Tuesday, July 16, 2024

පී.බී. ජයසුන්දර ඉලක්ක කර විජේදාසගෙන් තවත් පුස් වෙඩිල්ලක්!

වර්ථමාන පාර්ලිමේන්තුවෙහි හොදම පුස් වෙඩිකරයා ලෙස කුප්‍රසිද්ධ වි ඇති රනිල් රාජපක්ෂගේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ තවත් පුස් වෙඩිල්ලක් පත්තු කර තිබේ.

ඊයේ පාර්ලිමේන්තුවෙහි කතා කරමින් ඔහු කියා ඇත්තේ  පාර්ලිමේන්තු කටයුතු විවෘත කිරීම සඳහා ලෝක බැංකුව විසින් පාර්ලිමේන්තු සභාවාර, COPE සහ COPA සජීවීව ප්‍රචාරය කිරීම පිනිස  ලබාදුන් මිලියන 100 ක ප්‍රදානයට  සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

රුපියල් මිලියන 100ක එම මුදල  බැර කරන ලද්දේ පී.බී. ජයසුන්දර වෙත බවත් විජේදාස ප්‍රකාශ කරයි.

2006 සහ 2007 වසරවලදී තමන් කෝප් කමිටු සභාපතිවරයාව සිටියදී ලෝක බැංකුවෙන් රු. කෝප් කමිටුවේ වැඩකටයුතු වෙනුවෙන් අගය කරමින් රුපියල් මිලියන 100ක් ලබා දුන් බවයි.
ලෝක බැංකුවෙන් රු. කෝප්, කෝපා සහ පාර්ලිමේන්තු කටයුතුවල විනිවිදභාවය සහතික කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් ලබා දී ඇති අතර එම මුදල් ජයසුන්දර භාණ්ඩාගාරයට බැර කිරීම නිසා එම කාර්යය නිම කිරීමට නොහැකි වූ බවත් විජේදාස පවසයි. ඔහු කියා සිටන්නේ එම අරමුදල්වලට  සිදු වූ දෙයක් කියලා  තවමත් කිසිවකු නොදන්නා බවයි.
එනමුත් මෙම කතාව මෙතනින් එහාට නොයනු ඇති බවට කැට තැබිය හැකිය.
මෙයට පෙර එක්ප්‍රරස් පරල් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී විනාශ වීමෙන් සිදු වු අලාභය වසං කිරිම පිනිස ඩොලර් මිලියන 250ක් අල්ලසක් ලබා ගත් පුද්ගලයකු ගැන විජේදාස තැබූ පුස්වෙඩිල්ද ආ ගිය අතක් නැත.
ඔහු විසින් වචනයක්වත් වෙනස් නොකරන බවට වහසි බස් වෙඩි පත්තු කර ත්‍රස්ත විරෝදී පනත ද දැන් ආගිය අතක් නැත. යුරෝපා සංගමයෙන් ලැබෙන ජීඑස්පී සහනය ගබා ගැනීම පිනිස දැන් එය තාවකාලිකව වල දමා තිබේ.
සෑම ආණෟඩුවකම ඇමැති ධූරයක් දැරීම පමණක් සිය එකම ප්‍රතිපත්තිය බවට පත් කර ගෙන සිටින විජේදාස ගෝටා යටතේ සුචච කීකරුව මංත්‍රීකම කළ  ඔහුට ලබා දුන් නාමමාත්‍රීක රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.
2018 ජනාධිපති සිරිසේනගේ කුමන්ත්‍රණ ආණ්ඩුවේද  විජේදාස ඇමැති ධූරයක් ලබා ගත්තේය.
රනිල් වික්‍රමසංහ විරෝධියකු වූ විජේදාස රනිල් රාජපක්ෂ වී ජනාධිපතිකම ලැබූ සැණින් ඔහුගෙන් ද ඇමැතිකමක් ලබා ගත්තේය.
සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news