ඡාායරූපය: මෙම රාජපක්ෂවරු දෙදෙනාම මෙම භයානක තත්වයට වග කිව යුතුය.
ඖෂධ, ශල්‍ය උපකරණ සහ රසායනාගාරවල භාවිත කරන රසායනික ද්‍රව්‍ය හිඟය පිළිබඳව දැන්වත් අවධානය යොමු නොකළහොත් සති කිහිපයකින් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය හා දැඩි විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (CAISL) සභාපති බ්‍රහස්පතින්දා සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අනෝමා පෙරේරා මහත්මිය පවසා තිබේ.
මෙරට සෞඛ්‍ය සේවය අතිශය කණගාටුදායකට තත්වය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බෞතීස්මය ලබා, රාජපක්ෂවරුන්ගේ ජනාධිපති වී මාස හයකුත් ගතවී තිබිය දීය.
අත්‍යවශ්‍ය ඹෟෂධ ගෙන්වීමට යොදා ගත හැකිව තිබූ රුපියල් මිලියන 200ත් රනිල් රජපක්ෂටග් සිගිති ආතල් වෙනුවෙන් පසුගිය 04දා වැය කරන ලදී.
ඹෂධ නැති නමුත් මෙරට ජනයාගේ අයිතීන් මර්දනය කිරීමට රනිල් රාජපක්ෂ අත දැග හැර පොලිසියට මුදල් දෙයි.
සෞඛ්‍ය සේවය රැකගැනීමට යැයි සිය උදර පෝෂනය සදහා කෙළ හැලූ වෘත්තීය සමිති නායකයකුද රනිල් රාජපක්ෂගේ බැල මෙහෙවරට එක් වූ නමුත් මෙරට ජනයාගේ සෞඛයට ඒල්ල වී ඇති මේ අනතුර හමුවේ දැන් කෙළ බිඳක් හෝ නොහෙළයි.
රනිල් රාජපක්ෂගේ ඇන්ජීඔ් නඩයද නිහඬය.
අනෝමා පෙරේරා මහත්මිය තව දුරටත් පවසා ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරුන් භාවිත කළ අත්‍යාවශ්‍ය ඖෂධ බොහොමයක් අවසන් වී ඇති බවයි. වෛද්‍ය සැපයුම් අංශයේ එම ඖෂධ තොග බිංදුවට බැස ඇි බවත් ඇය පවසා තිබේ.
“වේදනා නාශක හෝ දේශීය නිර්වින්දනය සඳහා භාවිත කරන ඖෂධ නැහැ. මෙය හැම අංශයකටම බලපානවා. අපට හදිසි සේවා, සහ සිසේරියන් සැත්කම් පවත්වාගෙන යාමට නොහැකි වේවි. මේක රජයේ රෝහල්වල විතරක් තත්ත්වයක් නෙවෙයි, ඖෂධ හිඟය හැමෝටම බලපානවා,”
“තවමත් අක්‍රමිකතා සහ වැරදි කළමනාකරණය එලෙසමයි. ඒ නිසාත් ද අර්බුදය වේගවත් කරයි. ඉදිරි මාස කිහිපය තුළ සෞඛ්‍ය අංශයට වඩාත් හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට බල කෙරෙන්න පුලුවන්” යැයි ඇය තවදුරටත් පවසා තිබේ.
රසායනාගාරවල භාවිතා කරන ඖෂධ, ශල්‍ය උපකරණ සහ රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතාද, ඒම පුවත්පත් සාකච්ඡාවට ඒකවෙමින් පවසා තිබේ..
මෙම ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඔහු පවසා ඇත.
“2022 අප්‍රේල් මාසයේදී අප හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට 2023 පළමු කාර්තුව වන විට බරපතල අර්බුදයක් ඇති වන බව දන්වා සිටියා. හිඟ කළමනාකරණය සඳහා අපි වෛද්‍යවරුන් සමඟ ද කටයුතු කර තිබෙනවා. රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩා වැටීමක් සිදු නොවීමට වගබලා ගැනීමට උපරිමයෙන් කටයුතු කර තිබෙනවා, ” යැයිද ඔහු පවසා ඇත.
“පසුගිය මාස 18 තුළ අප මතුවෙමින් තිබෙන තර්ජන ගැන නිලධාරීන්ට කියනවා. අපි රටින් පිට සිටින ශ්‍රී ලාංකිකයන් වෙතද උපකාර පතා අප ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තාවකාලික පැලැස්තර පියවර ප්‍රමාණවත් නැහැ. මෙය හදිසි තත්ත්වයක් බව රජය හඳුනාගෙන කඩිනම් පියවර ගත යුතුයි. එහෙම නොවුණොත් අපි බරපතළ අමාරුවක වැටෙනවා,” ඔහු තවදුරටත් පවසා තිබේ.
මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත්තේ බොහෝ රෝහල්වල මූලික රුධිර පරීක්ෂණ සිදු කිරීමටවත් පහසුකම් නොමැති බවයි.
“සමහර රෝහල්වලට x-ray මුද්‍රණය කරන්නවත් බැහැ. ඔවුන් රෝගීන්ගෙන් ඉල්ලා සිටින්නේ සීඩී තැටියක් ගෙන එන ලෙසයි, එවිට ඔවුන්ට එහි පින්තූර ඒවාට දාන්න පුලුවන්”
කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසා ඇත්තේ රජය ඉන්දීය ණය මාර්ගය ප්‍රශස්ත ලෙස භාවිත කර නොමැති බවයි.
වෛද්‍ය අංශයේ නියෝජිතයින් සමඟ සතිපතා රැස්වීම් පවත්වා ඔවුන්ගේ අදහස් ලබා ගන්නා ලෙස SLMA රජයෙන් ඉල්ලා ඇති අතර, අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම පමණක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.
ලියාපදිංචි නොකළ ඖෂධ රැසක් ඉන්දීය ණය මාර්ග ඔස්සේ ද පැමිණෙන බව මහාචාර්ය ගලප්පත්ති සඳහන් කළා.
“අඩු ප්‍රමිතියෙන් යුත් බෙහෙත් ගෙනාවොත් මේක මහා විනාශයක්. අප අමාත්‍යාංශයට නිර්දේශ ලබාදී තිබෙනවා. අප මධ්‍යගත ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. එවිට අපට ලැබී ඇති දේ සහ අවශ්‍ය දේ සෑම දෙනාම දන්නා බව ඇය පැවසුවාය.
මේ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසෙ තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවද ඔහු පවසා තිබේ.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කර ඇත්තේ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන ඖෂධවලින් 80%ක් ලියාපදිංචි කර නොමැති බවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මෙම ගැටලුවට වගකිව යුතු බවට ඔහු චෝදනා කරය තිබේ.
12වන දිව පුවත්පත් වාර්තා කරන්නේ ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවයි.
එම තත්ත්වය සලකා බලා ඇතැම් සැත්කම් ටික කලක් ප්‍රමාද විය හැකිදැයි සොයා බලන ලෙස අමාත්‍යාංශය රෝහල් අංශයට දැනුම් දී ඇති බව ඔහු පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති නමුත් සමාජ භාවිතයක් ලෙස හදිසි නොවන සියලුම සැත්කම් සීමා කර ඇති බවයි.
සෞඛ්‍ය ඇමති වන කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දීය ඹෟෂධ ජාවාරම්කරුවකුගේ ආරාධනයෙන් සහ මුදලින් චෙන්නායි හි රැය දෙකක් ගත කිරීමට ගොස් තිබුණේ ද නිල නොව මාර්ග වලින් ඹෟෂධ ගෙන්වීම පිනිසය. එම සංචාරය ඹෟෂධ ජාවාරම්කරුවන්ට කත් ඇදීමක් බවට චෝදනා එල්ල වුනි.
මෙම භයානක තත්වය ගැන කෙහෛළිය රඹුක්වැල්ල නිහඩය.