Friday, March 29, 2024

පාස්කු ප්‍රහාර තීන්දුව: සත්‍යය  සහ යුක්තිය තහවුරු කිරීමට ස්වාධීන, පරිපූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ස්ථාපිත කරන්න – එක්සත් ජාතීන්

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක ජෙරමි ලෝරන්ස්ගේ ප්‍රකාශය

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නියෝග කරමින් ලබා දුන් තීන්දුව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කාර්යාලය සැළකිල්ලට ගනිමින් සත්‍යය  සහ යුක්තිය තහවුරු කිරීම ඇතුළුව වින්දිතයන්ට පූර්ණ වන්දි ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් සහ තවත් හිටපු ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීමෙන් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ඒකමතිකව තීරණය කළ අධිකරණය වින්දිතයන්ගේ අරමුදලට පෞද්ගලිකව ගෙවන ලෙස නියෝග කළේය. එම වන්දියෙහි ආසන්න වටිනාකම එක්සත් ජනපද ඩොලර් 850,000 කි. රට පුරා දේවස්ථාන සහ හෝටල්වල සිදුවූ පිපිරීම් මාලාවෙන් පුද්ගලයන් 270 කට වැඩි පිරිසක් මිය ගියහ. ප්‍රහාර එල්ල වන අවස්ථාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ධූරයෙහි පවත්නා මුක්තිය නිසා ක්‍රියා කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබා දුන් තීන්දුවකින් සඳහන් කර තිබේ.

වින්දිතයින්ගේ සහ පවුල්වල දුක් වේදනා සහ වේදනාව වන්දි මුදලකින් කිසිදා මකා දැමිය නොහැකි  වුවද, මෙම තීන්දුව වින්දිතයින් විඳි හානිය හඳුනා ගැනීම සහ සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීම සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීමේ අරගලයේ පියවරක් සලකුණු කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටින්නේ වින්දිතයින්ට ප්‍රමාණවත් වන්දි ලබා දෙන ලෙසත්, අරමුදල් බෙදා හැරීමේදී වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ උපදෙස් ලබා ගන්නා ලෙසත් ය.

ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ “අධීක්‍ෂණය සහ ක්‍රියාකාරිත්වය නොමැතිකම” පිළිබඳව අධිකරණය සිය තීන්දුවේ “කම්පනය සහ කනස්සල්ල” ප්‍රකාශ කළේය. සවිස්තරාත්මක බුද්ධි අංශ වාර්තා  තිබියදීත්, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ඉහළ ආරක්ෂක නිලධාරීන් , ප්‍රහාරයන් ආසන්න බවට වාර්තා තිබියදීත් ප්‍රහාර වැලැක්වීමට අපොහොසත් වූ බවට අධිකරණය තීන්දු කළේය. .

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර කරන ලද විමර්ශනවල සම්පූර්ණ සොයාගැනීම් නිකුත් කරන ලෙසත්, ජාත්‍යන්තර සහාය ඇතිව සහ වින්දිතයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් යුතුව පසු විපරම් ස්වාධීන, පරිපූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ස්ථාපිත කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකා රජයට සිය නිර්දේශ නැවත අවධාරණය කරයි.

නිල පරිවර්ථනයක් නොවේ. පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

(OHCHR)

Archive

Latest news

Related news