Thursday, May 2, 2024

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේ නඩුව: පොලිසියට අධිකරණයෙන් අවවාද!

මාධ්යවේදී තරිඳු උඩුවරගෙදරව අත්අඩංගුවට ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේ, පොලීසියේ ක්රියාකලාපය පිළිබඳ තරයේ අවවාද කිරීමට අලුත්කඩේ අංක 02 අධිකරණයේ මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය කටයුතු කළාය.
එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මහේස්ත්රාත් නඩු විභාගය අගෝස්තු 29 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ මෙම අවවාද කිරීම සිදු විය.
පොලීසිය මෙම සිදුවීමට අදාල තවත් සැකකරුවන් ඇති බව ප්රකාශ කර තිබුණු නමුත්, මාසයක් යනතුරු සැකකරුවන් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණේ නැත.
ඉදිරිපත් කිරීමට අය සිටී නම් ඉදිරිපත් කරන ලෙසත්, හේතුවක් නොමැතිව නඩුව පවත්වාගෙන යෑමෙන් පලක් නොමැති බවත් අවවාද කරමින් මහේස්ත්රාත්වරිය පැවසුවාය.
නඩුව ඔක්තෝබර් 24 වැනිදා දක්වා කල් දැමීය.
තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ පෙනී සිටියාය.
ජුලි 28 වැනිදා කම්කරු අරගල මධ්යස්ථානයේ විරෝධතා පාගමනක් වාර්තා කරන අතරතුර අත් අඩංගුවට ගනු ලැබීය.
( තරිිිඳු උඩුවරගෙදර තැබූ පේස් බුක් සටහනකි.)

Archive

Latest news

Related news