Thursday, March 28, 2024

ගෝඨාභය ඝාතන තැත: වසර 13 ත්‍රස්ත පනත යටතේ සිරකර සිටි සිවලිංගම් ආරුරන් නිදොස් කොට නිදහස්

ඡායාරූපය: සිවලිංගම් ආරුරන්
2006 වසරේ කොල්ලුපිටිය පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවෙකු වූ සිවලිංගම් ආරුරන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මැයි 16 දින නියෝග කළේය.
ඔහු අත්අඩංඟවට ගන්නා ලද්දේ 2009 වසරෙහිදීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ විත්තිකරු සහකාර පොලිස් අධිකාරීවරයා වෙත ලබාදුන් පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් සිදු නොකළ බවට අධිකරණය තීන්දු කළ බවයි.
ඒ අනුව අදාළ පාපොච්චාරණය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරු නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බව සඳහන් කළේය.
තවද මෙම නඩුවේ චූදිත පොන්නසාමි කාර්තිගේසු සිවාජිට එරෙහි නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණයේ අංක 01 විනිසුරුවරයා වෙත යොමු කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
අරුරන් යනු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ 16 වැනි වසර සිරභාරයේ සිටියදී 65 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ස්වාධීන දෙමළ නවකතාව සඳහා වන සම්මානය දිනා ගැනීම සඳහා වඩාත් ප්‍රසිද්ධ දෙමළ භාෂා ලේඛකයෙකි.
පසුගිය වසර 13ක් පුරා සිරගතව සිටි  වන සිවලිංගම් අරූරන් විසින් රචිත ආතුරසාලෙයි නවකතාව හොඳම දෙමළ සාහිත්‍ය නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඉංජිනේරු උපාධිධාරියෙක් වන ඔහු  බන්ධනාගාරයේ දී දෙමළ නවකතා 7ක් සහ ඉංග්‍රීසි නවකතා 1ක් ලියා ඇත.
ඔහුගේ ‘ආතුරසාලෙයි’ නවකතාව මුළුමනින්ම ලියා ඇත්තේ 2006 දී බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයේ සිටියදීය.
( ඉංග්‍රසි බසින් පලවූ පුවත්  ඇසුරිණි)

Archive

Latest news

Related news