Tuesday, July 16, 2024

ලොහාන් රත්වත්තේට මිනී මැරීමට තැත්කිරීම යටතේ නඩු පැවරීමට නිර්දේශ කළ, ගෝටා සහ රනිල් හැංගූ වාර්තාව මෙන්න

අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලූ වී, දෙමළ සිරකරුවන් දස දෙනෙකු පෙළ ගස්වා ඉන් දෙදෙනෙකු මරා දමන බවට සිය පිස්තෝලය ඔවුන්ගේ හිසට තබා තර්ජනය කිරීම සම්බන්ධයෙන් එවකට රාජ්‍ය ඇමැතිවරයකු වූ ලොහාන් රත්වත්තේට මිනීමැරීමට තැත් කිරීම යටතේ නඩු පැවරිය හැකි බවට නිර්දේශ කල කමිටු වාර්තාව දැන් ප්‍රසිද්ධයට පත් තිබේ.

මෙම වාර්තාව මෙතෙක් කළක් ගෝටාභය සහ රනිල් රාජපක්ෂ යන රාජපක්ෂවරුන් දෙනොම විසින් සඟවා ගෙන සිටියේය. ඔහු රනිල් රාජපක්ෂගේ වැවිල කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයාය.

ඔහු එවකට ගෝටා ගේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිවරයා විය.

මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මරදානේ සමාජ සහ සාමයික කේන්ද්‍රය ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමට අනුවය. මෙම වාර්තාව ඇමති මණ්ඩලයේ තීරණයක් අනුව සකස් කරන ලද්දක් බැවින් එය ලබා දිය නොහැකි බව  අධිකරණ අමාතයාංශ පළමුව දන්වා සිටියේය. එනමුත් සමාජ සහ සාමයික් කේන්ද්‍රයේ අභියාචනය විමසා බැලූ තොරතුරු කොමිසම එම තොරතුරු ලබා දෙන ලෙස නියෝග කළේය.

මෙම වාර්තාව ලබා ගැනීමට දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කර නැත.

අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් කඩා වැදුණු ලොහාන් රත්වත්තේට විරුද්ධව පහත සඳහන් චෝදනා යටතේ නඩු පැවරිය හැකි බව වාර්තාව සඳහන් කරයි.

පලාගිය ජනාධිපති ගෝටා මෙන්ම රාජපක්ෂ රෑකඩයා වන රනිල් රාජපක්ෂ ද මෙම වාර්තාව මෙතෙක් කල සඟවා ගෙන සිටි අතර එම නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කරන නැත.

මෙම වාර්තාව මෙසේ ද සඳහන් කරයි:

2021 සැප්තැම්බර් 06 දින අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් කඩා වැදුණූ ඇමැතිවරයා ඊට පෙර තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ වැළිකඩ බන්ධනාගාරයට ද කොට කළිසමකින් සැරසී ඇතුල් වී නොමන ලෙස හැසිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස එම වාර්තාව නිර්දේශ කර තිබූ ඇත. ඔහු වැළිකඩ බන්ධනාගාරයට ගොස් ඇත්තේ පෝරකය බැලීමට පමණක් බවත් සිරකරු සුභසාධනය සම්බන්ධයෙන් නොවන බවත් වාර්තාව සඳහන් කරයි. ඔහු විසින් බන්ධනාගාරයට කැඳවා ගෙන ගොස් එල්ලුම් ගස පෙන්වූ පුද්ගලයින් අතර ප්‍රසිද්ධ ස්ත්‍රියක සිටි බව වාර්තා වූ නමුත් එම පුද්ගලයින් ගැන වාර්තාව කිසිවක් සඳහන් කර නැත.

ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් කරන ලද ක්‍රියා ඔහුගේ ඇමැති බලතල පැහැදිලිවම ඉක්මවා යෑමක් බව ද වාර්තා සඳහන් කරමින් කියා සිටින්නේ සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බවය.

එනමුත් ගොටාද රනිල් රාජපක්ෂද ඔහුට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැත. මෙම සිදුවීමද පෙන්නුම් කරන්නේ මෙරට දේශපාලන පංතියේ නියෝජිතයිනට ඕනෑම අපරාධයක් කර නිදැල්ලේ සිටීමට ඇති අයිතියයි. මහ බැංකු හොරකම සම්බන්ධයෙන් චෝදනා ලබා සිරගත විය යුතු රනිල් රාජපක්ෂ ජනාධිපතිව සිටින රටක මෙවැනි අපරාධකරුවන් ඇමැතිවරුන් ලෙස මහජන මුදලින් වැජඹීම අරුමයක් නොවේ.

සේ. පියවර්ධන.

වාර්තාවෙහි මුල් කොටස මෙහි කියවන්න: Lohan Rathwaththa Report_20230405_0001

 

Archive

Latest news

Related news