Thursday, April 25, 2024

ශිරන්ති රාජපක්ෂ හිජාබ් පැළද ස්ත්‍රී ඝාතක ඉරානයේ ස්ත්‍රී සමුළුවක!

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති ‘බලපෑමේ කාන්තාවන් සඳහා වූ  ජාත්‍යන්තර සම්මේලනය’ට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහභාගී වී ඇති අතර අරුමය නම් මෙරට මුස්ලිම් ස්ත්‍රීන් හිජාබ් පැලදීමට විරුද්ධ වූ රාජපක්ෂ දේශපාලනය නියෝජනය කරන ඇය එහිදී හිජාබයක් පැළද සිටීමයි.

ඉරානයට යන ඕනෑම ස්ත්‍රියක් හිජාබයක් පැළදීම අනීවාර්ය වේ.

ඉරානය මෙම ව්‍යාජ සමුළුව පවත්වන ලද්දේ  ඉරානයේ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසම අති බහුතර ඡන්දයකින් තීරණය කිරීමෙන්  මාසයකට පමණ පසු ඊට ප්‍රතිචාරයන් ලෙසය.

ශිරන්ති රාජපක්ෂ සමඟ එම සමුළුවට සහභාගි වූ ඊනියා ආර්යාවන් පැමිණියේ රාජපක්ෂ ළකුණ වන දූෂනයෙන් සහ මර්දනයෙන් අගතැන් පත් රට වලිනි. ඒවා අතර බුර්කිනා ෆාසෝ, කිර්ගිස්තානය, සර්බියාව, ගිනියාව, නයිජර්, නයිජීරියාව, ශ්‍රී ලංකාව, සිරියාව, ටර්ක්මෙනිස්තානය සහ ආර්මේනියාව යන රටවල් ද විය.

2022 සැප්තැම්බර් 16 වන දින 22 හැවිරිදි ඉරාන කුර්දි ජාතික මහ්සා අමිනී නොහොත් ජිනා අමිනී ටෙහෙරානයේ රෝහලකදී පොලිස් පහර දීම් නිසා මිය යාමෙන් පසු ඉරානය පුරා හිජාබ් විරෝධී මහා ජන නැගිටීමක් සිදු විය.

22 හැවිරිදි ජිනා මහ්සා අමිනී අත් අඩංගුවට ගනු ලැබුණේ ප්‍රමාණවත් තරම් තදින් හිජාබයක් පැළඳ නොසිටීම හේතුවෙන් ඉරානයේ සදාචාරාත්මක පොලිසිය විසිනි.

ඇයගේ මරණය කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නීතිවලට එරෙහිව පැන නැගි ඓතිහාසික විරෝධතා ලෙයින් සහ යකඩින් මැඩලූ ඉරාන මුලධර්මවාදී රජය  19,000 අත්අඩංගුවට ගත් අතර සහ 500කට වඩා මරණයට පත් කළහ.තවමත් විශාල පිරිසක් අත්අඩංඟුවේ පසුවෙති.

ඉරාන පාලන තන්ත‍්‍රයේ කුහකකමේ එක් මිනුමක් නම්, අවිනීතභාවයේ වෙනුවෙන් එනම් හිජාබය නොපැළදීම  චෝදනාවට ලක් වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින් අත්අඩංගුවට ගෙන, පසුව ඔවුන්ට ලිංගික අතවර කිරීම මගින් එහි දැඩි  සදාචාර නීති ක්‍රියාවට නැගීමයි.

විරෝධතාවලට නායකත්වය දුන්නේ යැයි පොලිසිය විසින් අත්අඩඟුවට ගත් විසි හැවිරිදි කාන්තාවක්  රෝහලකට ගෙනැවිත් දමන ලද අතර ඇය ප්‍රචණ්ඩ ලෙස වධයට බදුන් කර, හිස මුඩු කර, ඇගේ ගුද මාර්ගය හරහා ලිංගික බලහත්කාරකම් කර තිබූ අන්දම අන්තර් ජාතික මාධ්‍ය වාර්යතා කළේය.

ශිරන්ති රාජපක්ෂගේ අත්පොලසන් මැද ඉරාන නායක අයතුල්ලා කමේනි මේසේ පවසා තිබේ.  “ගැඹුරු පීතෘමූලික බටහිර ධනේශ්වර ක්‍රමය මෙන් නොව, ඉස්ලාමයේ, පිරිමින් සහ ගැහැනුන් යන දෙදෙනාම ප්‍රමුඛ වන අතර නීතිමය, බුද්ධිමය, න්‍යායික සහ ප්‍රායෝගික වරප්‍රසාද ඇත. නමුත් බටහිරයන් අසත්‍ය ලෙස ඔවුන්ගේ සහජ පුරුෂාධිපත්‍යය ඉස්ලාමයට ආරෝපණය කරයි.”

ඉරාන ඉස්ලාමය ස්ත්‍රීන් සළකන අන්දම 2022 නොවැම්බරයේ දී මුලු ලොවම දැක ගත්හ. නිසි නඩු විභාගයකින් තොරව නැගිටීමට නායකත්වය දුන් ස්ත්‍රීන් ගෙල වැල ලා මරා දමන ලදී.

ශිරන්ති මෙම සමුළුවට ගියේ මර්දනකාරී ඉරාන රජයේ ආරාධනයකට අනුවය.

සේ පියවර්ධන.

 

Archive

Latest news

Related news