Sunday, May 5, 2024

පුල්මුඩේ බුදු පිළිමයක් තැබීමට විරෝධය පෑ දෙමළ සහ මුස්ලිම් ජනයාට පිස්තෝලයක් ඇද තර්ජනය කරයි!

බුදු පිළිමයක්  ස්ථාපනය කිරීම නතර කිරීමට උත්සාහ කළ පුල්මුඩේ දෙමළ මුස්ලිම් ජනයාට බෞද්ධ භික්ෂුන් සමඟ පැමිණි ආරක්ෂක  නිලධාරියකු පිස්තෝලයක් ඇද තර්ජනය කරන වීඩියෝවක් දෙමළ ජනමාධ්‍යවේදියකු වන කුමනන් විසින් මුදා හැර තිබේ.

මෙසේ  දෙමළ සහ මුස්ලිම් විරෝධතාකරුවන්ට වෙඩි තබන බවට තර්ජනය කර ඇත්තේ ශ්‍රී ලංකා අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) නිලධාරියෙකු බව වාර්තා වේ.

සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් දෙමළ සහ මුස්ලිම් ජනතාවට අයත් ඉඩමක ඊයේ බුදුපිළිමයක් ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි කෝපයට පත් වී ඇත. උද්ඝෝෂකයින් ප්‍රදේශයට රැස් වූූූයේ එම හිමිනමගේ රියැදුරෙකු ගොවි වැටක් කඩා එම ඉඩම අල්ලා ගැනීමට යාමෙන් පසුවය.

මෙම සිදුවීම වාර්තා වන්නේ 02 දිනය.

මෙම භික්ෂූ කණ්ඩායම මෙහෙය වූ පනාමුරේ තිලකවංශ යනු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ සිය ජනාධිපති කාර්ය සාධක බලකායට පත් කරන ලද සහ ඔහු විසින් “උතුරු සහ නැගෙනහිර පළාත්වල මහ නාහිමි” ලෙසින් හැඳින්වූ හිමිනමය.

2020 වසරෙහි දී පවා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි කොට්ඨාශයේ තිරියායේ ඊසාම් දෙමළ ගොවීන්ට තම ගොවිබිම්වලින් බැහැරව සිටින ලෙසට පනාමුරේ තිලකවංශ හිමි තර්ජනය කළ බවට වාර්තා පළ විය.

ගොවි බිම් හයක් පුරා අක්කර දහසකට වැඩි ප්‍රදේශයක පුරාණ බෞද්ධ කෞතුක වස්තු පැතිරී ඇති බවට ප්‍රකාශ කරමින් එම ප්‍රදේශවල තවදුරටත් කෘෂිකාර්මික කටයුතුවල නිරත වුවහොත් වහාම අත්අඩංගුවට ගන්නා බවට තිලකවංශ හිමි ගම්වාසීන්ට තර්ජනය කළ බවටද වාර්තා විය.

මුලතිව් නගරයට මායිම්ව පිහිටි ත්‍රිකුණාමල නගරයක් වන පුල්මුඩේ හි  දැනට සිදු කෙරෙන සිංහලකරණයේ කොටසක් මෙම පිළිමය  තැන්පත් කරන බවට ප්‍රදේශවාසීහු  බිය පළ කරති.

“ලංකාවේ සමානාත්මතාවය සහ සහන සඳහා ජනතාව” (PEARL) නම් සංවිධානය 2019 වාර්තාවක් දෙමළ සහ මුස්ලිම් ප්‍රදේශවල ජන පදනම හිතාමතාම වෙනස් කිරීමට සිංහලකරණය සහ මිලිටරිකරණය භාවිතා කරන ආකාරය ඉස්මතු කර තිබේ.

උතුරු-නැගෙනහිර දශක ගනනාවක් තිස්සේ සිංහලකරණයට යටත් වූ නමුත් මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ හමුදා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව උත්සාහයන් තීව්‍ර වී ඇත.

Archive

Latest news

Related news