Thursday, May 2, 2024

මාර සමීක්ෂණයක්: අප්‍රසාදය වැඩිත් අඩුත් දෙකම රාජපක්ෂලා‌‌ට!

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය IHP නම් ජනමත සමීක්ෂණ ආයතනය මගින් කරන ලද තවත් සමීක්ෂනයක අරුම පුදුම ප්‍රතිඵලයක් දැන් නිතුක් කර තිබේ.

මෙම සමීන්ෂණ ප්‍රතිපලයට   අනුව මෙරට ඉතාම අප්‍රසාදයට පත් දේශපාලනඥයින් වන්නේ පහළ සිට පිළිවෙලින් බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂය.

එම සමීක්ෂණයම අනුව ජනප්‍රියත්වය ඇති දේශපාලනඥයින් ඉන්නේ දෙදෙනෙකු පමණි. ඒ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දු පුල්ලේ සහ ආචාර්‍ය ඡන්න ජයසුමනය.

සුදර්ශනී පුල්ලේ පසුගිය කාලයෙහි කරන ලද කිසිදු ජනහිතකාමී ක්‍රියාවක් නැත. චන්න ජයසුමන යනු මිත්‍යා විශ්වාසයන් වපුරන, පුස්සක් වූ කොවිඩ් පැණිය වර්ණනා කළ දේශපාලනඥයෙකි.

මේ දෙදෙනාම අයත් වන්නේ රාජපක්ෂ දේශපාලන ධාරාවටය.

මේ දෙදෙනා ලංකාවේ ජනප්‍රියම හෝ අප්‍රසාදයක් නැති දේශපාලනඥයින් දෙදෙනා බවට නිගමනය කරන ජනමත සමීක්ෂනයක විශ්වසනියත්වය තිබෙන්නේ රාජපක්ෂලාටත් වඩා පහළින් විය හැකිය.

එම දෙදෙනාට ඉහළම ළකුණූ ලැබීම සාධාරණ කරන එම ආයතනයේ  IHP විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විමර්ශක වෛද්‍ය රන්නන්-එලිය මෙසේ කියයි: “මෙම ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ මුළු දේශපාලන පන්තියම අපකීර්තියට පත්ව ඇති බවයි. කෙසේ වෙතත්, වඩා හොඳ ශ්‍රේණිගත කිරීම් සහිත දේශපාලනඥයන් මහජනතාවට දැඩි සත්‍ය කතා කිරීමේ කීර්තියක් ඇති වෘත්තිකයන් හෝ දේශපාලනඥයන් වීමට නැඹුරු වීම කැපී පෙනේ – COVID-19 සම්බන්ධයෙන් වෛද්‍ය සුදර්ශිනී, හෝ ආර්ථික අර්බුදය සහ වේදනාකාරී පියවර අවශ්‍යතාවය පිළිබඳව අලි සබ්ර් වැනි අයයි. මම හිතන්නේ බොහෝ දේශපාලකයින් අමාරු දේවල් කියන්න කැමති නැති නිසා ඔවුන් එය ජනප්‍රිය නොකරනු ඇතැයි ඔවුන් සිතනවා, නමුත් දුෂ්කර දේ පිළිගැනීමට අදහස් කළත් අවංක වීමට උත්සාහ කරන දේශපාලනඥයන් මහජනතාව අගය කරන බව පෙනේ.”

මේ අනුව අලි සබ්රි ද පැත්ත මාරු කරන නොව ඇත්ත කියන දේශපාලනඥයෙකි. කෝවිඩ් ගැන ඇත්ත කී සුදර්ශීනි සහ ව්‍යාජ පැනිය බෙදූ ජයසුමන ද බය නැතිව ඇත්ත කියන අයයි.

එපමණක් නොව කලගෙඩි ගංගාවලට දමා කොවිඩ් දුරු කිරිමට නාඩගමක් නැටූ පවිත්‍රා වන්නිආරච්චි, අනුර කුමාර දිසානායක තරමටම අප්‍රසාදය අඩුම අයෙකි.

මේ සමීක්ෂණය වසරක් පුරා එනම් 2022 අගෝස්තුවේ සිට 2023 මාර්තු දක්වා දුරකථනය හරහා කරන ලද එකකි.

මෙසේ දුරකථනය මගින් කතා කළ හැක්කේ නිත්‍ රැහැන්ය සහිත දුරකථන ඇති පුද්ගලයින්ට පමණි.

සමීක්ෂනය අනුව සජිත් ප්‍රේමදාසට වඩා රනිල් රාජපක්ෂ අප්‍රසාදයට ලක්ව සිිටින අතර අනුර කුමාර ඒ දෙදෙනාටම ඉහළින් සිටී.

රාජපක්ෂ පවුල හැරුණ විට වැඩිම අප්‍රසාදයට පත්ව ඇත්තේ රනිල් රාජපක්ෂ කැබිනට්ටුවේ ඇමතිවරුය.

මෙම සමීක්ෂනයේ අද මෙරට ඉතා ජනප්‍රිය දේශපාලඥයකු වන මඩකළපු මංත්‍රී රාසමානික්කම් සානක්කියම් හෝ කිසිදු දෙමළ දේශපාලනඥයකු නැත.

Archive

Latest news

Related news