Friday, April 19, 2024

බරපතල මානව හිමිකම් කෙළෙසීම් නිසා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ලැයිස්තු ගත කර ඇමෙරිකාවට ඇතුලු වීම තහනම් කරයි

ඡායාරූපය: කරන්නාගොඩ රාජපක්ෂ පවුලේ අයෙක් වැන්න.

මෙරට බරපතල මානව හිමිකම් ෙකෙළසීම් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ලැයිස්තු ගත කර එරටට ඇතුලු වීම තහනම් කරන ලද මෙරට යුද්ධ ප්‍රධානීන් අතරට අද සිට වසන්ත කරන්නාගොඩ එක් කර තිබේ. එමගින් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ ඇමෙරිකාවට ඇතුළු වීමට තහනම්ය.

රාජපක්ෂ පවුලේ විශ්වාසවන්ත සොල්දාදුවකු වන කරන්නාගොඩ හිටපු නාවික හමුදාපති සහ ගෝටා පත්ඛල රනිල් රාජපක්ෂ පවත්වාගෙන යන වයඹ ආණ්ඩුකාරයා ද වේ.

ත්‍රිකුණාමල ගන් සයිට් නාවික හමුදා කඳවුරෙහි රඳවා ගෙන සිට මරා දමන ලද දරුවන් 11 දෙනා පිළිබඳ නඩුවෙන් වසන්ත කරන්නාගොඩ ඉවත් කර ගන්නා බව නීතිපති සංජ් රාජරාත්නම් වසර දෙකකට පමණ පෙර අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙම තරුණයින් එම කඳවුරෙහි රදවා ගෙන සිටි බව වසන්ත කරන්නාගොඩ දැන සිටියේය.

එකසත් ජනපදය වසන් කරන ලද මෙම  ලැයිස්තු ගත කිරීම අනුව කවර හෝ යුරෝපා රටකදී වුව වසන්ත කරන්නාගෙඩ අත් අඩංඟුවට ගෙන නඩු පැවරීමේ ඉඩ කඩක් ඇතිවෙයි.

එම ප්‍රකාශය මගින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ “වසන්ත කරන්නාගොඩ මානව හිමිකම් උල්ලංඝණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කර ඇති චෝදනාව බරපතල සහ විශ්වාසදායක බවයි. ”

එම ප්‍රකාශය සම්පුර්ණයෙන්:

2023 රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තියට අනුව, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ නම් කරන්නේ, ඔහු  ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වීම හේතුවෙනි.  මෙම නියෝගය අනුව  කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ එක්සත් ජනපදයට ඇතුළු වීමට තහනම් වේ.

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීම් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීය ය. වසන්ත කරන්නාගොඩ නම් කිරීම මගින් එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කැපවීම යලි තහවුරු කරයි.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතාව පදනම් වී ඇත්තේ වසර 75ක හවුල් ඉතිහාසය, සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීම මතය. අප අපගේ ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරම, ශ්‍රී ලංකාවට නිසි ලෙස සම්පත් හා පුහුණුව ඇති බව සහතික කරමින් මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාමටත් නැගී එන ආරක්ෂක ගැටළු නිසි ලෙස විසඳීමට ශ්‍රී ලංකාවට සම්පත් සහ පුහුණුව ඇති බව සහතික කිරීමටත්  ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපි කැපවී සිටිමු.

ඉංග්‍රිසි බසින් ප්‍රකාශය මෙහි ඇත.

මේ අතර රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ඇමැති අලි සබ්රි කියා සිටින්නේ මෙම තීරණය ලංකාණ්ඩුව පිළි නොගන්නා බවයි.

එක්සත් ජනපදයේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ තනතුර ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

2023 අප්‍රේල් 26 වන දින වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නම් කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව කනගාටුව පළ කරයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල 2023 අප්‍රේල් 27 වන දින එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් වෙත ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු ලෙස, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එක්සත් ජනපදය විසින් එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පරිපූර්ණ ප්‍රවේශයට හානිදායකය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය පසුබිමෙහි මෙම නිවේදනය නිකුත් වීම ද අවාසනාවන්ත තත්ත්වයකි.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධානය, ආර්ථික ප්‍රකෘතිය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව දරන උත්සාහයන් දිගටම කරගෙන යනු ඇත.

විදේශ කටයුතු අමාත්යංශය

කොළඹ

2023 අප්‍රේල් 27

 

Archive

Latest news

Related news