Thursday, April 18, 2024

ලංකාව චීනයේ යටත් විජිතයක්ද? “දලයි ලාමා ගේ ලංකා සංචාරය නවත්වන්න” – වීන තානාපති කාර්යාලය

ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා ශ්‍රී ලංකාවේ යෝජිත සංචාරයට විරුද්ධත්වය පළ කරන චීනය  බංකොලොත් ලංකාව  ද්විපාර්ශ්වික සබඳතාව ආරක්ෂා කළ යුතු බව පවසයි. මේ බව සඳහන් වන්නේ  තවමත් දින නියම කර නොමැති මෙම සංචාරයට විරෝධය පළ කිරීම සඳහා චීන තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරියෙකු මහනුවර මධ්‍යම නගරයේ ප්‍රබල බෞද්ධ නාහිමිවරුන් හමුවූ බවට තානාපති කාර්යාලය නිකුත් කරන ලද  නිවේදනයකය.

ස්වාධින රටක් වන ලංකාවට පැමිණිය හැක්කේ කවරකුට යන්න තීරණය කිරීමට චීනයට ඇති අයිතිය කුමක්දැයි දේශපාලන අංශ ප්‍රශ්න කරති. එහිමියන් දැනට ජීවත් වන්නේ ඉන්දියාවේය.

14 වැනි දලයි ලාමා තුමා ස්වකීය නිකම්ම භික්ෂුවක් නොවන බවත් ඔහු වැඩවසම් වහල් රාජ්‍යයේ ප්‍රධානියා බවත් වීන තානාපති කාර්යාලය පවසා තිබේ.  ටිබෙට් ස්වයං පාලන ප්‍රදේශය ඇතුළුව චීනයේ රජය සහ ජනතාව ඕනෑම විදේශ රටකට දලයි ලාමා කුමන නමකින් හෝ පිළිගැනීමට දැඩි ලෙස විරුද්ධ වන බව චෝදනා ලැබූ හූ වෙයි ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කිරීමට හමු වූ මහ නායන හිමිවරුන් කුලවාදය අනුු ස්වකීය නිකායන් පවත්වා ගෙන යන රදල වාදයේ නෂ්ඨාවශේෂයන් බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර නැත.

ස්වාධින රටක් වූ ටිබෙටය අල්ලා ගෙන සිටින චීනය එරට ජනතාවගේ ආගමික නිදහස සීමා කර තිබේ. පසුගිය කාලය පුරා ටිබෙටය‌ේ බෞද්ධ විහාර විශාල ගණනනාවක් චීන රජය විසින් විනාශ කළ බවට චෝදනා එල්ල විය.

චීන තානාපති කාර්යාලය 87 හැවිරිදි දලයි ලාමාව විවේචනය කර ඇත්තේ “දිගු කලක සිට චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නියැලී සිටින සහ ටිබෙටය චීනයෙන් වෙන් කිරීමට උත්සාහ කරන ආගමික චරිතයක් ලෙස වෙස්වලාගත් දේශපාලන පිටුවහලෙකු” ලෙසය.

මෙම මස මුලදී ඉන්දියාවේ බුද්ධගයාවේදී දලයි ලාමා මුණගැසුණු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුගේ රැස්වීමකින් පසුව, ප්‍රධාන වශයෙන් බෞද්ධ ජාතියක් වන මෙරටට පැමිණෙන ලෙස අධ්‍යාත්මික නායකයාට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය දලයි ලාමාගේ සංචාරයට විරුද්ධක්වය පළ කරන්නේ එම ණය ගැති බවද සඳහන් කරමිනි.

මෙම යෝජිත සංචාරයට රනිල් රාජපක්ෂ රජය ඉඩ නොදෙන බව දැනටමත් දන්වා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news