Saturday, April 27, 2024

රනිල් රාජපක්ෂ ගේම මුද්‍රණාලයාධිපතිනියගෙන්: තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ බව නිව්ස් පස්ටි වාර්තා කරයි.

ඊට හේතුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව මුදල් නොලැබීම බව කියවේ.

තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිත් වූයේ මේ මස 22, 23 සහ 24  දිනවලය. ඒ සඳහා අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත සැපැයිය යුතු අවසන් දිනය ඊයේ වූ අතර  තැපැල් ඡන්ද පත්‍රිකා නොසැපයූ මුද්‍රණාලයාධිපතිනිය සමස්ථ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා යන පිරිවැය රුපියල් මිලියන 410.6 ක මුදල ඉල්ලා මැතිවරණ කොමිසමට අද ලිපියක් යවා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ වත්මන් පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වන ආචාර්‍ය චර්ත හේරත් සඳහන් කරන්නේ මුද්‍රණාලයාධිපතිනිය මුදල් ඉල්ලා සිටිය යුත්තේ මැතිවරණ කොමිසමෙන් නොව අදාළ අමාත්‍යාංශය වන ජන මාධ්‍ය අමාතයාංශයෙන් බවය.

මැතිවරණ කොමිසටම ගංගානි කල්පනී ලියූ ඒම ලිපියේ මැතිවරණයට අදාළ නොවන 23 දියට කල් දමා ඇති හිටපු ජෙනරල්වකුගේ නඩුවද සඳහන් කර තිබේ. ශ්‍රේෂ්ධාධීකරණය මැතිවරන ය ඉදිරියට කර ගෙන යෑමට අවසර දී තිබියදී එවැනි නඩුවක් සිය ලිපියට දමා ගැනීමෙන් පෙනෙන්නේ ගංගානි කල්පනී ගේ කල්පනාවේ අවුලකි.

රජයේ මුදුණ කටයතු වලදී සාමන්‍යයෙන් මුදල් ගෙවන්නේ එම කාර්ය සම්පූර්ණ කිරීමෙන් පසුය. රජයේ ආයතන රජයේ තවත් ආයතනයන්ට ණය වීම මෙරට සමාන්‍ය දෙයති. මුද්‍රණලය ද වැඩ කිරීමට පෙර මුදල් ඉල්ලන්නේ නැත. මෙය පැහැදිළිවම රනිල් රාජපක්ෂගේ කුපාඩි කමකි.

ඇයගේ  මෙම ලිපිය අභූතයක් බව ජාතික සාම සම්මේලනය අද නිකුත් කළ ප්‍රකාශයක දැක්වේ.

පලාත් පාලන මැතිවරණය කිසිසේත් නොපවත්වන බවට රනිල් රාජපක්ෂ හෙංචයියෝ මේ දිනවල උඩ පනිමින් සිටිති.

උඩ  පැන්නොත් බිම වැටීම කීමට දෙයක් නොවේ.

පලාත් පාලන මැතිවරණය සඳහා උනන්දුවෙන ්බලා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයා විහිළුවට ගැනීමට රනිල් රාපක්ෂට හෝ ගංගානීට නොහැක.

පලාත් පාලන මැතිවරණය කල්දැමුව හොත් සියලු විරුද්ධ පක්ෂ සමඟ එක් වී ඊට විරුද්ධව සටන් කරන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබේ

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news