Friday, March 29, 2024

ගෝටාගේ සෙට් එක රනිල් රාජපක්ෂ කාර්යාලයේ බරටම වැඩ!

ජනාධිපති කාර්යාලයේ ‘විශේෂ ව්‍යාපෘති’ ඒකකයේ ප්‍රධානියා ලෙස තවමක්  ගෝටාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර කටයතු කරන බව ජනමාධ්‍ය වාර්තා පෙන්වයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙසට බලකරමින් රටපුරා පැවති විරෝධතා හේතුවෙන් එම ධුරයෙන් ඉල්ලා අස්වී වසරකටත් වැඩි කාලයක් ගතවී ඇතත්,  දේශපාලන පත්වීම් ලැබූ ගෝටාගේ කාර්ය මණ්ඩලය අලුතින් නිර්මාණය කරන ලද විශේෂ ව්‍යාපෘති ඒකකයක් යටතේ ජනාධිපති කාර්යාලයේ තවදුරටත් කටයුතු කරමින් සිටින බව එම වාර්තා දක්වයි.

ජනාධිපති කාර්යාලයේ ඇති විශේෂ ව්‍යාපෘති ඒකකය යටතේ හිටපු පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර ඇතුළු ගෝටා තෝරාගත් කාර්ය මණ්ඩලයට මහජන මුදලින් වැටුප් සහ වරප්‍රසාද දිගටම ලැබේ.

මහජන කෝපය නිසා කලින් ඉල්ලා අස්වී තිබියදීත් ගොටාට හිටපු ජනාධිපතිවරයකුට හිමි දිරි දීමනා රාජපක්ෂටම නොකඩවා ලැබේ.  ඔහුට රජයෙන් සැපයූ කොළඹ මලලසේකර මාවතේ සුඛෝපභෝගී බංගලාවට සහ මිරිහානේ ඔහුගේ පෞද්ගලික නිවසට හමුදා ආරක්ෂාව ලබා දී ඇත.

ප්‍රදේශය ඝෝෂාකාරී බව සහ වෙනත් ගැටළු නිසා යැයි කියා ගෝටා මලලසේකර මාවතේ බංගලාවේ පදිංචිව නොසිටින නමුත් එහි ආරක්ෂක භට පිරිසක්  දිගටම යොදවා තිබේ.

ගෝටාගේ හිටපු කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති කාර්යාලයේ විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම ඒකකයේ කාර්ය කුමක්ද යන්න පැහැදිළි නැත.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිව සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සහ දැන් විශේෂ ව්‍යාපෘති ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන සුගීස්වර බණ්ඩාර මහතා වැනි නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ සමඟ උත්සව සඳහා නිතර පැමිණෙන බවද වාර්තා වේ.

මීට වසරකට පෙර ගෝටා බලහත්කාරයෙන් බලයෙන් පහ කළද මෙවැනි විශේෂ ඒකක දේශපාලන පත්වීම් ලැබූවන් සඳහා තවදුරටත් ඉඩ ලබා දෙන්නේ මන්දැයි රනිල් රාජපක්ෂ පැහැදිළි කර නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීම පරිදි පිහිටුවන ලද  කොළඹින් බැහැරව සිදුවන ඇතැම් ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමට එහි කාර්ය මණ්ඩලයට පැවරී ඇති බවත් කියැවේ.

 

Archive

Latest news

Related news