Friday, April 19, 2024

ලංකාව කියන්නේ ඉන්න ජනාධිපති ට අනුව භාෂනේ නිදහස ලැබෙන රටක්…!

කේ සංජීව  විසිනි.

මේ වෙලාවේ Chinthana Dharmadasa වගේ අය නතාෂා වෙනුවෙන් සෑහෙන්න කෑගහනවා ඒක හොඳ දෙයක්. ඒත් මෑතක රනිල් රාජපක්ෂ සරණ ගිය චින්තනලට නොපෙනන ඇත්තක් තියෙනවා. ඒක තමයි ලංකාවේ භාෂණයේ නිදහස ප්රකාශනයේ අයිතිය වගේ දේවල් ජනතාවට ලැබුණේ ඒ ඒ වෙලාවෙ රට පාලනය කළ විධාකයට සාපේක්ෂව කියන දේ.
මේ ඉතිහාසය ජේ ආර් ගේ ඉදලා අධ්යයනය කලා නම් චින්තන වගේ චින්තනලා මේ වෙලාවේ පඹගාලක පැටලෙන්නේ නෑ. මම එච්චර මේක ගැන අතීතයෙන් උදාහරණ දෙන්න යන්නේ නෑ. ඒත් චින්තනට චින්තනගේ ලිබරල් ගුරා මංගල සමරවීර චන්ද්රිකාගේ කුස්සි කැබිනට්ටුවේ ප්රධානියා විදිහට ඉන්න කාලේ, ලංකාවේ තිබුණ භාෂණයේ නිදහස ප්රකාශනයේ අයිතිය ගැන මතක් කරගන්න කියලා යෝජනා කරන්න කැමතියි.
ඊට පස්සේ මහින්ද රාජපක්ෂ යුගය ගැන ආයි කවර කතාද? දුන්නේ හරක් මරණ තුවක්කුවෙන් ඔලුවට. එහෙම නැත්තං ඉතිං මරලා ලයිට් කණුවල ගැටගහලා මූදේ බැස්සුවා. ඒක තමයි ඒ කාලේ ප්රකාශනයේ නිදහස එහෙම නැත්තං භාෂණයේ අයිතිය වරනැඟුණ විදිහ.
එහෙම ඇවිත් මෛත්රීපාල සිරිසේන උන්නැහේ ජනාධිපති කරන කාලේ චින්තන ටිකක් මේක නිරික්ෂණය කළා නම් මම මේ කියන මේ කතාව තේරෙයි. උන්දැ තමයි මේ මෑත කාලේ මේක හොඳටම දුන්න නායකයා.
ඒ කාලේ තමයි ඔය නාන සාර ඉත්තෑ පාන වෑන් ඩෑන් වගේ කල්ලි කණ්ඩායම් භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස හොඳටම භාවිතා කලේ. ඒ නිදහසේ ප්රථිපල සාෆි සහාබ්දීන් වගේ අය භුක්ති වින්ඳ විදිහ අපි දැක්කා.
දැන් රනිල්ගේ කාලේ, දැන් කොහොමද තත්ත්වය ? දැන් ඔන්න වෑන් ඩෑම් ලා අත්තෙලා සේරම කරළියට ඇවිත්. පහුගිය දවසේ අපි බොරැල්ල කනත්ත වටරවුමේ යුද්ධයෙන් මියගිය සිංහල දමිල අය සමරන්න එකතුවුණාම වෑන් ඩෑම් තවත් දහයක් විතර මැරයෝ අරගෙන එතනට කඩාගෙන පැන්නේ කොහොමද ?
ඒ පැනලා කිව්වේ, දැන් ජනාධිපති රනිල් වික්රමසිංහ දැන් උබලගේ කතා කිරීමේ නිදහස අහෝසියි කියලා. වෙන දෙයක් නෙවෙයි. ටිරාන් අලස් නායකත්වය දෙන පොලිසිය ඔහේ බලාගෙන හිටියා. පොලිසිය ඉස්සරහට දාගෙන වෑන් ඩෑම් රඟලා ගියා යන්න. කෝ මිනිහට විරුද්ධව ICCPR.
ඒ නිසා නතාෂා ගැන පපු කැවුතු උනුකරගෙන කෑගහන චින්තනලා ඒ කෑගැහිල්ල රනිල් වික්රමසිංහ ඉස්සරහට ගිහිං කරනවා නම් ඒක තමයි වෙන්න ඕනී. විධායක ජනාධිපති ක්රමයක් තියෙන මේ රටේ සාම්ප්රදාය තමයි මේක. ජනාධිපති ඉඩදෙනවානම් ඕනී දෙයක් ඕකේ තමයි.
මේ වෙලාවේ එළියට ඇවිත් ඉන්න පොහොට්ටු සනුහරේ දන්නවා දැන් ඉන්නේ තමන්ගේ නායකයා කියලා. සමහරු කියනවා දැන් තමයි තමන්ට හරිම ජොකියා සෙට් වුණේ කියලා. අපි දන්නවා පොහොට්ටුව ගෝඨාභය දාගෙන කරන්න හදපු දේවල්. ඒවා කරගන්න බැරිවුණා නන්දසේනගේ පෞරුෂය නිසා. ඒත් ඔන්න දැන් බුවෙක් සෙට් වෙලා ගානට. දැන් දෙන්නම් ජම්බු කියලා තමයි ඔය සැට් එක පාරට බැහැලා රඟන්නේ.
ඒ නිසා මේක ඉවර කරන්න ඕනී නම් රනිල් වික්රමසිංහ නායකත්වය ගන්න ඕනී. මොකද රනිල් වික්රමසිංහ ගේ කාමරේ ඉදලා තමයි මේවට නියෝග නිකුත් වෙන්නේ. අපි නිකං බොරුවට කෑගහලා වැඩක් නෑ.
මේකට වික්රමසිංහ ගේ උත්තරය සදාචාර පොලිසියක් නම් ඉතිං ඒකේ වගකීමත් ගන්න ඕනී චින්තන වගේ අය.
මම නම් කියන්නේ මෙච්චරයි ඊළඟ ජනාධිපතිවරණය දිනාගන්න රනිල් වික්රමසිංහ ඔය බෞද්ධයෝ කියන ඕනීම දෙයක් කරන්න ලෑස්තියි. මම කියන්නේ වෑන්ඩෑම් බෞද්ධයෝ. එයාලා තමයි බෞද්ධ මතවාදයේ උරුමය අරගෙන යන්නේ. ඒක තමයි ඇත්ත. ඒනිසා මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ සජබ වගේ කණ්ඩායම් පෙරට ඇවිත් මේක ගැන කතාකරන්න ඕනී. මම කියන්නේ මේක මේ ජනාධිපති ක්රමයේ ගැටලුවක් විදිහට දකින්න ඕනී. රනිල් වික්රමසිංහ බබා විදිහට දැකලා මේ ප්රශ්නය අපිට ලෙහාගන්න ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත..!

මුහුණු පොතෙන් උපුටා ගැනුණි.

Archive

Latest news

Related news