Friday, April 19, 2024

කතානායක මහින්ද යාපා පාර්ලිමේන්තුව නොකී කතාව: මහ බැංකු සංශෝධන පනත් කෙටුම්ප‌තෙහි වගන්ති 46ක් ව්‍යවස්ථාවට විරුද්ධයි!

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන  03 දා  පාර්ලිමේන්තුවට  කරන ලද දැනුම් දීම වැරදි සහගත බව දැන් හෙළිදරව් වී තිබේ.

එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අනුමත කළ හැකි බවද කථානායකවරයා පැවසු බව පුවත්පත් ගණනාවක් විසින්ම වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මාර්තු 7 වැනි දින සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිි.

කතානායකගේ එම ප්‍රකාශය ‌බොහෝ මාධය මගින් උජාරුවෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ලද ජයක් බව පෙන්වමිනි.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම ඇතුළු අතිරේක කරුණු සඳහා මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය ලබා දීම සහ මහ බැංකුව විසින් දැනට ස්ථාපිත කර ඇති මුදල් නීති පනත ඉවත් කිරීම සඳහා ය.

ඇත්ත වශයෙන්ම නම් එම පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති 134න් 46ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා තිබේ. එ‌ම වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් පවා අවශ්‍ය බව ද එහි සඳහන් වේ.

සරල බහුතරයකින් එය සම්මත කළ හැක්කේ එම වගන්ති සංසෝධනය කිරීමෙන් පමණි.

පනත් කෙටුම්පතේ වගන්ති 46ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා නැත.

එම වගන්තිවලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සංශෝධන යෝජනා කර තිබුණ ද  එයින් අදහස් වන්නේ පනත් කෙටුම්පතේ ඇති වගන්ති කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නොවේ යැයි නීති අංශ පෙන්වා දෙති.

 

 

Archive

Latest news

Related news