Wednesday, May 1, 2024

රනිල් රාජපක්ෂගේ මුදල් තර්ජනය අධිකරණයට බලපායි!

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී පාරලිමේන්තුවේ උපදෙස් හෝ නියෝග හැර වෙන කිසිදු උපදේශයක් හෝ නියෝගයකට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කර තිබෙන ප්‍රකාශය සෘජුවම අධිකරණයට එල්ල කළ තර්ජනයක් බව නීතික්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ පිලිගැනීම වී තිබේ.
එම පිලිගැනීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ නියෝග ලබා දෙන්නේ අධිකරණයෙන් පමණක් වීමය. මූල්‍ය බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝගවලට අවන නොවන බව පොල් කර්මාන්තකරුවන්ගේ සම්මේලනයකදී ප්‍රකාශ කර ඇත. රජයේ නිල වෙබ් අඩවිය එය වාර්තා කර තිබුණේ “රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.” යනුවෙනි.
මේ වනවිට ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල්වලින් රජය ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම පසුබිම තුළ මුදල් ඇමති හා ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ නම සඳහන් නොකරමින් මේ තර්ජනය කර ඇත්තේ අධිකරණයට බව පැහැදිලි වී තිබේ

ලංකා ට්රුත්

මේ වන විට සංවිධාන ගණනාවක්ම සේවක අර්ථ සාධඛ අරමුදල බේරා ගැනීම පිනිිස අධිකරනයේ පිහිට පතා තිබේ. මෙම ප්‍රකාශය අනුව අධිකරණය ඒ් සම්බන්ධයෙන් ලබා දෙන තීරණ පිළිගැනීමට රනිල් රාජපක්ෂ සූදානම් නැත!

Archive

Latest news

Related news