Friday, April 19, 2024

මේ සාහසික අපරාධකරුවන් දෙදෙනා තවමත් නිදැල්ලේ වැජඹෙන්නේ කෙසේද?

පල්ලි යන අය සහ සංචාරක හෝටල්වල අනුග්‍රාහකයන් 250 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් [මෙහි මින් පසුව ‘සිරා’ යයි හඳුන්වනු ලබන] මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිකාරයාට අධිචෝදනා ගොනු කෙරුණු අතර ඔහු වරදකරු විය. ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට සිරාට නියම විය. එවකට ආරක්ෂක ලේකම්, පොලිස්පති, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සහ හමුදා නිලධාරීන් ද එලෙසම ඔවුන්ගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර ඔවුන්ට ද වන්දි ගෙවීමට නියෝග කෙරිණි.

ජනාධිපති විමර්ශන කොමිසමේ දී අනාවරණය වූ පරිදි, සිරා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට උපදෙස් දී තිබුණේ මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවක් ඇති තම මැතිවරණ සන්ධානයේ සියුම් සමබරතාවය සැලකිල්ලට ගනිමින් නැඟී එන ඉස්ලාම් අන්තවාදයට මෘදු ලෙස සලකන ලෙසයි.

කෙසේ වෙතත්, ඉදිරි ප්‍රහාර පිළිබඳ විදේශීය බුද්ධි අංශ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් තමා නොදැන සිටි බවට සිරා තර්ක කළේ, ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට ඉස්ලාමීය මූලධර්මවාදයට එරෙහිව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එසේ මූලික උපදෙස් දී තිබූ නිසා විය හැකිය.

මිලියන 22 ක ජාතියක් හිඟන්නන් බවට පත් කිරීම සහ අපගේ වර්තමානය සහ අනාගතය කොල්ලකෑම උදෙසා ගෝරා සිදු කළ කාර්යභාරය, සිරාගේ රාජකාරි පැහැර හැරීමට වඩා ලිහිල් අපරාධයක් සේ සැලකෙන්නේ අහවල් හේතුවක් නිසා ද?

මේ විහිළු ගැන මඳක් සිතා බලන්න.

සිරා සම්බන්ධයෙන් එසේ වුව ද, [මෙහි මින් පසුව ‘ගෝරා’ යයි හඳුන්වනු ලබන] ගෝටාබය රාජපක්ෂ හිටපු ජනාධිපතිකාරයා තවමත් නිදහස් මිනිසෙකු වන අතර ඔහුගේ පෞද්ගලික නිවස කමාන්ඩෝ භටයින් 100 දෙනෙකු විසින් ආරක්ෂා කරනු ලැබේ. ඔහු රටට සිදු කළ දැවැන්ත විනාශය ගැන ඔහු පසුතැවෙන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සිරා වැරදිකරු විය. නමුත් ජාතියම විනාශ කළ රාජපක්ෂලාට කමාන්ඩෝ භටයන් විසින් ආරක්ෂාව සපයනු ලැබේ.

තවත් විහිළුවක් නම්, ගෝරා ඇතුළු ඔහුගේ සමහර සහචරයෝ ගෝරාගේ පරිපාලන කාලය ගැන පුරසාරම් දෙඩීමයි. ගෝරාගේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නමැත්තා විසින් පොතක් ද ප්‍රකාශයට පත් කර ඇත.

මිලියන 22 ක ජාතියක් හිඟන්නන් බවට පත් කිරීම සහ අපගේ වර්තමානය සහ අනාගතය කොල්ලකෑම උදෙසා ගෝරා සිදු කළ කාර්යභාරය, සිරාගේ රාජකාරි පැහැර හැරීමට වඩා ලිහිල් අපරාධයක් සේ සැලකෙන්නේ අහවල් හේතුවක් නිසා ද?

රාජපක්ෂ සුනඛ රැළ කොවිඩ්වලට කොතෙක් බිරුවත්, කොවිඩ් නිසා දරුණුම ලෙස පීඩාවට පත් වූ රටවල්වල ආර්ථිකය පවා, වසංගතය පහව ගිය විට ඉලක්කම් දෙකකින් ඉදිරියට ආවා මිස කඩා වැටුණේ නැත.

ජාතික ආර්ථිකයට බරපතල ඍණාත්මක ප්‍රතිවිපාක ඇති වූයේ, ඒ ගැන වගේ වගක් නැතිව, ගෝරා විසින් හොඳින් හිතාමතා ගන්නා ලද තීරණ නිසාය. ඒවායින් ඇති වන ප්‍රතිවිපාක පිළිබඳව අනාවැකි පළ විය. ආර්ථිකය කඩා වැටීමට හේතු වූයේ ගෝරාගේ අමන තීරණ නොවේ නම් කිසියම් අනපේක්ෂිත බාහිර බලපෑමක් ද? නැත.

රාජපක්ෂ සුනඛ රැළ කොවිඩ්වලට කොතෙක් බිරුවත්, කොවිඩ් නිසා දරුණුම ලෙස පීඩාවට පත් වූ රටවල්වල ආර්ථිකය පවා, වසංගතය පහව ගිය විට ඉලක්කම් දෙකකින් ඉදිරියට ආවා මිස කඩා වැටුණේ නැත. කොවිඩ් නිසා ඒ රටවල්වල දේශීය කෘෂිකාර්මික අංශය බිඳ වැටුණේ නැතත්, අපේ රටේ පමණක්ම එසේ වූයේ, අමන ගෝරාගේ අනිවාර්ය කාබනික පොහොර උමතුව නිසාමය.

ගෝරා රටේ ආර්ථිකය විනාශ කළ හැටි..

ගෝරාගේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ තවත් අවස්ථා කිහිපයක් සලකා බලන්න.

ගෝරාගේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි විසි කළ ව්‍යාපාරික පන්තියේ ජඩයන්ගේ අභිමතය පරිදි ඔහු විසින් හඳුන්වා දෙන ලද දැවැන්ත බදු සහන පැකේජය නිසා රජයේ ආදායම රුපියල් බිලියන 800 කින් අහිමි වී දැඩි මූල්‍යමය අර්බුදයකට මග පෑදුණි. එය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් රටේ ස්වෛරීත්වය පහත හෙළනු ලැබීමට තුඩු දුන් අතර, අවසානයේ දී ණය ගෙවීම් පැහැර හැරීමට සිදු විය.

දෙවනුව, ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීම එක රැයකින් සිදු වූවක් නොවේ. සියල්ල ආපස්සට ඇද නිවැරදි කර ගැනීමට ඕනෑ තරම් වේලාව තිබුණි. ඒ වෙනුවට, IMF වෙත යාම ප්‍රතික්ෂේප කළ ගොරාණ්ඩුව, ඇමරිකානු ඩොලර් මිලියන 500 ක අවසාන විදේශ සංචිතයෙන් ද [හිතවතුන්ගේ] ණය ගෙවා දැම්මේය.
එක්සත් ජනපද ඩොලරයට නොසරිලන රුපියල් අගයක් පවත්වා ගෙන ගිය අතර පසුව රුපියල පා වෙන්නට හැරියේය. සති දෙකකින් ඩොලරයට තිබූ එහි වටිනාකමෙන් 70% ක් අහිමි විය.
ආර්ථික විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ පහසුකමකින් රුපියල කළමනාකාරීව පාවීමට ඉඩ සලසා එහි අගය ආරක්ෂා කර ගැනීමට ඉඩ තිබුණි. ඒ වෙනුවට, ගෝරා හා ඔහුගේ සහචර ආර්ථික උපදේශකයන් ඒ කිසිවක් නොකොට, අධි උද්ධමනය අවුළුවා, සති කිහිපයක් ඇතුළත මහජනතාවට ජීවිත කාලයටම තිබූ ඉතුරුම් නැති කර දැමුවේය.
තුන් වෙනුව, දේශීය කෘෂි විශේෂඥයන්ගේ ඥානාන්විත උපදෙස්වලට එරෙහිව ගෝරා රසායනික පොහොර තහනමක් ගෙන ආවේ ඔහුගේ කඩතොළු වූ මානසිකත්වය නිසාය. එම තහනම දේශීය කෘෂිකාර්මික අංශය විනාශ කර, ගොවි බිම් පාළු කර, ගොවි ජනතාව පෙර නොවූ විරූ දරිද්‍රතාවයකට ඇද දැමීය.

ගෝරා සිදුකළ තවත් ආත්මාර්ථකාමී ජඩකම්..

හතර වෙනුව, රටට සිදු වූ තවත් ආත්මාර්ථකාමී ජඩකම් කිහිපයක් සලකා බලමු.

(මෙහි මින් පසුව “බටලන්දේ රනිල්” යයි හඳුන්වනු ලබන) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ තමන් පුම්බා ගැනීමේ නිදහස් දින සැමරුම සඳහා රුපියල් මිලියන 200 ක් (ඇමරිකානු ඩොලර් 500,000) නාස්ති වීම ගැන විරෝධය පළ කළ පිරිස්වල අවධානය, ගෝරා අහිමි කර ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මිලේනියම් චැලේන්ජ් ප්‍රදානයට ද යොමු විය යුතුය.

මේවා ආර්ථික අපරාධ නොවේ ද? ඇත්ත වශයෙන්ම මේවා අදූරදර්ශී දේශපාලන ගණනය කිරීම් මත ජාතියේ අරමුදල් ගසාකෑමේ අභිලාෂයෙන් හිතාමතා සිදු කළ ජඩ වැඩ වේ. මේවා ලෝකයේ වෙනත් රටවල දී නම් උසාවියේ දඬුවම් ලැබිය හැකි අපරාධයන්ය. මේ බලන්න.

එමෙන්ම ජපානයේ ඩොලර් බිලියන 1.5ක අරමුදල්වලින් සිදු කිරීමට ගිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටෙව්වේ ගෝරාය. අතහැර දැමූ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ වියදම් සඳහා අප රට දැන් ජපාන කොන්ත්‍රාත්කරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් ණය ගැතිව සිටී.
මේවා ආර්ථික අපරාධ නොවේ ද? ඇත්ත වශයෙන්ම මේවා අදූරදර්ශී දේශපාලන ගණනය කිරීම් මත ජාතියේ අරමුදල් ගසාකෑමේ අභිලාෂයෙන් හිතාමතා සිදු කළ ජඩ වැඩ වේ. මේවා ලෝකයේ වෙනත් රටවල දී නම් උසාවියේ දඬුවම් ලැබිය හැකි අපරාධයන්ය. මේ බලන්න.

රුපියල් මිලියන 800 ක ජනතා වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද නිල නිවසකට  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිකාරයා පසු ගිය දා පදිංචියට ගියේය. එය ජාතියේ දරුවන්ට කාර්මික විද්‍යාලයක් හදා දීමට ප්‍රමාණවත් මුදලකි

වෙනත් රටවල් දුන් දඬුවම්..

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින්ගේ බාල සොහොයුරිය වන හිටපු අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා, ඇමරිකානු ඩොලර් බිලියන 8 ක් රජයට අහිමි කළ සහල් සහනාධාරයක් සඳහා සාපරාධී නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් වැරදිකාරිය වී වසර පහක සිර දඬුවමකට යටත් වූවාය.

බ්‍රසීලයේ, ලූලාගේ අනුප්‍රාප්තිකයා වූ ඩිල්මා රූසෙෆ්, රජයේ ණය පිළිබඳ ගණන් හිලව් හොරට සෑදීම සම්බන්ධයෙන් දෝෂාභියෝගයට ලක් විය.

ශ්‍රී ලංකාවේ රාජපක්ෂලා තම ජඩකම්වලට වග කියනවා වෙනුවට, මහජන නැගිටීමකින් රාජපක්ෂ සුනඛවංශය බලයෙන් පහ කළ පසුවත්, තිරය පිටු පස සිට රට පාලනය කරති.

රුපියල් මිලියන 800 ක ජනතා වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද නිල නිවසකට (මෙහි මින් පසු ‘මරා’ යනුවෙන් හඳුන්වනු ලබන) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිකාරයා පසු ගිය දා පදිංචියට ගියේය. එය ජාතියේ දරුවන්ට කාර්මික විද්‍යාලයක් හදා දීමට ප්‍රමාණවත් මුදලකි

ඇතැමුන් කියන්නේ ගෝරාට කඩා වැටුණු ආර්ථිකයක් ලැබුණ බවයි. එය අර්ධ වශයෙන් සත්‍ය විය හැක. නමුත් එය රට අගාධයටම ඇද දැමීම සඳහා නිදහසට කරුණක් නොවේ.

ගෝරාට කඩා වැටුණු ආර්ථිකයක් ලබා දුන්නේ කවුරුන් ද යන ප්‍රශ්නය එවිට මතු වේ. එසේ නම් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිකාරයන් වැරදිකරුවන් වේ.

2009 දී ආපසු පවරා ගැනීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 400 කට ආසන්න පාඩුවක් ලබා ඇත.ඒ හා සමානවම, චීන ණයවලින් බොහොමයක් අතාර්කික හා විකාර ව්‍යාපෘති වෙනුවෙන් නාස්ති කරන ලදී.

මරා තරම් කිසිවෙක් මේ තරම් රටට වින කළේ නැත..

කෙසේ වෙතත්, සමීපව බැලූ විට පෙනී යන්නේ මරා තරම් වෙනත් කිසිදු පාලකයෙකු මෙතරම්ම අමු අමුවේ රටට වින කර නැති බවයි.

මරා ජනාධිපතිකාරයා ලෙස තේරී පත් වූ විට 750,000 ක් වූ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.5 දක්වා ඉහළ නැංවූ අතර ඒ ගැන පුරසාරම් ද දෙඩුවේය. ඒ නීච ක්‍රියාව සිදු කළේ අමතර ඡන්ද ලක්ෂ කිහිපයක් සඳහාය.

මරාගේ පරිවාර හැතිකරයක් නංවා ගැනීමට එවකට සිටි එමිරේට්ස් කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කිරීම නිසා ආත්මාර්ථකාමී මරා ශ්‍රී ලංකන් ගුවන් සේවය ජනසතු කළේය. පසුව ඔහු එම ලාභදායී ගුවන් සේවය ඔහුගේ පක්කලියෙකුගේ සහෝදරයෙකුට භාර දුන් පසු එය නැත්තටම නැති විය.

මරාගේ තවත් සුරතල් ව්‍යාපෘතියක් වන මිහින් ලංකා සමාගම රුපියල් බිලියන ගණනින් අඛණ්ඩව පාඩු ලැබීම නිසා වසා දැමිණි.

මරාගේ පූර්වගාමියා හා පසමිතුරියක වන චන්ද්‍රිකා කුමාරතුංග විසින් නිවැරදිව විස්තර කළ පරිදි මහින්ද රාජපක්ෂ යනු “රටේ වෙදෙකි.” ඒ මිස රටක ආර්ථික තීරණ ගැනීමට තරම් බුද්ධියක් ඇත්තෙකු නොවේ.

කෙසේ වෙතත්, පක්ෂපාතීත්වයේ කුසලතාව මත මරා විසින් තෝරා ගන්නා ලද උපදේශකයින් බොහෝ දෙනෙකුට මරාගේ අමන තීරණවල භයානකකම ගැන ඔහුට තේරුම් කර දීමට නොහැකි විය.

2009 දී ආපසු පවරා ගැනීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 400 කට ආසන්න පාඩුවක් ලබා ඇත.

ඒ හා සමානවම, චීන ණයවලින් බොහොමයක් අතාර්කික හා විකාර ව්‍යාපෘති වෙනුවෙන් නාස්ති කරන ලදී. රාජපක්ෂලාගේ සොරාකෑමේ මනදොළ සපුරා ගැනීමේ අභිප්‍රාය නිසාම සිදු කළ, ඩොලර් බිලියන 12 ක චීන ණය ආධාර ව්‍යාපෘතිවල සැබෑ ආර්ථික ප්‍රතිලාභ මොනවා දැයි ආර්ථික විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කළ යුතුය.

මේ ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ..

ජාතිය විනාශ කළ අදක්ෂ චෞර පාලනයක් ශ්‍රී ලාංකිකයන් විසින් නෙරපා හරිනු ලැබුව ද, ඉතිරි වූ දූෂිත පාලකයන් කිහිප දෙනෙකුගේ අමන ක්‍රියා කලාපය නිසා ජනතාවට දිගින් දිගටම දුක් විඳීමට සිදුව තිබේ.

ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ සිටින අතර දූෂිත ආණ්ඩුව විසින් ඔවුන් ආරක්ෂා කරනු ලැබේ. ඔවුන්ගේ වග වීම පිළිබඳව නීතිය අතට ගැනීමට ජනතාවට නුපුළුවන. ඔවුන් වග කිව යුත්තන් කිරීම වත්මන් ආණ්ඩුවේ, විශේෂයෙන්ම අධිකරණයේ යුතුකමයි.

බටලන්දේ රනිල්ගේ කෙරුවාව..

එහෙත් [මෙහි මින් පසුව “බටලන්දේ රනිල්” යනුවෙන් හඳුන්වනු ලබන] රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා පවසන්නේ, තවමත් පිටු පස සිට බලය ක්‍රියාත්මක කරන තම පූර්වගාමීන් විසින් විනාශ කරන ලද රට ගොඩගැනීම තමාගේ ප්‍රමුඛතාවය බවයි. පසු ගිය ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වගවීම පසුව කළ හැකි යයි බටලන්දේ රනිල් කියයි. නැත, දෙකම එක වරම කළ හැකිය. එමඟින් මහජනතාව, නීත්‍යානුකූල ආයෝජකයින්‍‍, සහ සහනයක් දීමට බලා සිටින බැඳුම්කර හිමියන් තුළ එයින් යම් තරමක විශ්වාසයක් ඇති කළ හැකිය. බටලන්දේ රනිල් එසේ කළහොත් ඔහුගේ ජනමත-විරහිත දුරාචාර නායකත්වයට යම් පිළිගැනීමක් වුව ලැබෙන්නට පුළුවන.

එසේ වුව ද, තිත්ත-ඇත්ත නම් බටලන්දේ රනිල් මොනවා කළත් මේ රටේ ජනතාව ඉදිරියේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් වැරදිකරුවන්ය. හිතාමතා හෝ නොදැනුවත්ව හෝ ඔවුන් ආරක්ෂා කරන ඕනෑම අයෙකු ඒ නිසාම අපකීර්තියට පත් වේ. පවතින අර්බුදයෙන් රට ගොඩ ගෙන ඒමට අවශ්‍ය දැඩි ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ හරහා රට මෙහෙයවීමට සදාචාරාත්මක අයිතියක් හෝ දේශපාලන නීත්‍යානුකූලභාවයක් එවැනි කිසිවකුට ඇත්තේ නැත.

– 2023 පෙබරවාරි 16 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Ranga Jayasuriya ලියූ, “Some people are more than equal: How come Gota is still at large?” නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ – ආනන්ද

LankaeNews වෙතිනි.

Archive

Latest news

Related news