Friday, March 29, 2024

ලබ්බට තිබ්බ අත පුහුලට: රනිල් -ටිරන් ගැන්සිය කඩේ ගිය ඩීඅයිජීලාටත් පොලිස් කොමිසමටත් කෙලී!

සේ. පියවර්ධන විසිනි.
මානව හිමිකම් කොමිසමට, මැතිවරණ කොමිසමට, මහජන සේවා උපයෝගිතා කොමිසමට කෙනෙහිළිකම් කරමින් ඒවා අඩපණ කිරීමට වළි කෑ රනිල්ර රාජපක්ෂ- ටිරන් අලස් ගැන්සිය දැන් ජාතික පොලිස් කොමිසමටත් අත හෝදා ඉදුල් වතුර හලා තිබේ.
පොලිස් කොමිසමේ සභාපති වන්නේ ගෝටා පත් කල ප්‍රසිද්ධ රාජපක්ෂ ගැත්තකු හා හිටපු පොලිස්පතිවරයකු ද වන චන්ද්‍රා ප්‍රනාන්දුය. එබැවින් ඔහු විසින් ටිරන් අලස්ගේ අමාත්‍යංශ ලේකම් විසින් නියෝග කරන ලද ඉහළ පෙළේ පොලිස් මාරුවීම අනුමත කරනු ඇති බව හූනා කියන්නා ලෙස කිව හැකිය.

චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බැසිල් රාජපක්සෂගේ නැගෙනහිර නවෝදය වැඩ සටහටනහි දේශපාලන පත්වීමක් ලැබ එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේය. මෑතදී ඇමෙරිකාවේ සිට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනිමට ගුවන් තොටුපලට පවා ගියේය.

පොලිස්පතිවරයා විසින් ඊයේ  දැනුම් දී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දක්වා කර ඇති ආකාරයට ජාතික පොලිස් කොමිෂන් සභාවේ පසුව ලැබෙන ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුකිරීම් කරන බවයි.
ටමම හදිසි මාරු කිරිම්  වලට කොමිසමේ අනුමැතිය ලැබෙන බව පොලිස්පති දැන සිටි බව එමගින් ද සනාථ වේ.
මෙලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකු මාරු කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් කිසිදු හදිසි සේවා අවශ්‍යතාවක් තිබූ නැති අතර මෙම මාරුවීම් කර ඇත්තේ දේශපාලන හේතූන් උඩ බව පෙනේ.
මෙසේ හදිසියේම මාරු කර ඇත්තේ රනිල් සහ විජේදාස දෙබෑයන් විසින් සම්මත කර ගන්නට පෙර කෑ ත්‍රස්ත විරෝධී පනත මගින් මෙරට ඕනෑම අයකු ත්‍රස්තවාදියකු ලෙස මාස තුනකට සිරගත කිරීමේ බලය දීමට යෝජනා කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ය.
දැන් රාජපක්ෂ සමාගමට එවැනි බලයක් දීමට ගිය ඩීඅයිජීලා ද වහකදුරු වී තිබේ. ඔවුන්ට එම බලය දුන් විට කුමක් වන්නට ඇත්ද කියා මෙමගින්ද සිතා ගත හැකිය.
අමාත්‍යාංශ ලේකම්වරයකුට උසස් පොලිස් නිලධාරීන් මාරු කිරීමට අධිකාරයක් නැත. අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කරගන්නේ තමන්ගේ සුචච කීකරු ගෝලයින් බව  මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට පිටුපා රනිල් රාජපක්ෂට දණ නැමීමෙන් රටටම පෙනුනි.
ලංකාවේ පවතින්නේ නීතියේ පාලනය නොව දේශපලනඥයින්ගේ පාලනයයි.
තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව ඉතා ද්වේෂ සහගත තීන්දුවක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනටමත් පොලිස්පති වෙත ලියුමක් යවමින් දන්වා තිබේ.
අජිත් රෝහණගේ ලිපිය සඳහන් කරන්නේ තමාට දෙන ලද මාරුවීම පිටුපස පොලිස් ඇමැති  ටිරන් අලස් සිටින බවයි. පොලිස් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකු ආරක්ෂා කිරීම සඳහා ඇමතිවරයා මෙසේ කටයුතු කරන බව ද ඔහු සිය ලිපියේ සඳහන් කරයි. ඒම කරුණු උඩ මෙම ස්ථාන මාරුවීම් නිර්දේශ නොකරන ලෙස ඔහු තම ලිපිය මගින් ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇත.
එලෙස ආරක්ෂා කරන්නේ චූදිත දේශබන්දු තෙන්නකෝන් බවට සැකයක් නැත.
එම ලිපියෙන් ඔහු තවදුරටත් පවසන්නේ පසුගිය 18වනදා පැවැති රුස්වීමකදී අමාත්‍ය ටිරන් අලස් පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමන් විසින් යවන ලද ලිපියක් සම්බන්ධයෙන් තමා‌ට දෝෂාරෝපණය කළ බවයි.
ඩීඅයිජී අජිත් රෝහණ  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත ද ලිපියක් යවා තිබේ. තමන්ට දී ඇති ස්ථාන මාරුව  නීතිවිරෝධී බවත්  සහ නීති විරෝධී තීරණ ක්‍රියාත්මක කිරීමට විනයගරුක නිලධාරීන් බැඳී නැති බැවින්  තමන් සිය රාජකාරි ස්ථානය හැර නොයන බවයි. ( එම ලිපිය අවසානයේ ඇත)
මේ වනාහී ශ්‍රී ලංකා පොලිස් සේවය රනිල් රාජපක්ෂ සහ ටිරන් අලස් යටතේ දේශපාලණීකරණය වී ඇති අන්දම පෙන්වන තුච්ච සහගත නිදසුනකි.
අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි අවධියෙහි ඔහු රාජපක්ෂ පාලනයට කඩේ ගියේ කඳ බැඳගෙනය. ආණ්ඩුව විවේචනයට ලක් කළ විරෝධතාකරුවන්ට විරුද්ධව කටේ  නොගෑවී බොරු කීමේ හැකියාවක් ඔහු ප්‍රදර්ශනය කළේ ස්වාධීන පොලිස් නිලධාරියකුට වඩා දේශපාලන ප්‍රචාරකයකු ලෙසය.
එම දේශපාලන ගැති බාවය දැන් ඔහුටම විරුද්ධව පාරා වළල්ලක් වීම දෛවයේ සරදමකි.
රනිල් රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය අනුමත කරමින් ජනතාවගේ අයිතීන් කෙලෙසමින්  ක්‍රියා කරන කාට කාටත් මෙය හොඳ පාඩමක් බව නොකියා බැරිය.
එසේ ම තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව නීතිවිරෝධී සහ අයුක්ති සහගත බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද පොලිස් කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ  එම නිසා අදාළ ස්ථාන මාරුව අනුමත නොකරන ලෙසය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙනෙකු විසින්ම පොලිස්පතිවරයා දේශපාලන අතකොළුවක් වී නීති විරෝධී ලෙස ක්‍රියා කරන බව පැවසීම මූල්‍ය අරමුදලේ ජනාධිපති රනිල් රාජපක්ෂගේ රෙද්ද බිමටම ඇද දැමීමක් හා සමානය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබද පත් කරන ලද ජනාධිපති කොමිසම නිර්දේශ කරන ලදී. පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ද ඒම තීරණය සනාථ කරන ලදී. මැයි 09දා ගෝල්පේස්හි කඳවුරු බැඳ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමට වක්‍ර ලෙස අනුබල දීම නිසා, එම පරීක්ෂන අවසන්වන තුරු ඔහු බස්නාහිර පලාතෙන් බැහැරට මාරු කරන ලෙස නීතිපතිවරයා විසින් තෙවරක්ම නිර්දේශ කරන ලදී.
ගෝටා ගේ නිල නිවසෙහි තිබී සොයා ගත් කෝටි දෙදකට ආසන්න මුදල, දේශබන්දු ගේ නියෝග මත බාර දෙන ලද්දේද මෙම කුප්‍රසිද්ධ ටිරන් අලස්ටය.
එල්ටීටීඊයට කොටි ප්‍රකෝටි ගණනින් තමා මුදල් දුන්බව ප්‍රසිද්ධියේ පිළිගත් වර්තමාන පොලිස් ඇමැති ටිරන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් ගජ මිතුරන්ය. ඩීඅයිජී තෙන්නකෝන්ට විරුද්ධව ආණ්ඩුවෙන් ඇඟිල්ලක් හෝ එසවෙන්නේ නැත්තේ එනිසාය.
මාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය: ජ්‍යෙෂ්ඨ එල්.එස්. පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාතට; ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාතේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන ලෙස; එස්.සී. මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට දකුණු පළාතට; ඩබ්ලිව්.කේ. ජයලත් නැගෙනහිර පළාතේ සිට වයඹ පළාතට‍; ආර්.එල්. කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස; කේ. අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා ලෙස.
අජිත් රෝහණ දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කලේ වසරට පෙරය. ප්‍රියන්ත වීරසූරිය මෙයට පෙර වසරක් තුළ දෙවතාවක් මාරු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතා කෙටි කාලයක් ඇතුළත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර පළාත සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාත ලෙස අවස්ථා කිහිපයකදීම ස්ථාන මාරු කිරීමට ලක්ව තිබේ.   ඔහු සදහන් කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කළකිරීමට පත්ව සිටින බැවින්, ඔවුනට නීතියේ ආදිපත්‍ය පවත්වා ගෙන යෑමට සහ ඒ සදහා සැළසුම් සකස් කිරීමට නොහැකි බවයි.
මෙය පොලිස් ඇමති ටිරන් අලස්ට එක එල්ලේ එලල් වූ දෝශාභීයෝගයකි.

අජිත් රෝහණ ඇමැති  ලේකම්ට  යැවූ ලිපිය:

( යම් යම් කරුණු ජනමාධ්‍ය වාර්තා කෙරෙනි)

ඪීඅයිජී අජිත් රෝහණ යුවූ ලිපිය:

ඩීඅයිජී ප්‍රියන්ත වීරසූරිය යැවූ ලිපිය:

Archive

Latest news

Related news