Thursday, April 25, 2024

තෙපර නොබා පලාත් සභා ඡන්දය මාර්තු 19ට පෙර පවත්වනු! විපක්ෂය මැකොට ලියයි

ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු 19 හෝ ඊට පෙර පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විරුද්ධ දේශපාලන පක්ෂ (SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMC) එක්ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.
එම පක්ෂ සියලල්ම 07වැනි දින උදෑසන 09ට මැතිවරණ කොමිසම හමුවීමටද නියමිතය.
පලාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබූ එකම බාධාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කිරීමත් සමඟ මුදල් අමාත්‍යංශ ලේකම් සමඟ රැස්වීමක් පැවත්වීමට අවශ්‍ය නැතැයි එම ලිපිය සඳහන් කරයි.
ඇත්ත වශයෙන්ම නම් පොලිස්පති කැඳවා ඔහුට උපදෙස් දීමට පවා මැතිවරණ කොමිසමට බලය තිබූ නමුත් මැතිවරණ කොමිසම එම  පියවර ගත්තේ නැත.
දැනුදු එය එළඹෙන 07 දින මුදල් ලේකම්, පොලිස්පති සහ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඉන් පසු මැතිවරණය සඳහා දිනයක් නියම කරන බවට කර ඇති ප්‍රකාශය අනවශ්‍ය යටත් වීමක් සහ කල් ගැනීමක් යයි දේශපාලන අංශ පවසති.
1998 වර්ශයෙහි ජනාධිපතිනි කුමාරතුංග යටතේ පලාත් සභා මැතිවරණ දෙකක් කල් දැමීමට විරුද්ධව කරුණාතිලක සහ සුනන්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් දිසානායකට විරුද්දව පවරන ලද නඩුවෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රකාශ කළේයථ
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය සහතික කරන බව මතක තබා ගත යුතුය, එවිට ඔහුට මැතිවරණවල සියලුම අංග සම්බන්ධයෙන් නීතියට නිසි ලෙස අනුකූල වන ලෙස නොබියව අවධාරනය කළ හැකිය – අවශ්‍ය නම්, සුදුසු නීතිමය ක්‍රියාපටිපාටීන් පිළිවෙළට ආරම්භ කිරීමෙන් පවා. අධිකරණ නියෝග ලබාගැනීමටෙ පවා හැකිය”
එවැනි තත්වයක් යටතේ මැතිවරණ දිනය ගැන තෙපර බෑමක් අවශ්‍ය නොවන බව දේශපාලන අංශ දක්වති.
යනව ලද ලිපිය:

Archive

Latest news

Related news