Friday, May 3, 2024

ශ්‍රී ලංකාවේ මැර කල්ලියක් දෙමළ මාධ්‍යවේදීන් 3 දෙනෙකු පැය 5 ක් පුරා අත්අඩංඟුවේ තබා ගනී!

(නිව් යෝර්ක්, අගෝස්තු 30, 2023) – නිදහස් දෙමළ මාධ්‍යවේදීන් වන සෙල්වකුමාර් නිලන්තන්, වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් සහ ඇන්ටනි ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටිරාජ් යන අයට මෑත කාලීන හිරිහැර කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් විමර්ශනය කර අපරාධකරුවන් වගකිව යුතු බව නිව්යෝර්ක් මූලස්ථානය කර ගත් “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව”  CPJ බදාදා ප්‍රකාශ කළේය.
දහවල් 12.30 ට පමණ. අගෝස්තු 22දා මඩකලපුව නැගෙනහිර දිස්ත්‍රික්කයේ මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ගව ගොවීන්ගේ ඉඩම් රාජ්‍ය අනුග්‍රහයෙන්  ආක්‍රමණය කිරීම පිළිබඳ   වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් තිදෙනා  බෞද්ධ භික්ෂුවක් ප්‍රමුඛ සිංහල මිනිසුන් 50ක් පමණ කණ්ඩායමක් විසින් ඔවුන් පැමිණි වාහන වටකර ගත් බව  වාර්තා වී තිබුණි.
“මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව”  වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදීන් තිදෙනා කියා සිට ඇත්තේ  එම දිමරික පිරිසේ ඇතැමුන් පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව – මාධ්‍යවේදීන් තිදෙනා සහ ගොවීන් සහ සර්වාගමික කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු තවත් 17 දෙනෙකු පමණ විවෘත ප්‍රදේශයකට ගෙන ගොස් පළාත් පාලන සංවර්ධන අධිකාරියක නිලධාරීන් ඉදිරියේ ඔවුන් රඳවා තබා ගත් බවයි.
එම ගමන සංවිධානය කළ සර්වාගමික කණ්ඩායම් නායකයන් වහාම පොලිසියට කතා කළද, නිලධාරීන් පැමිණියේ දෙමළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ප්‍රශ්නය මතු කිරීමෙන් පසු පැය පහකට පසුවය.
අගෝස්තු 30 වනදා වන විටත් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව මාධ්‍යවේදීන් තිදෙනා CPJ වෙත පවසා තිබේ. මයිලත්තමඩු ප්‍රදේශය  අධීක්‍ෂණය කරන කරදියනාරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව වෙත “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව” යැවූ පණිවිඩවලට පිළිතුරු ලැබී නැත.
“මඩකලපුවේදී සෙල්වකුමාර් නිලන්තන්, වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් සහ ඇන්ටනි ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටිරාජ් යන අයට මෑතක දී මැර පිරිසක් විසින් එල්ල කළ හිරිහැර පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් තරයේ සහ අපක්ෂපාතීව විමර්ශනය කළ යුතු අතර දෙමළ වාර්තාකරුවන්ට පහර දීමේ දණ්ඩමුක්තියේ රටාව අවසන් කිරීමට කටයුතු කළ යුතුය” යනුවෙන් “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව” පවසයි.
 CPJ හි වැඩසටහන් අධ්‍යක්ෂ “දෙමළ මාධ්‍යවේදීන්ට තම ප්‍රජාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්වීම් හෝ පළිගැනීමේ බියකින් තොරව වාර්තා කිරීමට අයිතියක් ඇත.” යනුවෙන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
2009 දී අවසන් වූ 26 වසරක සිවිල් යුද්ධයෙන් පසුව රටේ බහුතර ජනවාර්ගික කණ්ඩායම වන සිංහල ජනතාව සහ සුලුතර දෙමළ ජනතාව අතර වාර්ගික ආතතීන් පවතී.
අත්අඩංඟුවට ගන්නා අවස්ථාවෙහි දී  මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් නිලන්තන් මාධ්‍යවේදී කබායක් ඇඳගෙන එක්සත් රාජධානියේ පිහිටි පුද්ගලික විකාශන ආයතනයක් වන IBC ටැමිල් වෙත වාර්තා කරමින් සිටියේය. ඔහු රඳවාගෙන සිටියදී,  පුද්ගලයින්  කිහිප දෙනෙකු ඔහුට ගොවීන්ගේ සාක්ෂිවල ඡායාරූප සහ වීඩියෝ මකා දැමීමට බල කළ අතර මැර පිරිස එම ඉඩමට ගිනි තැබූහ.
සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා නොකරන බව පවසමින් සිංහල සහ දෙමළ භාෂාවලින් ලිපි දෙකකට අත්සන් කරන ලෙසට ද එම මැර පිරිස තමන්ට බල කළ බව ඔහු පවසා   තිබේ.
නිදහස් මාධ්‍යවේදියෙකු වන ක්‍රිස්ටිරාජ් සහ මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානියා සහ නිදහස් මාධ්‍යවේදියකු  වන ක්‍රිෂ්ණකුමාර්  මාධ්‍ය කබා පැළඳ නොසිටි බවත්, කැමරා සඟවාගෙන සිටි බවත්, තමන් වාර්තාකරුවන් බව මැර පිරිසට දැනුම් නොදුන් බවත්, ඔවුහු “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව” වෙත පවසා තිබේ.
ක්‍රිස්ටිරාජ් සහ ක්‍රිෂ්ණකුමාර් පසුව එම ස්ථානයේ සිටි පොලිසියට තමන් මාධ්‍යවේදීන් බව පැවසූ විට, බෞද්ධ භික්ෂුව විසින් මාධ්‍යවේදීන් තිදෙනාටම ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ මකා දමන ලෙස නියෝග කරන ලෙස පොලිස් නිලධාරියෙකුගෙන් ඉල්ලා සිටි බව වාර්තාකරුවන් “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව” වෙත පැවසූ අතර, එම නිලධාරියා එම ඉල්ලීමට අවනත නොවූ බව පැවසීය. .
ක්‍රිෂ්ණකුමාර් මාධ්‍යවේදියකු බව දැනගත් පසු ඡායාරූප සහ වීඩියෝ මකා දමන ලෙස මැර කල්ලියේ සාමාජිකයන් ඔහුට බලපෑම් කළ බවත්, එය ඔහු ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසීය.
මැර කල්ලිය හින්දු පූජකයෙකුට පහර දුන්නද, මාධ්‍යවේදීන් තිදෙනාට ශාරීරික හානියක් සිදු කර නැත. ඔවුන් “මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව” වෙත පැවසුවේ, ගොවීන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව දිගින් දිගටම වාර්තා කළහොත් තමන් තර්ජනයන්ට පත්වන බවත් සිය ආරක්ෂාව ගැන බියක් ඇති බවත්ය.
2020 නොවැම්බරයේදී, මයිලතාමඩු ඇතුළු දිස්ත්‍රික්කයේ මිලිටරි පිටුබලය ලත් සිංහල ජනාවාස වර්ධනය වීමෙන් පසු දෙමළ ගොවීන්ගේ උත්සුකයන් ගැන වාර්තා කිරීමෙන් පසු පොලිසිය මාධ්‍යවේදී  නිලන්තන්ගෙන් ඔහුගේ නිවසේදී ප්‍රශ්න කරන ලදී.

Archive

Latest news

Related news