරාවට අයත් පක්ෂ එනම් විවිධ කොමියුනිස්ට් පක්ෂ ද ජම්මු කාශ්මීරයේ දේශපාලන පක්ෂ මෙන්ම මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවක් ද එක්ව සිටිති.
මෙම එක්සත් පෙරමුණ ඇති වූයේ නරේන්ද්‍ර මෝඩිගේ ඉන්දියාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කරමින්, ජාතිවාදය අවුස්සමින්, ධනකුවේරයින්ට වාසි සහගත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට විරුද්ධවය.
ලංකාවෙහි සිදු වන්නේ එහි අනෙක් පැත්තය. දැනට සියයට 30 ක ඡන්ද සීමවක රැදී සිටින බව මත සමීක්ෂන පෙන්නම් කරන ජාජබ සහ සජබ තමන්ට තනිව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කල්පනා කිරීමයි.
ඊටත් වඩා මෙම දේශපාලන පක්ෂ දෙකම කියා සිටින්නේ තමන් විධායක ජනාධිපති ධූරය සඳහා ද සිය නායකයින් ඉදිරිපත් කරන බවයි.
තමන් විධායක ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන්නේ එය අහෝසි කිරීමට යැයි අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස කියන්නේ නැත.
ආරම්භක විධායක ජනාධිපති වූ ජේආර්ගේ සිට වත්මන් විධායක ජනාධිපති රනිල් රාජපක්ෂ දක්වා අත්දැකීම අපට පෙන්වන්නේ මෙරට දූෂිත සහ අත්තනෝමතික දේශපාලන බලයේ උල්පත එය බවයි.
ජේආර් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරන් එක රැයින් ඉවත් තළ අතර රනිල් රාජපක්ෂ අධිකරණයට වක්‍ර තර්ජනය කරමින් සිටී. දෙදෙනාම ප්‍රකාශනයේ නිදහසේ සතුරන්ය. එමෙන්ම දෙදෙනාම කපටි හිවලුන් ය.
ජේආර් “හොර ජවාරම්කරුවනි වරෝ වරෝ”යැයි කෑ ගුසූ අතර අද රනිල් රාජපක්ෂ හොර ජාවාරම්කරුවන්ට ලංකාව ලියා දෙමින් සිටී. නම ගිය දූෂිත- භීෂිත දේශපාලනඥයින් දෙදෙනාගේම සමීපතම වළල්ලය.
මෙරටට මේසා පාපකාරී තවත් විධායක ජනාධිපතිවරයකු අවශ්‍ය නැත. දශලක්ෂ ගණනින් වීදි අරක් ගත් 2022 මහජන අරගලයේ තේමා පාඨයක් වූයේ ද එයයි.
අවංකව මෙරට ක්‍රම වෙනසක් අපේක්ෂා කරන්නේ නම් සජිත්-අනුර යන දෙදෙනාටම එකඟ විය හැකි මහා පොදු සාධකය ද එයයි.
සිරිසේන බලයට ආවේ, මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රධාන සිවිල් සමාජ කණ්ඩායම් විසින් ජනගත කරන ලද විධායක ජනාධිපති ක්‍රමය එපා යන ව්‍යාපාරයට ස්තුති වන්නටය. නමුත් එහි රස දැනුණු වහාම සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය නම් පැනි වරකාව බදා හදා ගත්තේ සිය පවුලට රජ සැප ලබා දෙමිනි.
අරුමය නම් සොභිත හිමි ගොඩ නැඟූ ව්‍යාපාරය මුදලට ගත් පිරිස් අද රනිල් රාජපක්ෂගේ විධායක වියරුව වෙනුවෙන් පෙනී සිටීමයි.
සිරිසේන වැනි බහුබූතයකු විධායක ජනාධිපති වී කළ අඥාන වංචාකාරී පාලනය මෙන්ම රනිල් රාජපක්ෂගේ මර්දනකාරී පාලනය ද කියා පාන්නේ එම සත්‍යයයි.
මාස හයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජවිපෙට ගිවිසුම්ගතව පොරොන්දු බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග ද එහිම ගොදුරක් බවට පත්ව දූෂණයෙන් අගතැන් පැමිණියාය.
අත්දැකීම් පෙන්වන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ කුණු රසයට වශී වන්නේ එම ධුරය දරන තැනැත්තාට පමණක් නොව ඒ වටා සිටින සියලු ඇඹලයින් ද ඊට ගොදුරු වන බවය.
සමන් රත්නප්‍රියගේ සිට කරු ජයසූරිය දක්වා පෙන්වන ඇත්ත එයයි.
අප අනුර කුමාරගේ හෝ සජිත් ප්‍රේමදාසගේ විධායක ආශාවටද විරුද්ධ විය යුත්තේ ඒ නිසාය.
මෙම අත්දැකීම් මත අද මෙරට අවශ්‍ය වන්නේ විධායක වියරුවට විරුද්ධ සහ එය අහෝසි කිරීම සඳහා ගොඩ නැගෙන මහජන සහ දේශපාලන සන්ධානයකි.
එය කිසි විටක දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීමෙන් මුදුන් පමුණුවා ගත් නොහැකිය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැපවීම ඇති කර ගත් හැක්කේ සිවිල් දේශපාලන සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටින සිවිල් පුද්ලයකුට පමණක් බව මෙරට අත්දැකීම සනාථ කරයි.
අවාසනාවකට මෙන් මාදුළුවාවේ සෝභිත හිමිට එම අවස්ථාව ලබා දීමට අපට බැරි විය.
එවැනි පොරොන්දුවක් දී බලයට පත් වන සිවිල් පුද්ගලයකුට පාර්ලිමේන්තුවේ සහාය ලැබෙන ඇත්තේ පොරොන්දු වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර මහා මැතිවරණයක් පැවැත්වීමට පමණය.
අද අවශ්‍ය වන්නේ පුද්ගලයකු සෙවීම නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ පුළුල්තම සන්ධානයක් ගොඩ නඟා සජිත් -අනුර යන දෙදෙනාටම මඟ හැරිය නොහැකි බලයක් ගොඩ නැගීමයි.
රනිල් රාජපක්ෂගේ අතකොලු බවට පත් අතලොස්ස හැර අන් සියලු සිවිල් සංවිධාන, එනම් වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, ස්ත්‍රී සංවිධාන, පරිසර සංවිධාන, ආගමික සංවිධාන, වෘත්තීයවේදී සංවිධාන එක් කල හැකි මහා පොදු සාධකය වන්නේ ද එයයි.
එය කළ හැකිය. කළ යුතුය.
මෙරට ප්‍රධානතම අර්බූදය වන නීතියේ ආධිපත්‍ය නැතිකමය. විධායක ජනාධිපති ක්‍රමය පවතින තුරු මෙරට පාලනය වනු ඇත්තේ තනි පුද්ගල එකාධිපතිත්වයක් යටතේය.
එය අහෝසි කළ යුතුය.