Friday, April 26, 2024

2009 මැයි මාසයේ බාර වූ එලීලන් ඇතුලු තිදෙනෙකු ඉදිරිපත් කරන ලෙස වවුනියා මහාධිකරණය හමුදාවට නියෝග කරයි!

නඩු තීන්දුවෙන් පසු  නිවෙස් බලා යන බිරින්දන් තිදෙනාගේ පින්තූරය @kamalakkannan ගෙනි.

2019 මැයි මාසයේදී හමුදාවට භාර වී පසුව අතුරුදන් වූ එල්.ටී.ටී.ඊ සටන්කාමීන් තිදෙනෙකුගේ බිරින්ඳන් විසින් සිය පුරුෂයයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ හබයාස් කෝපුස් නඩුවක තීන්දුවක් දෙමින් වවුනියා මහාධීකරණය ඔවුන් තිදෙනා ඉදිරිපත් කරන ලෙස යුද හමුදාවට නියෝග කරන ලදී. මෙම හබයාස් කෝපුස් නඩුව ගොනු කර තිබුණේ හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් වූ LTTE සාමාජිකයන් වන S.සසීදරන් (එළිලන්), P.කන්දසාමි (කන්දම්මාන්) හා R. ක්‍රිශ්ණකුමාර් යන අය වෙනුවෙනි.

හබයාස් කෝපුස් නඩුවක සටහන්, වවුනියාව 23.02.23.

කමලක්කන්නන්.

බ්‍රහස්පතින්දා, දූවිලි සහිත උසාවියක, විනිසුරුවරයෙක් වැදගත් තීන්දුවක් ලබා දුන්නේය. මෘදු ලෙස කතා කළ ඔහු කාන්තාවන් තිදෙනා එකිනෙකා බැගින් ඉදිරිපසට කැඳවීය. මුලින්ම නැගිට්ටේ කාන්ති. ඇය කඳුළු සලමින් සිටියාය. විනිසුරුවරයාගේ නියෝග එකින් එක සමාන විය.

වසර ගණනාවකට පෙර ලබා දුන් බිරින්දන්ගේ සාක්ෂි තමන් විශ්වාස කරන බව පැවසූ විනිසුරුවරයා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා හමුදාවට නියෝග කළේය. මීට වසර දාහතරකට පමණ පෙර එනම් 2009 මැයි මාසයේදී මුලතිව් ප්‍රදේශයේ පැවති යුද්ධයේ අවසන් දින කිහිපයේදී ඔවුන් හමුදාවට භාර වී ඇත.
ඔවුන් ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වුවහොත් ඔවුන් අතුරුදන් වූ තත්ත්වය පැහැදිලි කළ යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

අනන්ති සසිදරන් නැවත සිය අසුනට පැමිණි විට ඇය මා දෙස බැලුවේ අධිෂ්ඨානශීලී බැල්මකි. ඇය දිනාගෙන තිබුණා.

පසුව අප නිවෙස් බලා  යන විට කාන්ති  ඇගේ හෑන්ඩ් බෑග් එකේ තිබූ ෆොටෝ එකක් පෙන්වීය. “ස්වාමිපුරුෂයා,” ඇය මට ඉංග්‍රීසි බසින් පැවසුවේ තවත් දෙමළ කොටි සාමාජිකයන් පිරිසක් අතර ඔහු සිටිනු පෙන්වමිනි. ඇය සතුටින් සිටියාය.

මෙම දිනයේ වැදගත්කම අඩුවෙන් මැනිය නොහැක. අනන්ති නැවත නැවතත් කීවේ “වෙට්ටි” යන්නයි, එය ජයග්‍රහණය ලෙස පරිවර්තනය  වේ. තවද මෙය ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද ස්වාමිපුරුෂයන්, දූවරුන් සහ පුතුන් සියලුම මව්වරුන් සහ භාර්යාවන් වෙනුවෙන් ලද ජයක් බව ඇය පැවසුවාය.

නමුත් එය අමුතුම ආකාරයේ ජයග්‍රහණයකි, අමිහිරි. සංකීර්ණ, අපැහැදිලි ජයග්රහණයකි. කාන්තාවන් සඳහා සාධාරණත්වය පිළිබඳ නිහඬ මොහොතකි.

ඔවුන්ගේ ආත්මය බිඳ දැමීමට සහ ඔවුන්ගේ නඩු නැවැත්වීමට බිය ගැන්වීමට රජය විසින් වසර ගණනාවක් මානසික ප්‍රහාර, වැරදි තොරතුරු සහ නීතිමය උපාය මාර්ග යොදා ගෙන තිබියදීත්, මේ මොහොත සම්පූර්ණයෙන්ම ඔවුන්ට අයත් විය. ඔවුන් එය විශ්වාස කළ දෙයකි.

උසාවියෙන් පිටත දෙමළ මාධ්‍යවේදීන්  පැමිණ සිටියේ දෙමළ මාධ්‍යවේදීන් පමණි.

(වවුනියාවේ බොහෝ සිංහල මාධ්‍යවේදීහු වෙති – පරිවර්ථක)

lotus.eyes @kamalakkannan විසින් පළ කරන ලද ට්වීට් කිහිපයක් අසුරෙන් සකස් කරන ලදී.

Archive

Latest news

Related news