Thursday, April 25, 2024

තවත් තුරුම්පුවක් එළියට – ඡන්දේට සල්ලි නෑලු – මුදල් අමාත්‍යාංශ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

රාජ්‍ය ආදායම මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ මහින්ද සිරිවර්ධන දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බව ලංකා ට්රුත් වාර්තා කරයි.

මුදල් අමාත්‍යංශ ලේකම් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමිනි.

ඒ අනුව රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්වයක් නිර්මාණය වී ඇති බැවින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් සම්මත කරගෙන ඇති බවද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්වයක් නිර්මාණය වී තිබියදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවද ඒ හේතුවෙන් මෙරට ආර්ථික තත්වය වඩාත් අයහපත් තත්වයට පත්වනු ඇති බවද ඔහු සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර ඇත

එසේ නමුත් පෙබරවාරි 04 සඳහා මිලියන 200ක්ද මහින්ද රාජපක්ෂ නිවස අලුත්වැඩියාව සඳහා මිලියන 800ක් ද ඡන්දු ගඅනුඩු හාල් සඳහා මිලියන 2000ක් ද වෙන් කිරිමට රනිල් රාජපක්ෂ ආන්ඩුව දන්වා තිබේ.

මෑතිවරණය කල් දැමිය යුතු බවට රනිල් රාජපක්ෂ ආණ්ඩුව දිගටම කියමින් සිටී. මැතිවරණයකට මුහුණ දීමට සියලුම රාජපක්ෂ වරු බියෙන් සිටිති.

එසේ නමුත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මේ අතර පලාත් පාලන ඡන්දය කල්දැමුව ‌හොත් රට තුළ දේශපාලන අස්ථාවරතාවයක් ඇතිවිය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

 

 

Archive

Latest news

Related news