Saturday, April 27, 2024

රනිල්ගේ සභාපති වජිර අබේවර්ධනගෙන් තවත් කෝටි ගණනක ඉල්ලීමක්

ඡායාරූපය: ලොක්කා ගාණ කීයද? වජිර සහ රනිල් රාජපක්ෂ.

පසුගිය පෙබරවාරි මාසයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටියදී රේගුව විසින් අත්අඩංගුවට ගත්  කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක්   පසු හිටපු ඇමති වජිර අබේවර්ධන විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම් කරමින් නිදහස් කරගෙන  ඇති බව දැන් හෙළිදරව් වී තිබේ.

වජිර අබේවර්ධන රනිල් රාජපක්ෂගේ යූඇන්පීයේ සභාපති මෙන්ම ඇමැතිවරයකුද වේ. වජිර අබේවර්ධන යනු කුප්‍රසිද්ධ ඩීල් කාරයෙකි.

මේ බව සනාත වන්නේ රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව යොමු කර ඇති ලිපියකිනි.

ඔහු එහි සඳහන් කර ඇත්තේ BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් කරන ලද ඉල්ලීම අනුව රත්රන් තොගය නිදහස් කිරීමට එම ලිපිය යොමු කරන බවය.

රනිල් ෙග් සභාපති යැවූ  ,ලිපිය

අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥාපනතේ 02 විධිවිධාන යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණ නිලධාරියා විසින් ලබා දුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්, බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂවරයා වෙත දන්වා තිබේ.

අනතුරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවති අදාළ බදු අයකර ගැනීම මත රන් ආභරණ නිදහස් කිරීමටද රේගු අධ්‍යක්ෂ ජනරාල් නියෝග කර ඇත. එමෙන්ම මෙම නියෝගයට අනුකූල වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මෙම අභියාචනය සම්බන්ධයෙන් අභියාචනා ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් පසු එම නියෝගයේ රේගු අධ්‍යක්ෂ (අභියාචන) වෙත වාර්තා කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල් දන්වා තිබේ.

ඒ අනුව ලක්ෂ 150කට වඩා වැඩි වටිනාකමක් සහිත නීති විරෝධීව රාජ සන්තක කරන ලද වත්කම් ප්‍රමාණයක් රුපියල් ලක්ෂයකට ආසන්න දඩයක් අයකරගෙන නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ බලපෑම මත කටයුතු කර තිබෙන බව තහවුරු වී ඇත.

වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ රේගු නීතිය දැඩිව අවභාවිතා වෙමින් තිබෙන බවත් එක් එක් පුද්ගලයන් උදෙසා නීතිය පසඳලීමේ කටයුතු ඒ ඒ පුද්ඟලයාට අනුව සිතැඟිමත ක්‍රියාත්මක කරමින් සිටින බවත් ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන්ද තොරතුරු වාර්තා වෙමින් තිබේ.

එමෙන්ම එලෙස නීතිය අවභාවිතා වන අවස්ථාවන් රැකය පිටුපස වජිර අබේවර්ධන හිටපු ඇමති සිටින බවද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙමින් තිබේ.

මෙරටට නීතිවිරෝධීව යම් භාණ්ඩයක් හෝ තොගයක් ගෙනවිත් නීතියේ රැහැණට හසු වූ විට එම භාණ්ඩයට රාජසන්තක කර විමර්ශනයකින් පසු එම භාණ්ඩය මෙන් තුන්ගුණය දක්වා හෝ ලක්ෂයක දඩයක් නියම කළ යුතුව ඇත. එලෙස දඩය ගෙවන තුරු අදාල ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිරගත කරන අතර ඔවුන්ට නිදහස් වීමටනම් දඩය ගෙවිය යුතුය.

( ලංකා ටිරුත් අසුරෙනි)

 

Archive

Latest news

Related news