තහනම් නොකළ ප්‍රදේශයකදී ජාජබ පා ගමනට කඳුළු ගෑස් ගැසීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

916

පසුගිය 26වන දින ජාතික ජන බලවේගය කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශය තුල පැවැත් වූ විරොධතා පා ගමනට එල්ල කළ පොලිස් ප්‍රහාරටෙන් පුද්ලගයින් 28 දෙනෙකු රෝහල ගත කිරීමට සිදුවීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පපරීක්ෂනයක් ආරම්භ කර තිබේ.

මානව හිමිකම් කොමිසම දක්වන්නේ එම  ප්‍රදේශය තුල විරෝධතා දැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නොතිබූ බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අද සිට පැය 24ක් ඇතුළත වාර්තාවක් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇති බවත් එය ලැබුණූ විගස සිය පරීක්ෂනය ආරම්භ කරන බවත් මානව හිමිකම් කොමිසම පවසයි.