Thursday, April 25, 2024

දෙමළ ශිෂ්‍ය ව්‍යාපාරය සටන් මඟට: නිදහස සඳහා විරෝධතා පාගමන තුන්වැනි දිනටත් ගමන් අරඹයි. ( ඡායාරූප කතාව)

විරෝධතා ගමන මෑතදී පිහිටුවා ඇති බෞද්ධ විහාරයක් පසු කර ගමන් ගන්නා ඡායාරූපය ඇතුලු සියලු ඡායාරූප කුමනන් @kumanan93 ගෙනි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් එක්ව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙස බල කරන විරෝධතා පාගමන අද තුක්වන තුන්වන දිනටත් ගමන් ඇරඹීය.

හමුදා වාඩිලාගැනීම් අවසන් කරනු!

මෙම විරෝධතා පාගමන යාපනය සිට මඩකලපුව දක්වා සිදු කෙරේ.

යාපනය සිට කිලිනොච්චිය දක්වා  ගමන් කිරීමට නියමිත පාගමන, 04 දා කිළිනොච්චිය කරා ළගා වූ අතර 05 වැනිදා කිලිනොච්චියේ සිට මාන්කුලම දක්වා ගමන් කළේය. ුද එය මාන්කුලම සිට මුලතිව් දක්වා ද, හෙට මුලතිව් සිට මඩකලපුව දක්වාද ගමන් කරනු ඇත.

“ස්වයං තීරණය අපේ අයිතියයි”

ආක්‍රමණිකයින්  “දෙමළ නිජභූමියෙ”න් ඉවත් වන ලෙස කරන ලෙස ඉල්ලා සිටීම විරෝධතාවයේ මූලික තේමාවයි.

රැළිය තේරාවිල් හරහා ගමන් කරද්දී විරෝධතාකරුවන් තෙරවිල් තුයිලුම් ඉලම් වෙත ගිනි දල්වා දෙමළ විමුක්ති අරගලයේ දිවි පිදූවන්ට ගෞරව දැක්වූහ.

විරෝධතාකරුවන් වඩ්ඩුවක්කල් පාලම හරහා ගමන් කළ අතර, මෙය දශකයකට පෙර බොහෝ දෙමළ පවුල් සිය ආදරණීයයන් ශ්‍රී ලංකා හමුදාවට භාර දුන් ස්ථානයකි.

හැකි සෑම පුද්ගලයෙකුටම විරෝධතා පාගමන වෙනුවෙන් එක්වන ලෙසටදයාපනය විශ්ව විද්‍යාල හා නැගෙනහිර විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතන් විසින් ඉල්ලීම් කරන ලදී.

පසුගිය පෙබරවාරි 04 දිනය කලු විරෝධතා දිනයක් ලෙස නම් කළ දෙමළ සිවිල් සහ  දේශපාලන පක්ෂ යාපනයේ ඉතා සාර්ථක  හර්තාලයක් ද පැවැත් වූහ.

ඊට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලයේ කළු කොඩි ඔසවන ලදී.

පා ගමනට විශාල ජන සහභාගිත්වයක් ලැබුණි.

කළු නිදහස් දින විරෝධතා පාගමන හා විරෝධතා වැඩසටහන් වෙනුවෙන් තමන්ද එක් වන බවට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන ගණනාවක්ම සපථ කර තිබේ.

විරෝධතාකරුවෝ හමුදා කඳවුරක් පසු කර යමින්

‘කළු නිදහස් දිනයක්’ පැවැත්වීමට මූලිකත්වය ගත්තේද යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයි.

පසු බිමෙහි පෙනෙන්නේ රාජපක්ෂ සමයෙහි ඉදි කරන ලද දැවැන්ත යුද හමුදා ස්මාරකයකි.

උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වයං පාලනයක් ලබා ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටලුවට ස්ථිර විසදුම් ලබාදීම හා ආරක්ෂක අංශ සතුව පවතින උතුරු නැගෙනහිර සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම යන කාරණා සඳහා ස්ථිර විසදුම් ඉල්ලමින් තමන් මෙම විරෝධතා පවත්වන බව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය කියා සිටියේය.

විරෝධතා පා ගමන වීඩියෝ ගත කළ නිල් පැහැති කමීසයක් හැඳ සිටින මේ පුද්ගලයා තමන් හිරු රෑපවාහිනියේ බව කියා සිටියේය. නමුත් යාපන ආරංචි මාර්ග කියන්නේ ඔහු පොලිස් බුද්ධි අංශ නිලධාරියකු බවයි.

මෙම විරෝධතා පා ගමන දෙමළ තරුණයින් අතර වර්ධනය වන සාමකාමී සටන්කාමිත්වය ප්‍රදර්ශනයවීමකැයි  යාපන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විරෝධතාවයට දෙමළ සන්ධානය සම්බන්ධ නැත.

(පුවත් වාර්තා ඇසුරිණි)


Archive

Latest news

Related news