Thursday, April 25, 2024

අරගලය‌ට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ සමාජවාදයට මෙරට ඇති කැමැත්ත ධනවාදය පරදයි – SLOTS ජනමත විමසුම

2022 ඔක්තෝම්බර් සිට 2023 පෙබරවාරි දක්වා එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය බිඳවැටීමෙන් මාස හයකට පසු අරගලය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සහයෝගය ඉහළ මට්ටමක පවතින අතර එය වැඩි වෙමින් පවතින බව ජනමත සමීක්ෂණයකින් තහවුරු වේ.

මෙම වාර්තාව රනිල් රාජපක්ෂ සහ ටොයියන්ගේ බහුබූත කතා කුඩු පට්ටම් කරයි.

මෙම ජනමත සමීක්ෂනයට අනුව ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකුගෙන් හය දෙනෙකුට (55%) අරගලය පිළිබඳ හිතකර දැක්මක් තිබූණි.

අරගලය දෙස නිෂේධාත්මකව බැලුවේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් (18%) පමණකි.

2022 අග සිට 2023 පෙබරවාරි දක්වා, අරගලය කෙරෙහි ව ලැදියාව දිගටම වැඩි වී තිබේ.

එමෙන්ම බහුතර  ලාංකිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය  සහ සමාජවාදය  සම්බන්ධයෙන් ඇත්තේ  හිතකර අදහස් ය. එම හැගීමද දිගටම වැඩි වෙමින් තිබේ.

ඊට ප්‍රතිවිරුද්ධව, ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට (22%) පමණක් ධනවාදය පිළිබඳ ධනාත්මක දැක්මක් තිබේ.  එම කාලසීමාව තුළ එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.

මෙම ජනමත විමසුම පවත්වන ලද්දේ SLOTS නම් ආයතනය විසිනි.

අරගලයට සහය දැක්වීම, ජනවාර්ගික කණ්ඩායම් සහ පළාත් අතර සමාන වේ.  SLOTS ජනමත විමසුම පෙන්නුම් කරන්නේ අරගලයට සහයෝගය පුළුල් ලෙස පැතිරී ඇති අතර එය සිංහල ප්‍රජාවට හෝ බස්නාහිර පළාතේ හෝ නාගරික ප්‍රදේශවල ජීවත් වන අයට පමණක් සීමා නොවන බවයි.

වඩා උගත්  ශ්‍රී ලාංකිකයන් අරගලයට වඩාත්ම හිතකර වන අතර ධනවාදය පිළිබඳ වඩාත්ම නිෂේධාත්මක අදහස් දරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ඇති ශ්‍රී ලාංකිකයන් අතර ධනවාදයට -42%ක සෘණාත්මක අප්‍රසාදයක් ඇත.

ධනවාදය කෙරෙහි මෙම අප්‍රසාදයට හේතුව පසුගිය දශක තුන තුළ ආධිපත්‍යය දැරූ ආර්ථික ප්‍රතිපත්තියේ සුසමාදර්ශය “ධනවාදය” බව‌ට ලාංකිකයින් අතර ඇති හැඟීමය.

පසුගිය දින ගණනාව තුල සජිත් ප්‍රේමදාස විසින් සමාජවාදයට විරුද්ධව විශාල ප්‍රහාරයක් එල්ල  කරන ලදී.‍

එනමුත් ජනමත විමසුමට අනුව සමගි ජන බලවේගයේ අනුගාමිකයින් අතර පවා ධනවාදයට වඩා ලැදියාවක් ඇත්තේ සමාජවාදයටය.

සමාජවාදය යනුවෙන් සමාජ සාධාරණත්වය අදහස් වන අතර ධනවාදය යනුවෙන් පවත්නා ක්‍රමය අදහස් වීම මෙම තත්වයට හේතුව විය හැකි බව දේශපාලන අංශ පවසති.

සමාජවාදය යන අදහසට මෙරට බහුතර කැමැත්තක් තිබීම, දීර්ඝ කාලයක් පුරා  මෙරට වමේ බලවේග විසින් ගෙනයන ලද සමාජ සාධාරණත්ව අදහස් නිසා පැන නැගී  ඇති බවද එම පිරිස් පවසති.

Archive

Latest news

Related news