Friday, April 19, 2024

මාලිමාවේ විරෝධතාවයට එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් දෙදෙනෙකු අසාධ්‍ය වී අයෙක් මියයයි! 28 දෙනෙක් රෝහලේ!

ඡායාරූපයේ සිටින්නේ මිය ගිය පුද්ගලයාද යන්න තහවුරු වී නැත. ( ඡායාරූප ස්තුතිය නිව්ස් කටර්)

ජාතික ජන බලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී කැරලි මර්දන පොලිසිය යොදවා සිදු කළ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉන්  එක් අයකු මිය ගොස් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  පවසන පරිදි ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් යමෙකුට අවසන් වන්දිය ගෙවීමට සිදුවීම ඛේදවාචකයක් බව අවධාරණය කරමින් ජීවිත හානිය පිළිබඳ සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය.

ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ විරෝධතාව මැඩපැවැත්වීම සඳහා යොදාගත් අධික බලය පිළිබඳ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවයි.

මේ අතර මේ වනවිට සිද්ධියෙන් තුවාල ලැබූ 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිති.

ඊයේ පස්වරුවේ ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා දෙකකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

මෙම විරෝධතා පාගමන පැවැත්වුයේ, විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කරමිනි.

-Lanka Truth සහ නීව්ස් කටර් අසුරිනි.

Archive

Latest news

Related news