Sunday, April 28, 2024

ආර්ථික අපරාධ: චීන අසූචි මිශ්‍රණයට ගෙවූ ඩොලර් මිලයන 7ක් වතුරේ; වගකිවයුත්තෙක් නෑ!

ඡායාරූපය: පෙහෛාර ගෙනා Hippo spirit නෞකාව.

ආන්දෝලනාත්මක ජෛව  (අසූචි මිශ්‍ර ) පොහොර තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් චීන සමාගමකට වන්දි වශයෙන් ගෙවන ලද ඩොලර් මිලියන 6.9 ක මුදලක් එනම් රුපියල් මිලියන 1,382 ක් ආපසු ලබා ගැනීමට නොහැකිව  අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

මෙම ගනුදෙනුව සිදුවූයේ ගොඨාභය පාලන  කාලයේය.

ඊට හේතුව ණයවර ලිපි සහ ගණුදෙනුවට අදාළ බැඳුම්කරය කල් ඉකුත් නොවී තබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වීම හේතුව නිසා බව විගණකාධිපති  නිරීක්ෂණයන්හි දැක්වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ Ceylon Fertilizer Ltd යන ආයතන මගින් මේ සම්බන්ධ   රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කරය තිබේ.

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් රසායනික ගොවිතැන සඳහා පනවා ඇති තහනම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව 2021 දී චීනයේ Qingdao Seawin Biotech Group Ltd වෙතින් කාබනික පොහොර තොගයක් මිලදී ගත්තේය. කෙසේ වෙතත්, එම තොගයේ සාම්පලවල හානිකර බැක්ටීරියා වලින් අපවිත්‍ර වී ඇති බවට අනාවරණය වී ඇති බව පවසමින් රජය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. සමාගම එම චෝදනාව  පපිලිනොගත් අතර, මෙම කාරණය චීනය සහ ශ්‍රී ලංකාව අතර වාණිජමය ආරවුලක් ඇති කළේය. මෙම අසූචි මිශු පොහොර සඳහා ඩොලර් මිලියන 6. 9 (රුපියල් මිලියන 1,382) ගෙවා ඇත.

විගණකාධිපතිවරයා පවසන්නේ ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර 2022 මාර්තු වන විට කල් ඉකුත් වී ඇති බැවින් එම මුදල  ආපසු ලබා ගැනීමට බැරි වී ඇති බවයි.

මීට අමතරව, මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර තොගය මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රජය පවසයි.

ඩේලි මිරර් 2023 ජූලි 08 දා පළ කල වාර්තාවක් ඇසුරිණි.

2022 සැප්තැම්බරයේදී විගණකාධිපතිවරයා මෙසේ නිර්දේශ කර තිබු බව බීබීසී සිංහල සේවය වාර්තා කළේය..

රජයේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ

  • නො සැපයූ පොර තොගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් 1,382,720,494 ක මුදලක් ලබා ගැනීම හා සමථ ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන වන්දි ලබා ගැනීම.
  • ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව හා ගිවිසුම්වලට අනුකූලව ක්‍රියා නොකළ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛන ගත කිරීම.
  • සුරක්ෂණයන් කල් ඉකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණය කින් තොරව අරමුදල් නිදහස් කිරීමේ හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගැනීම.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ පොරොන්දුව

චින පොහොර නැව සම්බන්ධ විගණකාධිපති වාර්තාවේ නිර්දේශ අනුව කිසියම් පුද්ගලයකු වරදකරු කර ඇත්නම් තරාතිරම නොබලා පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද ( 2022 සැප්තැම්බර් 06 වැනිදා) පාර්ලිමේන්තුවට කීවේය.

 හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ චීන අසූචි පොහොර නැවට තමා වගනොකියන බවයි.

“චීන අසූචි නැවත් කිසිම අසූචි නැවක් පිළිබඳවත් මම වගකියන්නේ නැහැ. මොකද ඒක මට අදළ නැහැ.”

එසේ වෙතත් මේ තාක් කිසිදු වගකිවයුත්තෙකුට විරුද්ධව පියවර ගෙන නැත.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news