Friday, April 19, 2024

සත්ව අයිතීන් සහ පරිසරයට වින කටින ඩයනාගේ කැලෑ නැටුමට විරෝධය

එළඹෙන පෙබරවාරි 17,18, 19 දිනවල එංගලන්ත ජාතික සංචාරක නියෝජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් සූදානම් කර ඇති කැලැ නැටුම පරිසරවේදීන්ගේ විරෝධයට හේතු වී තිබේ.

මෙම කැලෑ නැටුම සංවිධානය කර ඇත්තේ හබරණ  ව්‍යාපාරික වන සුමුදු සමන් නම අයෙක් බවත් එය හබරණ ඝන කැලෑව තුලපැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් වෙබ් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙය නම්කර  ඇතතේ ” jungle electronic music festival”  යනුවෙනි.

හුදෙක්ම මුදල් හම්බ කාර ගැනීමේ ව්‍යාපෘතියක් වන මෙම කැලෑ නැටුමට පොළොනන්රුව වන ජීවී කාර්යාලය විසින්ද අවසර දී තිබේ.

අධික ශබ්ද ඇති කරන මෙවැනි  ඉලෙක්ට්‍රොනික සංගීක සංදර්ශනයක් මගින් හබරණ කැලෑවෙහි ජීවත්වන සියළූම සතුන්ට මහතා ශබ්ද හානියන් සිදු කරනු ඇත.

එවැනි මහා ශබ්ද නිසා කුරුල්ලන්ට සිය දිසාව සොයා ගැනිමට බැරිවන අතර ඉතා සංවේදී ශ්‍රවන ඉන්ද්‍රිය ඇති සියලුම සතුන්ට මහත් කරදරයක් බවට පත් වනු ඇත

මේ පිළිබඳව  අදහස් දක්වන ටිවිටයකු කියා සිටන්නේ හරි හමන් අධ්‍යපන සුදුසුකම් නැති සංචාරක ඇමැති ඩබලගෙන් මීට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකි බවයි.

සංචාරක ඇමති හරීන ් ප්‍රනාන්දු පිෆා ලෝක පාපන්දු තරඟ නැරඹීමට සංචාරකයින් මිගමුවට ගෙන එන බවට නැටූ නැටුමද අවසාන වූයෙ ්නැටූ නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති විදිහටය.

එසේ නමුත් ඩයනාට මෙම කැලෑ නැටුම නැටීමට ඉඩ දුන හොත් ඉන් සංචාරක ව්‍යාපාරයට පවා බලවත් හානියක් විය හැකි බව කියැවෙන්නේ සත්ව හිංසනය යුරෝපා රටවල මහත් වරදක් ලෙස සළකන බැවිනි.

(SLB)

 

 

Archive

Latest news

Related news