Thursday, March 28, 2024

අධිකරණයට වාර්තාවක්: පොලිසියට වලිගේ පෑගිලා! ලංකාවේ නැති නීතිඥයකුත් නීතිඥ විරෝධතාවයේ හිටියලු! 

ඡායාරූපය: විරෝධතාවයේ අවස්ථාවක්.

පසුගිය 18වන දින අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැත් වූ නීතිඥ විරෝධතාවයට  නායකත්වය දුන් බව කියන නීතිඥවරුන්  පිරිසක්   සම්බන්ධයෙන්   කෙසෙල්වත්ත  පොලිස්  ස්ථානයේ ප්‍රධාන පරීක්ෂක විසින් අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මේ වාර්තාවට අනුව මෙම විරෝධතාවය පවත්වන ලද්දේ නීතිඥ ගුණරත්න වන්නිනායක, නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ සේනක පෙරේරා සහ අරගල ක්‍රියාකාරීන් ගණනාවකගේ ප්‍රධානත්වයෙනි.

පුදුමයට  කරුණ නම් කෙටිකාලීන ශිෂ්‍යත්වයක් මත දැනට ජර්මනියට ගොස් සිටින නීතිඥ සේනක පෙරේරා ද මේ විරෝධතාවය සංවිධානය කළ බවට පොලිස් පරීක්ෂකගේ වාර්තාවය.

පොලිසියේ බුද්ධී තොරතුරු කාගේ හෝ ලැයිස්තුවක් මත සකස්වන්නේදැයි නීති අංශ ප්‍රශ්ණ කරති.

මාධ්‍ය  වාර්තා අනුව එදින 100කට අධික නීතීඥවරු පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලින් විරෝධතාව අරඹා නීතිපති දෙපාර්තමේන්තුව දෙසට ගමන් කළේ “දේශපාලන අවශ්‍යතා සඳහා ඇප නීති පාවිච්චි කරන්න එපා”, “අධිකරණයෙන් අත හරින්න”, “නවත්වන්න” වැනි සටන් පාඨ සහිත පුවරුද රැගෙනය. “අධිකරණයට නීතිපතිවරයාගේ අනිසි බලපෑම්”, “අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම”, සහ ‘අධිකරණය බිය ගැන්වීම නවත්වන්න’ යන පාඨ කියමීනි.

මෙවැනි විරෝධතා මෙයට පෙරද කොතෙකුත් ඇති වී තිබෙන පෙන්වා දෙන නීති අංශ සඳහන් කරන්නේ මෙය හුදෙක් බිය ගැන්වීමේ පියවරක් බවය.

Archive

Latest news

Related news