Thursday, April 25, 2024

ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවයේ අවපැහැ ලකුණ – මංජුල ගජනායක

ප්රින්ස් සරෝජිනී මන්මදරජා චාර්ල්ස් හෙවත් පී. එස්. එම්. චාර්ල්ස්, ආත්ම වංචනයක නොයෙදෙන කවර හෝ සිහි බුද්ධියක් ඇති රාජ්ය සේවකයෙකු කිසිදා සිදු කරනු ඇතැයි අපේක්ෂා කල නොහෙන, අජූව දනවන ප්රතිපදාවක් දේශයට දායාද කොට, අවසන ආණ්ඩුකාර ධූරය නම් වූ බ්රහ්මාස්වාදයට පත්වූ බව ඉමහත් සංවේගයෙන් යුක්තව දැනුම් දීමට කැමැත්තෙමි.
මේ සොඳුරු කොදෙව්වේ පරෙස්සමට ලිවිය යුතු කරුණු කිහිපයකි. ඉන් ප්රමුඛ කරුණකි ආගම. තවත් කරුණක් වන්නේ ස්ත්රී පුරුෂ සමාජභාවයයි. එබැවින් චාර්ල්ස්ගේ රාජකාරි චර්යාවේ අහුපෑවත විමසන මෙම සටහන ඇගේ කාන්තාභාවය හෝ ආගම ස්පර්ශ නොකරන බව ඉමහත් වගකීමෙන් ලියා තබමි.
ශ්රී ලාංකේය දේශපාලනයේ අටඅනූවක් ව්යාධි ඇත්තේය. ඉන් එකක් වන්නේ ආණ්ඩුකාරයා ලෙස තෝරන එකා තෝරා ගන්නා ක්රමවේදයයි. මෙතෙක් එලෙස ආණ්ඩුකාරකම් සඳහා තෝරාගෙන ඇති ඇත්තන් තෝරාගෙන ඇත්තේ එක්කෝ දේශපාලන අවකෙළියේ යෙදෙමින් එකට සොරකමේ සහ දඩයමේ ගිය නිසාය. නැත්නම් නෑ- මිත්ර සනුහරයට සැළකීම සඳහාය. එසේත් නැත්නම් හමුදාකාරයෙක් ව ලොක්කන්ට ගතු කීමේ පින පළදීම හේතුවෙනි. ඉන් බැහැරව හෝ අනුගතව වුව, හේවා මාතර ගමගේ පලිහක්කාර මෙන්ම සුප්පයියා සර්වානන්ද වැනි මහත්වරුන්ද වරින්වර පත්වීම් ලද බැව් ද සටහන් කොට තැබීම වටී.
මේ පහතින් පළවන්නේ උතුරේ ආණ්ඩුකාර කෝලම නටපු හැටිය.
මොහාන් විජේවික්රම, වික්ටර් පෙරේරා, ඩික්සන් දෑල, ජී. ඒ.චන්ද්රසිරි, හේවා මාතර ගමගේ පලිහක්කාර, රෙජිනෝල්ඩ් කුරේ, සුරේන් රාඝවන්, පී. එස්. එම්.චාර්ල්ස්, ජිවන් ත්යාගරාජා පලිහක්කාර හැර මේ ලැයිස්තුවේ එකෙකුන් හෝ මෙරටේ ජන සම්භාවනාවට පාත්ර වූවන් නොවේ. මොහාන් විජේවික්රම නාවික හමුදා ශික්ෂණය හමුවේ ජේත්තුකාර භූමිකාවක් පළ කළා විනා රටෙහි සංඛ්යාත්මකව කුඩා එහෙත් උතුරේ ප්රබල ජන අනුපාතයක් ලත් දෙමළ කතාකරන මිනිසුන්ගේ සුභ සිද්ධිය පැතූ නායකයෙක් නොවේ.
ඩික්සන් දෑල යනු ආණ්ඩුකාර තනතුර නොව කනිෂ්ඨ පාසලක ‘වොචර්’ කම හෝ දීමට තරම් දීප්තිමත් ප්රතිභාවක් පෑ හපනෙක් නොවේ. ඔහු ලත් එකම සුදුසුකම තර්ස්ටන් විද්යාලයට ගාටමින් මහින්ද රාජපක්ෂට යාබද අසුනේ හිඳ ගැනීමයි. ආණ්ඩුකාර කෝලම හා සම වෙනත් කෝලමක් මෙරටේ ඇත්නම් ඒ ජාතික ලැයිස්තුවට මන්ත්රීවරුන් තේරීම පමණි. කුප්රකට මර්වින් සිල්වා පාර්ලිමේන්තුවට එනතෙක් ලුසිඩා සිල්වා එක් දිනකට ජාතික ලැයිස්තු මන්ත්රීවරියක් කළේ ද ලංකාවේය. පත්කළේ වෙන අන් කවුරුවත් නොව චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසිනි. (දැන්නම් ඇයට දූෂණ අක්රමිකතා පෙනෙන්නට වත් බැරිය).
අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ මෙවර ආණ්ඩුකාර කෝලම් තුනක් පන්නා – ඊට අනුයාත තිදෙනෙක් පත්කොට ඇත්තේය. ඉන් කෙනෙක් චාර්ල්ස්ය. චාර්ල්ස් යනු අද ද මැතිවරණ කොමිෂන් සභාවේ සිටින්නේද- නැද්ද යන්න කිසිවෙක් නිශ්චිතව නොදන්නා තැනැත්තියකි. ඇය යන බවක් කොමිසමට කීවේ නැත. ඇත්තේ ජනාධිපති කාර්යාලයට ඇය යොමුකළ අස්වීමේ ලිපියක පිටපතක් පමණි.
රනිල් වික්රමසිංහ කොක්කෙන් හෝ කෙක්කෙන් පළාත් පාලන ජන්ද විමසීම කල් දැමීමට මාන බලන සමයේ ඊට අදාළ අනගිභවනීය සහය දුන් දෙදෙනෙකි. කෙනෙක් ගංගානි කල්පනා ලියනගේය. අනෙක් කෙනා මේ චාර්ල්ස්ය. තම සහෝදර සාමාජිකයන් සිව් දෙනෙක් ජනතා පරමාධිපත්යය ය ආරක්ෂා කිරීම උදෙසා සීමිත අවකාශයක පීඩාකාරී වෑයමක නිරත වන අල්ලපනල්ලේ චාර්ල්ස් ඉල්ලා අස් වූවාය. කොමිසම එක මතයක නැතැයි වික්රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ බෑගිරි ගෑවේ මේ අනුවය.
ඇය නික්ම ගිය මොහොතේ අපි කැට තියා යමක් පැවසුවෙමු. එනම් ඇය නොබෝ දිනකින් මතුවන්නේ ආණ්ඩුකාර පදවියකින් හෝ විදේශ දූත සේවයෙන් බවයි. කියු ලෙසම චාර්ල්ස් කුමරියගේ ඉහේ නැවතත් මලක් පිපී ඇත. ඇය මෙරටේ ටික දෙනෙකුට දීප්තිමත් නිළධාරිනියකි. ජන්දත් කෙරූ දිසාපතිවරියකි. මංගලට එපා වු රේගුවේ ලොක්කියද ඇයයි. එකී කරුණු පිළිබඳ ඇතිපදම් දේ ලිවිය හැකි වුවද ප්රස්තුතය එය නොවේ.
ව්යවස්ථාපිතව මෙරටේ ස්ථාපිත තීරණාත්මක කොමිසමක් වූ මැතිවරණ කොමිසම තම පළමු ජන්ද විමසීමට සුදානම් වන අතරතුර විධායකයේ අභිලාෂයට අනුරූපව හදිසියේ කොමිසමෙන් නික්ම ගොස් , අදාළ ජන්ද විමසීම අතුරුදහන් කල විටෙක කිසිවක් සිදු නොවුනා සේ ආණ්ඩුකාර ධූරයකින් මතු වීමට තරම් ඇය තුළ කෙතරම් විශාල තනතුරු ආශාවක් දළුලන්නට ඇත්ද?
ඇයගේ කොමිෂන් සභා ශේෂ පත්රය ද සැබවින්ම අවපැහැ වූවකි. අප අත්දුටු සාක්ෂියක් වන්නේ කොමිසම කොළඹ හැර අනෙක් පරිපාලන දිස්ත්රික්ක 24හි ජනතාව හමුව සාකච්ජා කිරීමේ සුවිශේෂී සම්මන්ත්රණ මාලාවක් පැවැත්වුවත්, අඩුම තරමේ ඇය තමන් වැඩි කලක් රාජකාරි කල උතුරට හෝ නැගෙනහිට වුව පැමිණ ඉන් එකකට හෝ සහභාගී නොවූ බවයි.
ආණ්ඩුකාර ධූරයේ සිට කොමිසන් සභා සාමාජිකාවක් වීම නව නින්ගිරාවක් සේ ඇය සැලකුවා දැයි අපි නොදන්නෙමු. එහෙත් කොමිසම වෙත නිසි ගෞරවයක් පුද කරන බවක් අපි අයගෙන් නොදැක්කෙමු. කෙදිනක හෝ අවසන් සුසුම් පොද වා තලයට මුසු කිරීමට පූර්වයෙන් නැවතත් ආණ්ඩුකාර පදවියේ රස බලන්නෙමැයි ඇය සිතුවා වැන්න. අවාසනාවට චාර්ල්ස් මේ කෝචොක් කරන්නේ මෙරටේ රාජ්ය සේවයට බව ඇයගේ පෙර නික්මීම අනුමත කල සූකිරි බටිල්ලන් හට සිහි කල යුතුය.
චාර්ල්ස් යනු ජර්මනියේ නිපන් නාම පදයකි. එහි අර්ථය නිදහස් මිනිසා යන්නයි. අපගේ කතා නායිකාව නිදහස්ව ඇත්තේ නමින් පමණි. තනතුරු කෙරෙහි ඇති ඉහවහා ගිය ගිජු බව මඟින් ඇය යදම් දාමයකින් බැඳ ඇත්තා සේය.
මංජුල ගජනායක මුහුණු පොතිනි

Archive

Latest news

Related news