Saturday, April 20, 2024

රනිල් රාජපක්ෂ ආණ්ඩුව කම්කරු ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ උපදේශන සභාවෙන් ස්ත්‍රීන් බැහැර කරයි!

ඡායාරූපය: එක්සත් කම්කරු සම්මේලනයේ නියොජිතයෙක් ස්වස්තිකා ආරුලිංගම් ජාතික කම්කරු උපදේශන සභාවට වහා බලපැවැත්වෙන පරිදි නැවතත් පත් කරන ලෙස  ප්‍රකාශනය ඉල්ලා සිටී.
කම්කරු ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී පැහැදිලිවම සහ ලජ්ජා සහගත ලෙස කාන්තාවන් සම්බන්ධ කර ගැනීම බැහැර කිරීම – ජාතික කම්කරු උපදේශන සභාවෙන් එකම කාන්තා සාමාජිකාව බැහැර කිරීම
ණය අර්බුදයට ශ්‍රී ලංකා රජය ගත් ප්‍රතිචාරයේදී වැඩකරන කාන්තාවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ හඬ පැහැදිලිවම නොසලකා හැර ඇත. නැවත ගොඩනැංවීම සඳහා වන යෝජනා වලින් ඇති වන පීඩනයන් දරාගන්නා අතරම ආර්ථික අර්බුදයේ පීඩනයන් ද දරන්නේ කාන්තාවන්ය. ගන්නා ලද සියළුම ක්‍රියාමාර්ග අඟවන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනයේ සිටි ප්‍රභූ පිරිස විසින් කරන ලද දූෂණයන්ගෙන් සහ නොසැලකිලිමත් කටයුතු වලින් ජනිත වූ නින්දිත සහගත ණය ගැතිභාවය සඳහා කාන්තාවන්ට වන්දි ගෙවීමට සිදුවන බවයි.

මේ පසුබිම තුල කම්කරු ඇමති විසින් ජාතික කම්කරු උපදේශන සභාවේ එකම කාන්තා සාමාජිකාව ඉවත් කිරීමට අසාමාන්‍ය පියවරක් ගෙන ඇත.

කාන්තා කම්කරුවන්ගේ සහභාගීත්වය වැඩිකිරීමක් ලෙස මවා පාමින්, රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාවන් ඉවත් කිරීමට කම්කරු අමාත්‍යාංශයට සේවා යෝජකයන් විසින් දැඩි ලෙස බලපෑම් කරමින් සිටී. සේවායෝජකයින් අශෝභන ලෙස සමාජ ආරක්ෂණ ජාලයන් දුර්වල කිරීමට, රැකියා ලබා දීම සහ ඉන් නෙරපීම සාමන්‍ය වූ සංස්කෘතියකට අනුබල දෙමින්, කාන්තාවන්ට ලබා දෙන මාතෘ ආරක්ෂණ ක්‍රමයන් ඉවත් කිරීමටද අවශ්‍ය නීතිමය වෙනස්කම් ඇති කිරීමට අනුබල දෙමින් සිටී.
මේ පසුබිම තුල කම්කරු ඇමති විසින් ජාතික කම්කරු උපදේශන සභාවේ එකම කාන්තා සාමාජිකාව ඉවත් කිරීමට අසාමාන්‍ය පියවරක් ගෙන ඇත. ජාතික කම්කරු උපදේශන සභාව රජය, සේවායෝජක සංගම් සහ වෘත්තීය සමිති යන තුන් කොට්ඨාශයම ඇතලත් වන මණ්ඩලයක් වේ. මෙකී අංශ තුනේම කොටස්කරුවන්ගෙන් රටේ වැඩකරන ජනයාට බලපාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට සහ ඔවුන්ට සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති එකම ජාතික මට්ටමේ සංවිධානය මෙය විය. එක්සත් කම්කරු සම්මේලනය 2021 වසරේ දී ස්වස්තිකා ආරුලිංගම් මෙනවිය එහි නිත්‍ය නියෝජිතයකු ලෙස පත් කරන තෙක් ජාතික කම්කරු උපදේශන සභාව තුල එය ස්ථාපනය කරන ලද වර්ෂ 1994 සිට කාන්තා සමාජිකාවක් සිටියේ නැත.
එක්සත් කම්කරු සම්මේලනය ස්වස්තිකා ආරුලිංගම් සභාපතිත්වය දරණ වාණිජ හා කාර්මික සේවක සංගමයද (Commercial and Industrial Workers Union) ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එකතවී ගොඩනගන ලද සම්මේලනයකි. නිත්‍ය සාමාජිකාවක් ලෙස ජාතික කම්කරු උපදේශන සභාවට ඇය පත්වීම ඉතිහාසගත වන්නේ වෘත්තීය සමිති නියෝජනය කිරීමට කාන්තාවක් පත්කරගත් ප්‍රථම අවස්ථාව එය වන නිසාය. මෙම භූමිකාව තුලද ඇය කාන්තාවන්ට පවතින කම්කරු ආරක්ෂණයන් ඉවත් කිරීමට කටයුතු කරන ප්‍රතිපත්ති වලට එරෙහිව දැඩි ලෙස විරුද්ධත්වයක් පෑවාය.
තවද ඇය තවත් සමිති විශේෂයෙන්ම කාන්තාවන් නායකත්වය දරණ වෘත්තීය සමිති ජාතික කම්කරු උපදේශන සභාවට ඇතුලත් කර ගැනීමට දැඩි උත්සහයක් දැරුවාය. නීතිඥවරියක් වශයෙන් ඇගේ නීතිමය නිපුනතාවය, කම්කරු ප්‍රතිපත්ති සහ රෙගුලාසි සම්බන්ධ කතිකාවේ දී ඉතා වැදගත් අංගයක් විය.
ශ්‍රී ලංකාවේ දුප්පත් වැඩකරන ජනතාව විශේෂයෙන්ම කාන්තාවන් සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක එවැනි පුද්ගලයෙක් සිටීම අතිවිශාල වැදගත්කමක් වේ.
2023 මැයි මසදී ජාතික කම්කරු උපදේශන සභාව නැවත සකස් කිරීම උදෙසා කම්කරු ඇමතිවරයා විසින් අත්තනෝමතික ලෙස පත්කිරීමේ සහ නාම යෝජනා කිරීමේ සදුසුකම් දැක්වීමට උපමානයන් දක්වන ලදී. මේ ක්‍රියාව තුලින් එක්සත් කම්කරු සම්මේලනය සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද අතර එමගින් කම්කරුවන් නියෝජනය කරන එකම කාන්තාවද ජාතික කම්කරු උපදේශන සභාවෙන් ඉවත් කරන ලදී.
සංගමයන් සහ වෘත්තීය සමිති තෝරාගැනීමට ඇති එකම නිතිමය උපමානය ”වැඩිම නියෝජිතත්වය” තිබීම යන පසුබිම තුල ජාතික කම්කරු උපදේශන සභාවට ඉතාම උසස් ලෙස සේවකයන් නියෝජනය කල හැකි එකම කාන්තාවට එසේ කිරීම වැලක්වීම සම්බන්ධයෙන් අප කම්පාවටත් දැඩි ලෙස දුකටත් පත්වෙමු. ශ්‍රී ලංකාවෙි කාන්තා කම්කරුවන්ගේ සුභසාධනය සහ සැලකිය යුතු වෙනත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට වඩාත්ම සුදුසු නියෝජිතයා ඇය බව අප විශ්වාස කරන අතරම විශේෂයෙන් මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙම ඉවත් කිරීම කාන්තා කම්කරුවෙන්ගේ අයිතීන් දැඩි ලෙස අනතුරට ලක් කරන්නක් වේ.
ජාතික කම්කරු උපදේශන සභාව කම්කරු ඇමතිගේ කැමැත්ත සහ ආශාවන්ට අනූව සාමාජිකයන් තෝරාගැනීම සීමාකරන ලද සංවිධානයක් නොවිය යුතුය. සමාජිකයින් ප්‍රමාණය ජාතික කම්කරු උපදේශන සභාවට ඇතුලත් වීමට එකම උපමානය නොවිය යුතුය. මේ මගින් විශේෂයෙන් කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන අපනයන අංශයේ වැඩි වශයෙන් වෘත්තීය සමිති කඩාකප්පල් කරන සහ සේවායෝජකයන්ගේ අසාධාරණ කම්කරු පිළිවෙත් ක්‍රියාත්මක වීම හේතුවෙන් සාමාජිකත්වය අඩුවෙන් පවතින අංශ බැහැර වේ. සාමාජිකත්වය අදාල නොකරගෙන වෘත්තීය සමිති වැඩි ගණනක් ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ වැඩකරන කාන්තාවන් ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කාන්තාවන් නායකත්වය දරන වෘත්තීය සමිති වලට නිසි පිළිගැනීමක් ලබාදිය යුතුය.
ඒ අනූව පහත අත්සන් කරන අප ඉල්ලා සිටින්නේ:
■ එක්සත් කම්කරු සම්මේලනයේ නියොජිතයෙක් ස්වස්තිකා ආරුලිංගම් ජාතික කම්කරු උපදේශන සභාවට වහා බලපැවැත්වෙන පරිදි නැවතත් පත් කිරීම.
■ කාන්තාවන් විසින් නායකත්වය දරණ වෘත්තීය සමිති වල නියෝජනත්වය වැඩිකිරීම තුලින් ජාතික කම්කරු උපදේශන සභාවේ කාන්තා නියෝජනය වහාම වැඩ්කිරීම
■ සියළුම කම්කරු නීති සංශෝධනය කිරීමේදී සහ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී කාන්තා කම්කරුවන් සහ කාන්තාවන් විසින් නායකත්වය සපයන කම්කරු සංවිධාන වලින් අදහස් ලබා ගැනීම සහතික කිරීම.
අත්සන් කරන්නන්
පුද්ගලයින්
1. ඒ.ඒ.ඒ. අවින්දි
2. ඒ අජිත
3. ඒ.එම්.ආර්.එස්.බී. රොෂාන්
4. ඒ.එම්.එස්.ඩී. පෙරේරා
5. ආකියා ආමෙන්
6. අගස්ත්‍රා ලීමා
7. අමාලිනී ද සයිරා
8. අමාලි වෙදගෙදර
9. අමිල සඳරුවන් – ගුරුවරයා
10. අන්බේරිය හනීෆා
11. ඇන්ජලිකා චන්ද්‍රසේකරන්
12. අනිත්‍රා වරියා
13. අනුරත රාජරත්නම්
14. අනුෂයා කොල්ලුරේ
15. අර්ජුන පරාක්‍රම – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
16. අසංක අබේරත්න
17. අශිල දන්දෙණිය
18. අශෝක මාලා විතාන
19. බී. ගෞතමන්
20. බී.කේ.එස්.සී. රුද්රිගු
21. බී සුඛිත
22. බිස්ලියා භූතෝ
23. බුහාරි මොහොමඩ්
24. සී.රනිතා ඥානරාජා – ඒ.ඒ.එල්
25. චමිලා තුෂාරි
26. චන්ද්‍ර දේවනාරායන
27. චන්ද්‍රිකා ගදීවසම් – නිදහස් ලේඛිකාව
28. චතුර කුමාර ජයවර්ධන
29. චින්තක රාජපක්ෂ
30. ඩී.ඒ. රුමේෂි හංසිකා
31. දීක්‍ෂ්‍ය ඉලංගසිංහ
32. ධනුෂ පතිරණ
33. දිල්රුක්ෂි හඳුන්නෙත්ති – AAL, ක්‍රියාකාරිනිය සහ මාධ්‍යවේදිනියක්
34. ආචාර්ය ගීතිකා ධර්මසිංහ
35. ආචාර්ය කුමුදු කුසුම් කුමාර
36. ආචාර්ය පී.පී. සිවප්‍රගාසම්
37. ආචාර්ය සකුන්තලා කදිරගාමර්
38. ඊ.ජී. මංජුල ප්‍රදීප් කුමාර
39. ඊ.එම්.එච්.එම්.කේ. ඒකනායක
40. ෆායිස් අමීර්
41. ෆාතිමා නබීලා ඉක්බාල්
42. ෆවුසුල් රිෆායා
43. ජී සුබිතා
44. ජී.උෂාන්තිනී
45. ජෝර්ජ් සෙල්වරාසා ජෙයන්තන්
46. එච්.අබේරත්න
47. එච්.රුසිත් කෞෂාන්
48. හෙලේෂිකා ඒකනායක
49. හර්මන් කුමාර
50. ඉරේෂා මධුවන්ති
51. ජේ.ඩී.එච්. ෆ්රැන්සිස්කෝ
52. ජේ. තයාලිනි
53. ජේ.වරයාලිනී
54. ජෙහන්කි ආනන්ද
55. ජොආන් සෙන්
56. ජෝසප් ස්ටාලින්
57. ජෝතිරාජ් ජෙගතීස්වරන්
58. ජුවයිරියා මොහිදීන්
59. කේ. චන්දිමා කුමාරි
60. කේ.හේමලතා
61. කේ.ජේ. බ්‍රිටෝ ප්‍රනාන්දු
62. කේ පත්මප්‍රිය
63. කේ.එස්. රත්නාවලේ – ඒ.ඒ.එල්
64. කේ සත්තියසීලන්
65. කාංචනා සඳමාලි
66. ලක්මාලි හේමචන්ද්‍ර
67. ලක්මාලි ලියනගේ
68. ලාල් විජේනායක
69. එම් අයන්තිකා
70. එම් නිර්මලතේවි
71. එම්.පී.එස්.ටී. මනමේන්ද්‍ර
72. එම්. රිෂිනි දිල්ෂානි
73. එම්.සිත්‍රාලේගා – ස්වාධීන ස්ත්‍රීවාදී පර්යේෂක, මඩකලපුව
74. මධුභාෂිනී ආර්. රත්නායක
75. මහාලක්ෂ්මි කුරුෂාන්තන්
76. මහේන්ද්‍රන් තිරුවරන්ගන් – යාපනය විශ්වවිද්‍යාලය
77. මානෙල් ප්‍රියන්ති ධනරත්න
78. මරීසා ද සිල්වා
79. එන් ආර්තිගන්
80. නගුලන් නේසියා
81. නාලිනී රත්නරාජා – ක්‍රියාකාරිනිය
82. නටාෂා වැන්-හොෆ්
83. නීල් ප්‍රියන්ත ප්‍රනාන්දු – සමාජ ක්‍රියාකාරී
84. නිහාල් අහමඩ්
85. නිල්ෂාන් ෆොන්සේකා
86. පී.එස්. ගමගේ
87. පසන් ජයසිංහ
88. පීටර් රෙසෙල් – වරලත් ගණකාධිකාරී
89. ප්‍රදීපා ක්‍රිෂාන්ති
90. ප්‍රසාද් ගමගේ
91. ප්‍රියංගිකා කුමාරවර්ධන
92. ප්‍රියන්ති ප්‍රනාන්දු
93. පුනි සෙල්වරත්නම් – ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සාමය සඳහා කාන්තාවන්
94. ආර්.කවුන්තිනී
95. ආර්. රන්ජන් – ඒ.ඒ.එල්
96. ආර්. රොබින්සන්
97. ආර් සත්තිය
98. රාජනි රාජේශ්වරී
99. රාජ්කුමාර් රජීව්කාන්ත්
100. රෙබෙකා ඩේවිඩ්
101. ආචාර්ය ජයන් පීරිස් පියතුමා
102. ගරු පියතුමා. නන්දන මනතුංග
103. රිෆ්සානා ෆික්රි
104. රොෂානි රත්නායක
105. රුවන් ලක්නාත් ජයකොඩි
106. එස්.සී.සී. ඉලන්කෝවන්
107. එස් ඊස්වරි
108. එස්.ඊතයාරානි
109. එස් කෝපිකා
110. එස් මරියරොසලින්
111. එස්.නිලානි
112. එස් නිත්තිකා
113. එස් සුගන්ති
114. එස් තර්සන්
115. එස්.තිලීපන්
116. එස්.ඩබ්ලිව්.කේ.එස්. මල්කාන්ති
117. සඳුන් තුඩුගල
118. සරලා එමානුවෙල් – මඩකලපුව
119. ශාමල කුමාර් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
120. ශිවන්ත රත්නායක
121. ශ්‍රීන් සරූර්
122. ශ් යාමලී අමරසිංහ
123. සිරිතුංග ජයසූරිය – මහ ලේකම්, එක්සත් සමාජවාදී පක්ෂය
124. සිතාරා කුලරත්න
125. සිතුමි නවෝදා
126. ශ්‍රීදේවි
127. ශ්‍රීපාලන් ජෙන්සි
128. සුගත් රාජපක්ෂ
129. සුමති සිවමෝහන් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
130. සුනන්ද දේශප්‍රිය – මාධ්‍යවේදි, ලේඛක සහ මානව හිමිකම් ක්‍රියාකාරික
131. සුරේන් ඩී පෙරේරා – ඒ.ඒ.එල්
132. සුරෙන්තිනි තමිලිනි
133. ටී.ජී.එස්. ධර්මසිරි
134. ටී. නිත්‍යා ගයනි
135. තේජා වංශිකා
136. තරිඳු උඩුවරගෙදර
137. තවරාජා ජනන්තන්
138. තිළිණ මාදිවල
139. තිසරණී ගුණසේකර
140. වී.ශාමිණී
141. වාස් ගුණවර්ධන – විදුහල්පති
142. වැනී සයිමන්
143. හාමුදුරුවෝ. ශා. සැමුවෙල් ජේ පොන්නයියා
144. ඩබ්ලිව්.ඒ.අයි. ස්වර්ණහංසි
145. ඩබ්ලිව්.ජී.හසිත ලක්ෂාන්
146. ඩබ්ලිව්.එම්. හර්ෂනී
147. ඩබ්ලිව්.එම්. කුමාරි
148. ඩබ්ලිව්.එම්.පී. වර්ණකුලසූරිය
149. වයි.එම්. ඉරේෂා මධුවන්ති
150. යෝගලිංගම් විජිත
සංවිධාන/වෘත්තීය සමිති
1. ඉඩම් හිමිකම් සඳහා අම්පාර දිස්ත්‍රික් සන්ධානය
2. වැඩ කරන කාන්තාවන් සඳහා මධ්යස්ථානය
3. ලංකා ගුරු සංගමය (CTU)
4. කෘෂිකාර්මික කම්කරු ජාත්‍යන්තර සන්ධානය (CAWI)
5. දබිඳු සාමූහික සංගමය
6. නැගෙනහිර සමාජ සංවර්ධන පදනම (ESDF)
7. අතුරුදහන් වූවන්ගේ පවුල් (FoD)
8. ධීවර කාන්තා සම්මේලනය
9. බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංසදය
10. නිදහස් කාන්තාවන්
11. සෞඛ්ය සේවක මධ්යස්ථානය
12. මානව උන්නතාංශ සංවිධානය (HEO)
13. මානව හිමිකම් කාර්යාලය (HRO)
14. ඉලුපයිකඩවායි කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
15. සමාජ සංවර්ධන ආයතනය (ISD)
16. පර්යේෂණ සහ සවිබල ගැන්වීම සඳහා ඉස්ලාමීය කාන්තා සංගමය (IWARE)
17. ඉතිකන්ඩාල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
18. ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
19. ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
20. ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය
21. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
22. ඒකාබද්ධ හෙද සේවා සංගමය
23. ඒකාබද්ධ පිරිවෙන් ගුරු සේවා සංගමය
24. ඒකාබද්ධ වරාය සේවක සංගමය
25. ඒකාබද්ධ දුම්රිය සේවක සංගමය
26. ඒකාබද්ධ ගුරු සේවා සංගමය
27. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
28. ඒකාබද්ධ ජල සම්පාදන සේවක සංගමය
29. කල්ලියඩි කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
30. කත්තලම්පිඩ්ඩි කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
31. නීතිය සහ සමාජ භාරය (LST)
32. විමුක්ති ව්‍යාපාරය
33. මලරුම් මොට්ටුකල්
34. මන්නාරම කාන්තා සංවර්ධන සම්මේලනය (MWDF)
35. සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා ව්‍යාපාරය (MMSJ), කොළඹ
36. ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය (MONLAR)
37. මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය
38. මුස්ලිම් කාන්තා සංවර්ධන භාරය (MWDT)
39. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (NAFSO)
40. ජාතික සාම සභාව (NPC)
41. නෙදුවරම්පු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
42. පාලියාරු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
43. වතු කම්කරු මධ්‍යස්ථානය
44. පුද්ගලික සේවක මධ්යස්ථානය
45. පුත්තලම දිස්ත්‍රික් කාන්තා ස්වයං රැකියා සහ ප්‍රතිසන්ධාන සංසදය
46. මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED)
47. ග්‍රාම සංවර්ධන පදනම
48. සවිරිකුලම් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
49. ශ්‍රමාභිමානී කේන්ද්‍රය
50. සහෝදරත්වයේ මුලපිරීම
51. ශ්‍රී ලංකා සියලුම විදුලි සංදේශ සේවක සංගමය
52. නැගී සිටිමු ව්‍යාපාරය ලංකා
53. නැගී සිටින්න කම්කරු සංගමය
54. තරු කාන්තා සමිතිය, පුත්තලම
55. තෙඩාල් කාන්තා සමිතිය
56. එක්සත් වාම බලකාය (ULF)
57. සමාජ වෙනසක් සඳහා වල්ලමයි ව්‍යාපාරය
58. වැද්දයියන්මුරිප්පු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය
59. උතුරු පළාතේ කාන්තා හඬ
60. කාන්තා ගොවි සංසදය මඩකලපුව
61. කාන්තා සහයෝගීතා පෙරමුණ (WSF)
62. කාන්තා සංවර්ධන නවෝත්පාදකයින්
63. කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN)
64. කම්කරු සහයෝගීතා සංගමය
65. කම්කරු අරගල මධ්‍යස්ථානය
66. වැඩ කරන කාන්තා පෙරමුණ

 

( නම්වැළ ගූගල් පරිවර්තනය මගින් ලබා ගන්නා ලද එකක් බව සලකන්න)

Archive

Latest news

Related news