Saturday, April 20, 2024

අධිකරණය විසි කළ හෙරොයින් කිලෝ 200ක් ඇල්ලූ කතාවේ කුඩු කෑවේ කව්ද?

ඡායාරූපය: පොලිස් සාක්ෂි පරස්පර සහ අක්‍රමවත්වීම නීසා නඩුව විසි කරන ලදී.

2019 වසරේ අප්‍රේල් මාසයේ දී ත්‍රිකුණාමලය මුහුදු තීරයේ දී හෙරොයින් කිලෝ 196.98ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් පස් දෙනෙකු නඩුවෙන් නිදහස් කර කරන ලදී.
එලෙස අත් අඩංඟුවට ගත් බව පොලිසිය  හෙරොයින් කී කිලෝ 196.98  එසේ නම් එම බෝට්ටුවේ නොති බුණිද නැත්තම් නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ කෙසේද යන්න ගැන කිසිවක් පිටු 48 කින් යුතු නඩු තීන්දුවේ සඳහන් නොවේ.
ඇත්ත වශයෙන්ම මෙැවැනි මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩඟුවට ගත්තේද නැද්ද යන ප්‍රශ්ණය පවා දැන් ඉතිරි වී තිබේ.
රජයේ රස පරීක්ෂකවරයා සිය සාක්ෂියෙහි දී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්රෑම් 263 තුළ ශුද්ධ හෙරොයින් කිලෝ 196 ග්රෑම් 986ක් ඇත බව රජයේ රස පරීක්‍ෂකවරයා  වාර්තා කළේය.
පොලිසිය මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නඩු වලින් සියයට 80ක් පමණ බොරු නඩු බව පසුගියදා කියා සිටියේ අන් කවරකුවත් නොව අධිකරණ ඇමැති රාජපක්ෂය. එලෙස නඩු පවරන්නේ වංචා දූෂණ සඳහා දැයි ඔහු ප්‍රශ්න කර තිබුණි.
මෙම නඩුව සඳහා සිද්ධියේදී ගත් ඡායාරූප සහ වීඩීයෝ පට අධිකරණයට ඉදිරිපත් කොට තිබුණේ ද නැත. පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් අධිකරණයේ දුන් සාක්කි පිළිගත නොහැකි බව අධිකරණය නිගමනය කළේය. මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන කළ ආකාරය පිළිබඳ  අධිකරණය මවිතයට පත් වන බවද නඩු තීන්දු‌වෙහි සඳහන් වේ.
මෙතරම් විශාල මත්දුව්‍ය තොගයක් සම්බන්දයෙන් පොලිසියේ හැසිරීම පුදුම සහගතබව නීති අංශ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 400ක් එපිටදී මෙම මත් ද්‍රව්‍ය තොගය ඇල්ලූ කතාව එකල මහත් ප්‍රසිද්ධියට පත් විය. එම මත් ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්  බවට ප්‍රකාශ කළ සැකකරුවන් බස්නාහිර පළාත් මහාධිකරණය විසින් නිදහස් විසින් නිදහස් කරන ලද්දේ පොලිසිය ඉදිරිපත් කළ සාක්ෂි නොගැළපීම  සහ සටහන් වැරදියට යොදා තිබීම නිසාය.
මෙම වැරදි සිතා මතා කළ දේ යන්න ගැන කිසිවක් නඩු තීන්දුවෙහි සඳහන් නොවේ. කිලෝ 200ක හෙරොයින් වල වීදි වටිනාකම රුපියල් බිලියන එකක් සහ මිලියන 200ක් තරම්ය. එවැනි ජාවාරම්කරුවන් සිය සැපයුම් සහ වෙළදාම රැක ගැනීම සඳහා කොටි ප්‍රකෝටි ගණනින් අත දිග හැර වියදම් කරන බව රහසක් නොවේ.
ප්‍රථම වරට මත් ද්‍රව්‍ය පිළිබඳ විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලද්දේ නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් අනුව අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසිනි.  2021 සැප්තැම්බර් 27 වැනිදා නඩු විභාගය ආරම්භ කරන ලදී.
මෙම නඩුව පවරා තිබුණේ   අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැති විත්තිකරුවන්ට එරෙහිවය.
ත්‍රිකුණාමලයට කිලෝමීටර් 400ක් දුරින් ජාත්‍යයන්තර මුහුදේදී “ශාන්ත අන්තෝනි” නමැති ධීවර යාත්‍රාවකින් උර 13ක බහාලු පාර්සල් 248ක් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 263ක්ද සමඟ මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේය.
නාවික හමුදාව විසින් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට පෙන්වන ලද පොලිසැක් උර ඔහුට පසුව හඳුනා ගැනීමට නොහැකිවීම පුදුම සහගත බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.
පැමිණිල්ලෙන් කියන ආකාරයට මෙවැනි වැටලීමක් සිදුවුවාද යන්න සැක සහිත බවත් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සාක්කි කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත් විත්තිකරුවන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් පිළිබඳ නඩු භාණ්ඩ දාමය ඔප්පු කිරීමට පැමිණීල්ලට හැකියාව ලැබී නැතැයිද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයී තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් සියලු දෙනාම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
මෙම මත් ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් දිනය, බෝට්ටුව පිළිබඳ තොරතුරු ලැබුණ වේලාව සහ අත්අඩංඟුවට ගත් වේලාව යැයි කරන ලද සටහන් වලද පරස්පර ඇති බව නඩු තීන්දුවේ සඳහන් වේ.
බැලූ බැල්මටම පෙනෙන ‌කාරණයක් නම් මෙම මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම නිවික හමුදාව විසින් කරන ලද දෙයක් බවත්, පොලිසිය තමන්ගේ වීරක්‍රියාවක් ලෙස දැක්වීමට ගොස් ඇන ගෙන තිබෙව බවත්ය.
මෙවැනි නඩුවක් පැවරීමට පෙර සාක්ෂි විමසා බලා නිසි පරිදි කටයුතු කිරීමට සංජේ රාජරත්නම්ගේ නීතිපති දෙපාර්තමේන්තුවද අසමත් වි ඇති බව පෙනේ.
මෙයට සති කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සඳහා යොදා ගත් බවට සැක කරන පුපුරණ දුව්‍ය සවා තිබූ පොල්වත්ත බාරව සිටි ගපූර් මාමා නම් තැනැත්තෙක් සම්බන්ධයෙන් ද කුලියාපිටිය අධිකරණ හමුවෙහි  පොලිසිය මෙවැනිම අසම්පූර්ණ ලියවිලි සහ සාක්ෂි ඉදිරිපත් කර තිබුණි. එම නොගැළපීම් සහ දින නොයෙදීම් හිතා මතා කරන ලද ඒවාද යන්න නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රශ්න කළ බවට වාර්තා විය.
නමුත් මෙම නඩුවෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව එවැනි ස්ථාවරයක් ගෙන නැත.
මෙම නඩුව ඊයේ විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඔප්පු වී නොමැති බවයි.
මෙම නඩුවට අදාළව පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබාදුන් ප්‍රකාශය පිළිගත නොහැකි බව විනිසුරුවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
සම්පුර්ණ නඩු වාර්තාව මෙහි කියවන්න:HC(TAB) 3887-2022 2023-04-06

ජනමාධ්‍ය වාර්තා සහ නඩු තීන්දුව ඇසුරිණි.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news